යොහාන් භාසුර
ශ්‍රී ලංකා ආර්ථිකය මුදල්වලට වියදම් කරන ප්‍රමාණය සියයට 1.5 ක් වුවත් ඩිජිටල්කරණ හරහා සියලු ගෙවීම් කරන තත්වයට දියුණු කළ හොත් මුදල්වලට කරන විදයම අඩු කරගතහැකි බවත් එම ඩිජිටල්කරණය ඔස්සේම සියලුම ගනුදෙනුවල විගණනයක් කිරීමේ හැකියාව ද ලැබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා පැවසීය.
කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඉන්දික ද සොයිසා මහතා එසේ පැවසීය.
කිව්.ආර්. කේතයක් හරහා සියලුම ගෙවීම් කිරීම මේ වන විට සංචාරක කලාපවල ආරම්භ කර ඇති බව කී ඉන්දික ද සොයිසා මහතා ගාලු කොටුව හෝ පින්නවල වැනි ප්‍රදේශක සංචාරය කළ හොත් ඒ ආකාරයට ගෙවීම් කළ හැකි බව ද සඳහන් කළේය.
මෙරට ඩිජිටල්කරණ දැනට පවතින ස්ථානයේ සිට රටපුරා ව්‍යාප්ත කිරීම කරන ආකාරය පිළිබඳව මේ වන විට සැලසුම් සකස්කරමින් සිටින බව කී ඉන්දික ද සොයිසා පැවසුවේ හැකි ඉක්මනින් ඩිජිටල් ගෙවීම් රටපුරා ව්‍යාපෘත කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය කර්මාන්තයක් හැටියට සියලුම දෙනා බදු ගෙවියයුතු යැයි මතයේ සිටින බවත් කෙසේ වෙතත් එම ගෙවන බදුවලින් තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයට ප්‍රතිලාභයක් ලැබිය යුතු බවත් ඒ මහතා පැවසීය.
එම බදු මුදල්වලින් තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයට හොඳ පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි විශ්වාස කරන බවත් එවැනි පරිසරයක් නිර්මාණය වුවහොත් රටහැර යන පිරිස ද අඩුවනු ඇති බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා කීය.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩිජිටල්කරණයෙන් සියලුම ගනුදෙනු විගණනය කරන්න පුළුවන්