IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේදී

නිමල කොඩිතුවක්කු


ඩිජිටල් ගනුදෙනුවලින් අනාගතය හැඩගන්වමු මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කරන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනේ මීළඟ අදියර නුවරඑළයේදී ලබන 22 සහ 23 යන දිනවලදී පැවැත්වේ.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා බැංකු, මූල්‍ය සමාගම් සහ විදුලි සංදේශ සමාමේ වැනි විද්‍යුත් මුල්‍ය සේවා සපයන්නන් අතුළු ජංගම ගෙවීම් යෙදුම් සේවා සපයන්නන් (Mobile Payment Apps Service Providers ) මෙන්ම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ද සහභාගී වීමට නියමිතය.

මහජනතාවට ඔවුන්ගේ දෙනික අවශ්‍යතා සදහා මුදල් භාවිතය වෙනුවට ආරක්ෂිතව, පහසුවෙන් සහ අඩු වියදමකින් යුතුව ඩිජිටල් ගෙවීම් කිරීමට හැකියාව ඇති ජංගම ගෙවීම් යෙදුම් සඳහා ලියාපදිංචි වීමට මෙමගින් පහසුකම් සැලසේ.

මෙම වැඩසටහනට සහභාගී වන වෙළෙදුන්ගෙන් LANKAQR ගෙවීම් ක්‍රමය භාවිත කර මිල දී ගන්නා භාණ්ඩ සහ සේවා සඳහා සුවිශේෂී වට්ටම් ලබා දෙනු ඇත.

නව ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද පිළිබඳව සිය දැනුම්වත්භාවය වැඩි කරගැනීමට සහ ජංගම දුරකථන භාවිත කර ඩිජිටල් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳව ගෙවීම් යෙදුම් සේවා සපයන්නන්ගෙන් ඍජුවම සහය ලබාගැනීමට ද මෙම ස්ථානයේදී හැකියාව ලැබෙනු ඇත.

වැඩසටහනට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට ආරාධනා කරයි. 

 



අදහස් (0)

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site