IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඩිජිටල් ආර්ථිකයට මංපෙත් විවර කළ “මාරිස් පැනොරාමා - 2025”‍

කටුනායක ටී.කේ.ජී.කපිල 


මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රධාන උත්සවය වන “මාරිස් පැනොරාමා - 2025”‍, යටතේ වැදගත් කාලීන ගැටලු‍ සාකච්ඡා කෙරෙන අතර,  මෙවර ”‍ශ්‍රී ලංකාව සම්ප්‍රදායික ආර්ථිකයේ සිට ඩිජිටල් ආර්ථික මාවත වෙත යොමු කිරීම”‍ යන (Transforming Sri Lanka Paving tha Path from Traditional to Digital Economy) තේමාව යටතේ විශේෂ දේශනයක් සහ විද්වත් මණ්ඩල සාකච්ඡාවක්, මීගමුව ග්‍රෑන්ඞ්ඩීසා හෝටලයේ ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම උත්සවයේ ප්‍රධාන විශේෂ දේශනය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විසින් පවත්වන ලදී.
ඉන්පසුව පැවති විද්වත් මණ්ඩල සාකච්ඡාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති විශ්ලේෂක මහාචාර්ය රොහාන් සමරජීව, හැටන් නැෂනල් බැංකුවේ උප සභාපති සංජය විජේමාන්න, ඔමේගා ලයින් හි කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු, නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වූ අතර මෙම සාකච්ඡාව මෙහෙයවීම ඩේලි එෆ්.ටී. (Dally FT) ප්‍රධාන කර්තෘ නිස්තාර් කාසිම් මහතා විසින් සිදු කරනලදී.
මෙම සාකච්ඡාව ඩිජිටල් ආර්ථිකය සහ එහි ප්‍රධාන කොටස්, ඩිජිටල්කරණයේ අභියෝග සහ ඒවා ජය ගන්නේ කෙසේද, ඩිජිටල් ආර්ථිකයක් ජනතාවට සහ රටට උපකාර වන්නේ කෙසේද සහ ඩිජිටල් ආර්ථික පනත යන තේමා ඔස්සේ සිදු කෙරුණි.
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය 1928 වසරේ දී ස්ථාපිත කර ඇති අතර, එහි සාමාජිකයෝ ලොව පුරා රටවල් රාශියක සිට ගෝලීය වශයෙන් සම්බන්ධ වී සිටිති. 

 



අදහස් (0)

ඩිජිටල් ආර්ථිකයට මංපෙත් විවර කළ “මාරිස් පැනොරාමා - 2025”‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site