IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘ට්‍රේල් 2016‘ සමග මාස් /රාජකීයයෝ අත්වැල් බඳිති

මාස් හෝල්ඩින්ග්ස් සමාගසම සහ කොළඹ රාජකීය විදුහල් ශිෂ්‍ය සංගමය එක්ව පිළිකා වාට්ටුවක් ඉදිකිරීම සඳහා වන ‘ට්‍රේල් 2016‘වැඩසටහනට සහයෝගය දීමට තීරණය කර ඇතැයි ‘කලර්ස් ඔස් කරේජ්‘ භාරයේ අධ්‍යක්ෂ සරින්ද උනම්බුව මහතා පැවසීය.

ට්‍රේල් වැඩසටහන ඔක්තෝබර් 6 වැනිදා ආරම්භ වීමට නියමිතය.  2011 දී ඇරැඹි ට්‍රේල් වැඩසටහන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පාගමනක් සංවිධානය කළ අතර එයින් ඇමරිකා ඩොලර් මිලියන 2.6ක් එක්රැස් කරගැනීමට සමත්වූ බවද කියති. ඒ අනුව 2014 ජනවාරියේ දී තෙලිප්පලේ ට්‍රේල් පිළිකා රෝහල විවෘත කැරිණි.  මෙවර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නව පිළිකා ඒකකයක් ඉදිකිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

එහි සන්නාම තානාපති ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනද අද පැවැති මාධ්‍ය හමුවට එක්විය. මාස් හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ අජේ අමලීන්, රාජකීය විදුහල් ශිෂ්‍ය සංගමයේ මහේන් පෙරේරා, අතුල මුණසිංහ, මිතිල මෙන්ඩිස්, මංජු ආරියරත්න ආදීහුද එක්ව සිටියහ.

webDSCN4042 webDSCN4052



අදහස් (0)

‘ට්‍රේල් 2016‘ සමග මාස් /රාජකීයයෝ අත්වැල් බඳිති

චාමර Saturday, 01 October 2016 08:31 AM

පිළිකා වැඩිවෙන්නේ ආතතිය,අසහනය වැඩිකමින්. ජනතාවගේ ආතතිය, අසහනය නැතිකිරීම සඳහා කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමි. සෞඛ්‍ය සම්පන්න අාහාර වේලක් සහ දෛනික කටයුතු වල ගුණාත්මකබවක් ඇතිකිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. දුහුවිල්ල, දුම්, අපිරිසිදුකම යන සෞඛ්‍යයට අහිතකර දේ නැතිකරන වැඩපිළිවෙලක් ඇතිකර දෙනමෙන්ද ඉල්ලා සිටිමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site