IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ටොයෝටා සමාගමට ලෙඩක්

ලොව සුවිශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයෝටා සමාගම මෑතදී වෙළඳපොළට නිකුත් කළ මෝටර් රථ දා හතර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් යළි කැඳවා ඇතැයි එරට ආරංචි පවසයි.

එම මෝටර් රථවල වායු බැලූන සම්බන්ධ දෝෂයක් මීට හේතුව බව කියති.

ප්‍රියස් හා ලෙක්සස් යන මෝටර් රථ වර්ග ඊට අයත් බව සඳහන්ය. ඇමරිකාව, යුරෝපය, ජපානය හා චීනය ඇතුළු රටවල් රැසකට අලෙවි කැරුණු එම මෝටර් රථ යළි කැඳවා ඇතැයි ටොයෝටා සමාගම පවසයි.

නමුත් වායු බැලුනවල දෝෂය හේතුවෙන් මෙතෙක් අනතුරක් සිදුව නැති බවද ටොයෝටා සමාගම ප්‍රකාශ කරයි.



අදහස් (0)

ටොයෝටා සමාගමට ලෙඩක්

බමුණුසිංහ Thursday, 30 June 2016 11:04 PM

වායු බැලුන වල දෝෂය හේතුවෙන් අනතුරක් සිදුවන්නේ නැත. නමුත් අනතුරකදී වායු බැලුන ක්‍රියාත්මක නොවුණහොත් අනතුරක් වේ (නි)

:       0       0

පුෂ්පා Friday, 08 July 2016 08:51 PM

ඇවිද්ද පය දහස් වටී කියලා කියමනකුත් තියනවනේ. (නි)

:       0       0

බෙනට් Wednesday, 29 June 2016 10:26 AM

යලි කැඳවනවා කියන්නේ ජපානෙට යලි ගෙන්නනවා නෙමෙයි. අදාළ වාහනය ලඟම තියෙන ඒජන්ත ආයතනය වෙත ගෙන්වාගෙන ප්‍රශ්නය පිළිසකර කර දෙන එකයි. මේ හැම වාහනයකටම විකුණුම් මිල නියම කරද්දී මේ වගේ ප්‍රශ්නයක් මතු උනොත් යන වියදමත් ඇතුලත් කරලයි තියෙන්නේ . ඒ නිසා අමතර වියදමක් යන්නේ නැහැ ටොයෝටා හෝ වෙන ඕනෑම වාහන සමාගමකට. හැබැයි එහෙම ප්‍රශ්නයක් මතු නොවුනොත් එම මුදල ලාබයට එකතු වෙනවා. (ර)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 06 July 2016 01:45 AM

රාජුන්, ඔබ හරි. හැබැයි බැරිවෙලාවත් රෝද හතර ගැලවුණොත්? (නි)

:       0       0

ලලිත් Wednesday, 29 June 2016 11:52 AM

බෙනට් මල්ලි ඔය ලාබෙට එකතු වෙන කතාව වැඩිය කියන්න එපා. අපේ කට්ටිය ඒ එකතුවෙන ගාන හොයල බලල එකට ප්‍රාග්ධන බද්ද එකතුකරයි.(අ)

:       0       0

හිරාන් Monday, 04 July 2016 04:14 AM

ශානකට දැන් සනීපද? (නි)

:       0       0

ශානක අල්විස් Wednesday, 29 June 2016 12:12 PM

ලලිත් හරි. අවුරුදු 2 කට කලින් අර පොලිසියෙන් ලියපු දඩේ ගෙවන්න ගියාම, 10% බදු ගැහුවේ කට්ටියනේ හිටියේ. (බ)

:       0       0

ගයාන් Thursday, 30 June 2016 12:38 PM

ඕක නිසා වෙන්න ඇති අපේ හිත දුන්නේ (ම)

:       0       0

වික්‍රම Thursday, 30 June 2016 06:12 AM

එතකොට ශානක දැන් එහෙම බදු නැද්ද? (බ)

:       0       0

රාජුන් Saturday, 02 July 2016 07:55 AM

බමුණුසිංහ, කාරය වේගයෙන් යනකොට කිසිම හේතුවක් නැතුව වායු බෑගය ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්න? කිසිම හේතුවක් නැතුව ක්‍රියාත්මක වෙන එකත් දෝෂයක් තමයි. දෙයියන්ගේ පිහිටම තමයි එහෙම වුණොත්. (නි)

:       0       0

ඩිලාන් Saturday, 09 July 2016 06:53 AM

නංගිලා මල්ලිලා බැලුන් ගැන වැඩිය කතා කරන්ඩ එපා... (ර)

:       0       0

පුෂ්පා Saturday, 02 July 2016 12:38 PM

වායු බෑග් වල ඇති වන ප්‍රධානම දෝෂ වලින් එකක් තමයි කිසි හේතුවක් නොමැතිව එය ක්‍රියාත්මක වීම. වාහනය පදවනවිට එහෙම වුණොත් අනතුරක් සිදුවෙන්න තියෙන අවකාශ ඉතා ඉහළයි. එමනිසා වායු බෑග් දෝෂ හේතුවෙන් අනතුරු වෙන්නේ නැහැ කියන එක වැරදියි. (නි)

:       0       0

විරාජ් Friday, 01 July 2016 06:37 PM

මෝටර් රථ ක්ෂේත්‍රයේ ඕවා නිතරම වෙනවා. මාත් වැඩ කරන්නේ ඔය ෆීල්ඩ් එකේ. ඕනෑම මොඩලයක ඕනෑම මාදිලියක ඕවා වෙනවා (නි)

:       0       0

සංජීව - හොරණ Thursday, 07 July 2016 10:44 AM

අපිට නම් ටොයෝටා අදාළම නැහැ. අපි යන්නෙ කුලියාපිටියේ හදන වොක්ස්වැගන් එකේ. වෙනස සැපයි හොඳටම (නි)

:       0       0

මැගී Thursday, 07 July 2016 09:44 PM

රෝද හතරට, තුනට, දෙකට වඩා අපේ කකුල් දෙක විශ්වාසයි. හිමින් ගමන ආරක්ෂිතයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site