ලොව සුවිශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයෝටා සමාගම මෑතදී වෙළඳපොළට නිකුත් කළ මෝටර් රථ දා හතර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් යළි කැඳවා ඇතැයි එරට ආරංචි පවසයි.
එම මෝටර් රථවල වායු බැලූන සම්බන්ධ දෝෂයක් මීට හේතුව බව කියති.
ප්‍රියස් හා ලෙක්සස් යන මෝටර් රථ වර්ග ඊට අයත් බව සඳහන්ය. ඇමරිකාව, යුරෝපය, ජපානය හා චීනය ඇතුළු රටවල් රැසකට අලෙවි කැරුණු එම මෝටර් රථ යළි කැඳවා ඇතැයි ටොයෝටා සමාගම පවසයි.
නමුත් වායු බැලුනවල දෝෂය හේතුවෙන් මෙතෙක් අනතුරක් සිදුව නැති බවද ටොයෝටා සමාගම ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යලි කැඳවනවා කියන්නේ ජපානෙට යලි ගෙන්නනවා නෙමෙයි. අදාළ වාහනය ලඟම තියෙන ඒජන්ත ආයතනය වෙත ගෙන්වාගෙන ප්‍රශ්නය පිළිසකර කර දෙන එකයි. මේ හැම වාහනයකටම විකුණුම් මිල නියම කරද්දී මේ වගේ ප්‍රශ්නයක් මතු උනොත් යන වියදමත් ඇතුලත් කරලයි තියෙන්නේ . ඒ නිසා අමතර වියදමක් යන්නේ නැහැ ටොයෝටා හෝ වෙන ඕනෑම වාහන සමාගමකට. හැබැයි එහෙම ප්‍රශ්නයක් මතු නොවුනොත් එම මුදල ලාබයට එකතු වෙනවා. (ර)
බෙනට් මල්ලි ඔය ලාබෙට එකතු වෙන කතාව වැඩිය කියන්න එපා. අපේ කට්ටිය ඒ එකතුවෙන ගාන හොයල බලල එකට ප්‍රාග්ධන බද්ද එකතුකරයි.(අ)
ලලිත් හරි. අවුරුදු 2 කට කලින් අර පොලිසියෙන් ලියපු දඩේ ගෙවන්න ගියාම, 10% බදු ගැහුවේ කට්ටියනේ හිටියේ. (බ)
එතකොට ශානක දැන් එහෙම බදු නැද්ද? (බ)
ඕක නිසා වෙන්න ඇති අපේ හිත දුන්නේ (ම)
වායු බැලුන වල දෝෂය හේතුවෙන් අනතුරක් සිදුවන්නේ නැත. නමුත් අනතුරකදී වායු බැලුන ක්‍රියාත්මක නොවුණහොත් අනතුරක් වේ (නි)
මෝටර් රථ ක්ෂේත්‍රයේ ඕවා නිතරම වෙනවා. මාත් වැඩ කරන්නේ ඔය ෆීල්ඩ් එකේ. ඕනෑම මොඩලයක ඕනෑම මාදිලියක ඕවා වෙනවා (නි)
බමුණුසිංහ, කාරය වේගයෙන් යනකොට කිසිම හේතුවක් නැතුව වායු බෑගය ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්න? කිසිම හේතුවක් නැතුව ක්‍රියාත්මක වෙන එකත් දෝෂයක් තමයි. දෙයියන්ගේ පිහිටම තමයි එහෙම වුණොත්. (නි)
වායු බෑග් වල ඇති වන ප්‍රධානම දෝෂ වලින් එකක් තමයි කිසි හේතුවක් නොමැතිව එය ක්‍රියාත්මක වීම. වාහනය පදවනවිට එහෙම වුණොත් අනතුරක් සිදුවෙන්න තියෙන අවකාශ ඉතා ඉහළයි. එමනිසා වායු බෑග් දෝෂ හේතුවෙන් අනතුරු වෙන්නේ නැහැ කියන එක වැරදියි. (නි)
ශානකට දැන් සනීපද? (නි)
රාජුන්, ඔබ හරි. හැබැයි බැරිවෙලාවත් රෝද හතර ගැලවුණොත්? (නි)
අපිට නම් ටොයෝටා අදාළම නැහැ. අපි යන්නෙ කුලියාපිටියේ හදන වොක්ස්වැගන් එකේ. වෙනස සැපයි හොඳටම (නි)
රෝද හතරට, තුනට, දෙකට වඩා අපේ කකුල් දෙක විශ්වාසයි. හිමින් ගමන ආරක්ෂිතයි. (නි)
ඇවිද්ද පය දහස් වටී කියලා කියමනකුත් තියනවනේ. (නි)
නංගිලා මල්ලිලා බැලුන් ගැන වැඩිය කතා කරන්ඩ එපා... (ර)