ලොව ප්‍රකට ජපාන ලිහිසි තෙල් සහ ඔටෝමෝටිව් විසඳුම් සම්පාදන සමාගමක් වන ටොටාචි ඉන්ඩස්ට්‍රියල් පෞද්ගලික සමාගම පසුගියදා සිය බෙදාහැරීම් සමුළුව 2025 සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේදී පැවැත්වූ බව පවසයි. දින හතරක් පුරා පැවැත් වුණු මෙම සමුළුව සඳහා රටවල් 50 කට අධික සංඛ්‍යාවක හවුල්කරුවන් එකට එකතු වූ බවත් එම සමාගම සදහන් කරයි.
පසුගිය ජූනි 10 වැනිදා සිට 13 දක්වා පැවැත් වුණූ මෙම සමුළුවේ ආරම්භය කොළඹ සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටලයේදී සංවිධානය වී තිබේ. මෙහිදී නව අදහස්, නවෝත්පාදන හුවමාරු කරගැනීම සිදුකර ඇත.
අනතුරුව හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේදීද කතිකාවත්, කණ්ඩායම් ගොඩනැගීම් සහ උපයමාර්ගික සැලසුම් යනාදිය පිළිබඳ වැඩසටහන් පවත්වා තිබේ. මෙම සමුළුව හරහා ටොටාචි හි ගෝලීය සන්නාම පියසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ බෙදාහැරීම් සහයෝගය ලබා ගැනීම අරමුණ වූ බව සමාගම පවසයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටොටාචි බෙදාහැරීම් සමුළුව 2025 සාර්ථකව මෙරටදී පැවැත්වෙයි