‘ටාටා‘ සමාගමේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි එම සමාගමේ සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මේ තීරණය ගෙන ඇත්තේ එම ආයතනයේ මහ සභා රැස්වීම් කිහිපයකදීම ඔහුව ඉවත් කරන ලෙස කැරුණු යෝජනා කිහිපයකට පසුව බවද වාර්තා වෙයි.
ඔක්තෝබර් මාසයේදී ඔහු එම ආයතනයේ මව් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කැරිණි.
ඔහු 2012 සිට සමාගම් කිහිපයක තනතුරු රැසක් දැරීය.ඔක්තොබර් මස සභාපති ධුරයෙන් ඉවත් කළද සමාගමේ අනෙකුත් තනතුරු සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් වූයේ නැත.නමුත් සමාගමේ ප්‍රධාන තනතුරු වල සිටි බොහෝ දෙනෙක් ඔහුට සමාගමේ අනෙකුත් තනතුරු වලින් ඉවත් වන ලෙස බලපෑම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔහු 2006 සිට ටාටා ආයතනයේ අධ්‍යක්ෂක ධුර දැරූ බවත් සමාගමේ තීරණ රැසකට සෘජුව දායක වී ඇති බවත් මෑතක සිට "පදනම් විරහිත,අනුමත කළ නොහැකි හා ද්වේෂ සහගත චෝදනා".කළ බවත් එම ආයතනය පවසයි.
ටාටා සමාගම් සමුහය ඉන්දියාවේ පැරණිම සමාගමක් වන අතර ‘ටාටා මෝටර්ස් සමාගම‘ එහි ප්‍රධාන තැනක් ගනියි.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ටාටා‘ හිටපු සභාපති තනතුරු අත්හරියි
ආනන්ද Tuesday, 20 December 2016 07:48 AM
මෙම පුවත් වලට ස්තූතියි!