භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සිය පරිපාලිත සමාගමක් වූ ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී සමාගමේ කොටස් 11,286,000ක් අලෙවි කළ බව පවසයි. ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමූහය මේ බව පවසා තිබේ.
මෙය සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් සියයට 37.62 ක ප්‍රතිශතයකි. මෙහිදී එක් කොටසක් රුපියල් 35ක් බැගින් අලෙවිය සිදුව ඇති අතර, එම අලෙවියේ වටිනාකම රුපියල් මිලියන 395ක් බවත් ජොන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය පවසයි. මේ අතර එම සමූහය විකුණූ ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී කොටස් මිලදී ගැනීමට ලැයිස්තුගත වැවිලි සමාගමක් වන උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම පියවර ගෙන තිබේ. එහිදී කොටස් 11,276,839ක් මිලදී ගත් බව එම සමාගමද ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුවට දැනුම් දී ඇත.
2025 නොවැම්බර් මස 04
179
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් ජෝන් කීල්ස් සමූහයෙන් LOLC Finance අතට