භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සිය පරිපාලිත සමාගමක් වූ ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී සමාගමේ කොටස් 11,286,000ක් අලෙවි කළ බව පවසයි. ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමූහය මේ බව පවසා තිබේ.
මෙය සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් සියයට 37.62 ක ප්‍රතිශතයකි. මෙහිදී එක් කොටසක් රුපියල් 35ක් බැගින් අලෙවිය සිදුව ඇති අතර, එම අලෙවියේ වටිනාකම රුපියල් මිලියන 395ක් බවත් ජොන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය පවසයි. මේ අතර එම සමූහය විකුණූ ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී කොටස් මිලදී ගැනීමට ලැයිස්තුගත වැවිලි සමාගමක් වන උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම පියවර ගෙන තිබේ. එහිදී කොටස් 11,276,839ක් මිලදී ගත් බව එම සමාගමද ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුවට දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd