භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන වෛද්‍ය තිරුඤානසම්බන්දර් සෙන්තිල්වර්ල් මහතා විසින් ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමෙහි තවත් කොටස් 1,000,000 ක ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි පවසයි. සම්පත් බැංකුව/සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම එක්ව පවත්වාගෙන යන ගිණුමක් හරහා මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.
එම කොටස් ප්‍රමාණය ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 1.94 කි. මෙහිදී කොටසක් රුපියල් 85 ක් බැගින් මිලදී ගැනීම සිදු කර ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 85 කි. මෙම මිලදී ගැනීම සිදුවන අවස්ථාව වනවිටත් සෙන්තිල්වර්ල් මහතා සතුව ලංකෙම් පීඑල්සී සමාගමෙහි කොටස් 4,192,071ක් තිබූ බව එම සමාගම පවසයි. එය සමස්ත කොටස් අතරින් සියයට 8.14 ක ප්‍රතිශතයකි. ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම එය කොටස් 5,192,071 ක් දක්වා ඉහළ යන අතර, ප්‍රතිශතයක් ලෙස එය සියයට 10.09 කි
2025 නොවැම්බර් මස 04
179
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටී. සෙන්තිල්වර්ල් ලංකෙම් සිලෝන්හි තවත් කොටස් මිලියනයක් මිලදී ගනී