යොහාන් භාසුර
ජර්මනියේ නියුරම්බර්ග්හි පැවති ලොව විශාලතම වාර්ෂික කාබනික වෙළෙඳ ප්‍රදර්ශනය වන ‘BioFach 2025’ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සාර්ථක කුටියක් ඉදිරිපත් කළේය.
ආහාර සහ පාන වර්ග, කුළුබඩු, තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන, පලතුරු හා එළවළු සහ ආරක්ෂිත භූගෝලීය දර්ශක සහතික කළ ලංකා කුරුඳු නිෂ්පාදන ඇතුළු සහතික කළ කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලාංකික අපනයන සමාගම් නවයක් මෙම අවස්ථාවට සහභාගී විය.
ලොව පුරා සිටින කාබනික නිෂ්පාදකයන්, අපනයනකරුවන් සහ ගැනුම්කරුවන්ට සම්බන්ධ වීමට, ව්‍යාපාරික අවස්ථා හුවමාරු කර ගැනීමට සහ කාබනික කර්මාන්තයේ නවතම ප්‍රවණතා ගවේෂණය කිරීමට බයෝෆැච් විශිෂ්ට වේදිකාවක් සැපයීය. ශ්‍රී ලාංකික මණ්ඩපය, ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ කර්මාන්ත වෘත්තිකයන් ආකර්ෂණය කර ගනිමින්, ශ්‍රී ලාංකික කාබනික නිෂ්පාදන සඳහා ගෝලීය පිළිගැනීම වැඩිදියුණු කළේය.
වෙළෙඳ ප්‍රදර්ශනයේදීම ඇමෙරිකානු ඩොලර් මිලියන 0.2 කට වඩා වටිනා තහවුරු කළ ඇණවුම් ගැනීමට සමාගම් සමත් වී ඇති අතර සාකච්ඡා අදියරේ පවතින ඇමෙරිකානු ඩොලර් මිලියන 0.83 කට වඩා වටිනා ඇණවුම් හිමිවූ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජර්මනියේ ‘BioFach 2025’ දී ලංකාවේ නිෂ්පාදනවලට ඇණවුම්