IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ජර්මානු සංචාරකයන් ආකර්ෂණයට මිලියන 100ක ප්‍රචාරණයක්

(තිළිණි ද සිල්වා)
 
ශ්‍රී ලංකාවට පැමිණෙන ජර්මානු සංචාරකයින් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට  ජර්මනියේ රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධව ප්‍රචාරණ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා පැවසීය.

මීළඟ සති කිහිපය ඇතුළත ජර්මනියේ තෝරා ගත් රූපවාහිනී නාලිකාවක් සමඟ ප්‍රචාරණ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත්  ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් වෙන්කර තිබෙන බවද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
ජර්මනිය ඇතුළු යුරෝපයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්, සෙසු රටවල සංචාරකයින්ට සාපේක්ෂව දෛනිකව වැඩි මුදලක් මෙරට දී වියදම් කරනු ලබන හෙයින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද කිසූ ගෝමස් මහතා වැඩිදුරටත් කීය.
 
මේ වන විට ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ ජර්මනිය පසුවන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
 
කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් කියා සිටියේ ජර්මනිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙළෙඳපොළක් බවත්, 2018 වසරේ දී ජර්මානු සංචාරකයින් 156,888 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබු බවත් , මේ වසරේ මුල් මාස 9 දී ජර්මනියෙන් 93,886 දෙනෙක් මෙරට සංචාරය සඳහා පැමිණ ඇති බවත්ය.
 
අනෙක් සංචාරකයින්ට ජර්මනියෙන් ශ්‍රී ලංකාවට එන සංචාරකයින් වැඩි වශයෙන් මුදල් වැය කරන බවත් ,  ශ්‍රී ලංකාවට එන සංචාරකයෙක් දළ වශයෙන් දිනකට ඩොලර් 174 ක් වියදම් කළ නමුත් ජර්මනියෙන් සහ යුරෝපයෙන් එන සංචාරකයෙක් ඩොලර් 350 සිට ඩොලර් 1,500 දක්වා වියදම් කරන්නේ යැයිද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



අදහස් (2)

ජර්මානු සංචාරකයන් ආකර්ෂණයට මිලියන 100ක ප්‍රචාරණයක්

Koba Tuesday, 29 October 2019 12:33 PM

සංචාරක කර්මාන්තයේදී හොඳම ප්‍රචාරය දෙන්නේ සතුටින්.. මව්රට බලා යන තෘප්තිමත් සංචාරකයන් විසින්, එය නොමිලයේම ලැබෙන ප්‍රචාරයක්... විශ්වාසනීය බවින් වැඩි නිසා තවත් සංචාරකයන් ඒ අනුවම මෙරටට පැමිණෙනවා. ඉතින් අප කළ යුත්තේ පැමිණෙන සංචාරකයින්ට ඉහළම සේවාවක් දීමයි. වංචා නොකිරීමයි. එය මිලියන සිය ගාණක් වියදම් යන වැඩක් නොවේ. ඉතින් අපේ රටේ සෑම පුරවැසියෙකුගේම යුතුකමක් තියෙනවා සංචාරකයින්ට හොඳින් සලකන්න. ශ්‍රී ලාංකිකයින්ගේ රුධිර ගත ආගන්තුක සත්කාරය අමුතුවෙන් කියා දිය යුතු දෙයක් නොවේ. එ්ත් අවාසනාවට සංචාරක කලාපවල සිටින සුළුතර තක්කඩින් පිරිසක් සංචාරකයන් යනු මුදල් උල්පත් යයි සිතා අධික මිල ගණන් පැවසීමත් ඔවුන් සූරා කන්න පටන් ගැනීමයි. එවන් දේ නිසා අපකීර්තියට පත් වන්නේ අපේ මව්බිමයි...

:       0       59

Aris Tuesday, 29 October 2019 05:31 PM

සංචාරකයෝ ඕනනම් යුරෝප් ගමනාන්ත වෙත නැවත ගුවන් ගමන් පටන් ගත යුතුයි.

:       122       90

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 60 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 48 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 23 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 57 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 715 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1396 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site