(නිමල කොඩිතුවක්කු)
රුපියලට සාපේක්ෂව ජපන් යෙන් එකක අගය ඉහළ යාම හේතුවෙන් ජපන් මෝටර් රථවල මිල සීඝ්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසීය.
ජපන් යෙන් එකක අගය රුපියලයි සත හැටතුනේ සිට රුපියලයි සත හැත්තෑඅට දක්වා සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වාහනවල සී. අයි. එෆ් වටිනාකමින් සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇතැයිද රන්ජන් පීරිස් මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙරට තුළ වැඩි වශයෙන් අලෙවි වන සුසුකි වැගන් ආර් මෝටර් රථයක් රුපියල් 1,70,000 කින්ද ටොයටා පැසෝ මෝටර් රථයක් රුපියල් 1,60,000 කින්ද, ටොයටා විට්ස් මෝටර් රථයක් රුපියල් 2 40 000 කින්ද, ටොයටා ඇක්සියෝ මෝටර් රථයක් රුපියල් 3 75 000 කින්ද, ටොයටා ප්‍රිමියෝ මෝටර් රථයක් රුපියල් 4 00 000 කින්ද, ටොයටා රයිස් මෝටර් රථයක් රුපියල් 4 00 000 කින්ද, ටොයටා සී.එච්. ආර් මෝටර් රථයක් රුපියල් 4 70 000 කින්ද, ටොයටා වෙසල් මෝටර් රථයක් රුපියල් 4 00 000 කින්ද, ටොයටා ග්‍රේස් මෝටර් රථයක් රුපියල් 3 50 000 කින්ද මිල ඉහළ යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙයට සාපේක්ෂව ආනයනික සියලුම ජපන් මෝටර් රථවල මිල ඉහළ යනු ඇතැයිද රන්ජන් පීරිස් මහතා පැවැසීය.
මේ වනවිට වෙළෙඳපොළේ පවතින මෝටර් රථ පැරණි මිලටම ලබාගැනීමට අවස්ථාව ඇති බැවින් අලුතින් වාහන මිලදී ගැනීමට සිටින පාරිභෝගිකයන් හැකි ඉක්මනින් වාහන මිලදි ගන්නා ලෙස රන්ජන් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාෆියාවක්. වහාම නවත්වන්න ඕන. මෙහෙම සංගම් හදාගෙන මෙයාලට ඕන විදියට නටන්න දීල බලන් හිටියොත් රටේ විදේශ විනිමය නිකන් විදේශ වලට යනවා.
ඔය කියන කියන ගනං වලට වාහන ගන්නේ කවුද ? වෙසල්, වැගන් ආර් විකුණා ගන්න බැරිව සෙල් වල ගොඩගැහිලා , කොරෝනා නිසා ලෝක ආර්ථිකය වැටිලා. තෙල් මිල වගේම වාහන මිලත් ඉදිරියට අඩු වෙනවා , කලබල නොවී ඉවසලා ඉන්න. වාහන තිබෙන්නේ ජපානේ විතරක් නොවේ.
ලෝකයේ වාහන මිල අධික රටක් ලංකාව. ලංකාවේ අවුරුදු දෙක තුනක් පරණ වැගන් ආර් එකක් ගන්න ගානට මම ඉන්න රටේ අවුරුදු දෙක තුනක් පරණ මැස්ඩා, නිසාන් වගේ හොඳ වාහනයක් ගන්න පුළුවන්.
යුරෝපයේ හොඳම ආර්ථිකය තිබෙන ජර්මනියේත් කොටස් වෙළදපල 10% කින් අඩු වෙලා. ලෝකෙම විශාල ආර්ථික පසුබෑමක් තිබෙන බව පෙනී යනවා. එවිට වාහන වලට ඇති ඉල්ලුම අඩුවෙන නිසා සහ කොරෝනා වලට බයේ ජපානේ මිනිස්සු වැඩිය ගමන් බිමන් යාම, අලුත් ව්‍යාපාර පටන් ගැනීම නතර කරපු නිසා නිපදවපු වාහන වල විශාල අතිරික්තයක් තිබෙනවා. එතකොට ජපානේ ඔක්ෂන්වල වාහන මිල අඩු වෙනවා. කොටස් වෙළදපල වැටෙනකොට යෙන් එකත් බහිනවා. එතකොට ඔය ලංකාවේ වාහන මිල බහිනවා. ඔය සේල්වල ගාල් කරලා තිබෙන වාහන මොඩල් පරණ වෙන්න ඉස්සර වෙළෙන්දෝ කොහොමත් විකුණා ගන්න ඕනේනේ ? ඉදිරියට වාහන මිල වැඩි වෙනවා කියන එක සේල් කාරයෝ හදපු බොරුවක්.
ලාල් මහත්මයා, මෙතන වැදගත් වෙන්නේ මට වාහන තිබෙනවද නැද්ද කියන එක නොවේ. මම ඉදිරිපත් කරලා තිබෙන සාධක ගැන පමණක් සලකල බලන්න. චීනය සහ කොරියාව ආසන්නයේ තිබෙන ජපානයත් කොරෝන වසංගතයෙන් බැට කන රටක්. ලෝකයේ ප්‍රධාන කාර්මික රටවල් සියල්ලේම ආර්ථිකය පසුබසින විට ජපානයේ යෙන් එක නගීවි කියල කියන්නේ කොහොමද ? අනිවාර්යයෙන්ම යෙන් එක ඉදිරි සති දෙක තුන තුළ විශාල ලෙස බහිනවා. ඉල්ලුම අඩු නිසා ජපානේ ඔක්ෂන්වල වාහන මිල බැහැලා කියල තමා ජපානේ සිටින මිතුරෙක් මට පසුගිය දිනවල දැනුම් දුන්නේ.
මේක ප්‍රවෘත්තියක් නොවෙයි. වෙළඳ දැන්වීමක්... අන්තිමට කියන දෙයින් බළලා එළියට පනිනවා. "ඉක්මණින් වාහනයක් මිලදී ගන්න". පරණ 2017-2018 වර්ෂවල වාහන ස්ටොක් එකේ තියනෙවා සේල්වල. ඒවා විකුණාගන්න ගහපු ප්ලෑන් එකක්...
හොන්ඩා ටික ටොයෝටා වෙලා. මොකද මේ?
වාහන විශබීජානුහරනය කරලා ගන්න ඔයාලා
මේක කථා කිරීමට තරම් සුදුසු මාතෘකාවක් නොවේ. වාහන වල මිල වැඩිකරන්න බැරි නම් ඕන දෙයක් කර ගන්න. වැලි කතරක අතරමං වූවෙකුට වතුර බෝතලයක් අනෙක් සියල්ලටම වඩා වටිනවා. මේවෙලාවේ බලන්න ඕනේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත්, ජලය, විදුලිය වගේ දේවල් ගැන පමණයි.