
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සහ ටොයොටා ලංකා (පුද්) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදී. මෙමගින් පාරිභෝගිකයන්ට ටොයොටා ලංකා සමාගම අලෙවි කරන රථවාහන සඳහා ජනශක්ති ෆිනෑන්ස් සමාගම වෙතින් කඩිනම් හා කාර්යක්ෂම ලීසිං පහසුකම් ලබාගත හැකි වේ.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ ක්‍රියාවට නංවනු නබන ලීසිං ප්‍රවර්ධන වැඩසටහන හරහා, ටොයොටා ලංකා සමාගම වෙතින් මිලදී ගන්නා ලියාපදිංචි කළ සහ නොකළ රථවාහන සඳහා ජනශක්ති ෆිනෑන්ස් වෙතින් සුවිශේෂී මූල්‍ය පහසුකම් හිමි වනු ඇත. මෙය පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවලට ගැළපෙන සහනදායී මූල්‍ය විසඳුම් සමගින් ටොයොටා රථවාහන මිලදී ගැනීමට ලැබෙන අනගි අවස්ථාවකි.
මේ වන විට ලංකාව තුළ වඩාත් නම්‍යශීලී ලීසිං විසඳුම් සඳහා පවතින විශාල ඉල්ලුම සපුරාලීම මෙම අවබෝධතා ගිවිසුමෙහි මූලික අරමුණ වේ. ටොයොටා ලංකා සමාගම යනු ලංකාවේ රථවාහන වෙළෙඳපොළේ ප්‍රමුඛයකු වන අතර, ජනශක්ති ෆිනෑන්ස් සමාගමට මූල්‍ය සේවා සම්බන්ධයෙන් වසර 44 ක උරුමයක් ඇතග මෙවැනි සමාගම් දෙකක් අත්වැල් බැඳගැනීමෙන් පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් හා විශ්වාසයක් සමගින් ඉහළම තලයේ ප්‍රතිලාභ හිමි වනු නිසැකය.
“ටොයොටා ලංකා සමග ඇති කර ගත් මෙම ක්‍රමෝපායික අවබෝධතා ගිවිසුම, කිසිදු භේදයකින් තොරව සැමට මූල්‍ය සේවා සැපයීම සහ ජීවනෝපාය සවිබල ගන්වන පාරිභෝගික-හිතකාමී විසඳුම් හඳුන්වා දීම සඳහා අප දරන ප්‍රයත්නයේ තවත් කැපී පෙනෙන සන්ධිස්ථානයක්. රථවාහන ක්ෂේත්‍රයේ ටොයොටා ලංකා සමාගමේ පුරෝගාමීත්වය සමග අපගේ මූල්‍ය සේවා විශේෂඥභාවය එක්තැන් වීමෙන් පාරිභෝගිකයන්ට රථවාහන මිලදී ගැනීම සඳහා වඩාත් සරල, කඩිනම් සහ කාර්යක්ෂම ක්‍රමවේදයක් හිමි වේවි.” ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගණේන්ද්‍රන් මහතා පැවසීය.
මෙම අවබෝධතා ගිවිසුමෙන් පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දීම ඉලක්ක කර ගත් විශේෂ සහයෝගීතා රාමුවක්ද හඳුන්වා දී තිබේ. ඒ යටතේ ජනශක්ති ෆිනෑන්ස් සමාගම විසින් ටොයොටා ලංකා සමාගමේ විකුණුම් කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබා දෙන අතර එමගින් පාරිභෝගිකයන්ට ලීසිං සේවා සම්බන්ධයෙන් පූර්ණ මග පෙන්වීමක් ලබා දීමට එම කාර්ය මණ්ඩලයට හැකි වනු ඇත. ඊට සමගාමීව ටොයොටා ලංකා සමාගම, ලීසිං පහසුකම් අපේක්ෂා කරන පාරිභෝගිකයන් ජනශක්ති ෆිනෑන්ස් සමාගම වෙත යොමු කරවනු ඇත.
ඒ අනුව මෙම අවබෝධතා ගිවිසුම පාරිභෝගිකයන්ට මෙන්ම සමාගම් දෙකටද බෙහෙවින් ඵලදායී පියවරක් වනු නිසැකය.
එමෙන්ම මේ යටතේ සමාජ මාධ්‍ය ජනමාධ්‍ය සහ ටොයොටා ප්‍රදර්ශනාගාර ආවරණය වන පරිදි ප්‍රචාරණ හා ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමටද දෙපාර්ශ්වය සැලසුම් කර තිබේ. පාරිභෝගිකයන් වැඩි පිරිසක් වෙත මෙම පණිවිඩය සන්නිවේදනය කරන අතරම, අදාළ ක්ෂේත්‍ර තුළ සමාගම් දෙක සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීම මෙහි අරමුණයි.
2025 නොවැම්බර් මස 21
184
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1132
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජනශක්ති ෆිනෑන්ස් සහ ටොයොටා ලංකා අතර සුවිශේෂී ලීසිං සේවා අවබෝධතා ගිවිසුමක්