භානුක අමරසිංහ
2025 ජනවාරි මාසයේදී වාණිජ බැංකු හරහා පෞද්ගලික අංශය කළ ණය ගැනීම් 2024 දෙසැම්බර් මාසයේදී පැවැති ප්‍රවණතාවට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් අඩු වී ඇතැයි අලුත්ම බැංකු සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.
මෙම දත්ත අනුව ජනවාරි මාසයේදී බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් නිකුත් කළ ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 4.6කින් අඩු වී තිබෙන බව සඳහන් වෙයි. 2024 දෙසැම්බර් මාසයේදී පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණයෙහි වටිනාකම රුපියල් බිලියන 193.2ක් විය.
ඒ අනුව 2024 වසර තුළ ලබාදුන් සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 790ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසර හා සැසඳීමේදී සියයට 10.7ක වර්ධනයකි.
මේ යටතේ මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම වාණිජ බැංකු දෙකක් වන කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව මගින් පමණක් පසුගිය වසරේ අවසන් මාස තුනේදී ලබා දී ඇති ණයෙහි වටිනාකම රුපියල් බිලියන 339ක් ලෙස සඳහන්ව තිබේ.
මේ අතර සාමාන්‍යයෙන් ජනවාරි මාසයේදී පෞද්ගලික අංශය සතු ණය ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අඩු වන අතර, ණය පියවීම් ඊට මූලිකම හේතුව වී තිබේ. ඒ අනුව එම මාසයේදී ණය ලබාගැනීම්වලට වඩා මෙම පියවීම් ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි සඳහන් වෙයි.
2025 ජනවාරි මාසයේදී ගෙවිය යුතුව ඇති ණය ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අඩු වුවද, තවමත් ගෙවිය යුතු සමස්ත ණය
සියයට 11.4ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන බවත් සඳහන් වෙයි.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනවාරියේදී පෞද්ගලික අංශයේ ණය ගැනීම් අඩුවෙයි