නිමල කොඩිතුවක්කු
ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබේ. ඒ අනුව ජනවාරි 26 වැනිදා වනවිට දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 2,12,838ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය වසරේ ජනවාරි මාසය හා සැසදීමේ දී එය සාපේක්ෂව වැඩි අගයක් වන අතර එම මාසයේ දී මෙරටට පැමැණි සංචාරකයන් සංඛ්‍යාව 2,08,253 කි. මෙරටට පැමිණි සංචාරකයන් වැඩි දෙනකු ඉන්දීය ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව 37,383කි. රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd