- තේ, පොල්, රබර් සහ විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග අපනයන ආදායම් ඉහළට
- ඇගලුම් සහ රෙදිපිළි, කුළු බඩු දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ අපනයන ආදායම් පහළට
- 2026 වසර පුරා අපනයන ආදායමේ සියයට 10ත් 12ත් අතර වර්ධන අපේක්ෂාවක්
- 2030 දී ඩො.බි. 36 ක අපනයන ආර්ථිකයක් සහ ඩොලර් 1,500කට ඒක පුද්ගල අපනයන ආදායම් ඉලක්කයක්
- ජාතික අපනයන සංවර්ධන සැලැස්ම එළිදැක්වීම මාර්තු මාසයේදී
භානුක අමරසිංහ
|
EDB සභාපති මංගල විජේසිංහ |
ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කළ දත්ත යොදා ගනිමින් 2026 ජනවාරි මාසය සඳහා වන අපනයන කාර්යසාධනය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් එම මණ්ඩලය මෙම කරුණු සඳහන් කරයි.
ඒ අනුව මෙහිදී භාණ්ඩ හා සේවා අපනයනය යටතේ 2026 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 1,165.02 ක ආදායමක් රැස් කරගෙන ඇති අතර, එය 2025 ජනවාරි වාර්තා වූ ඩොලර් මිලියන 1,052.79 හා සැසඳීමේදී සියයට 10.66 ක වර්ධනයකි.
“මේ යටතේ තේ, පොල් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග අපනයන ආදායමද 2025 ජනවාරි මාසයට සාපේක්ෂව 2026 ජනවාරි මාසයේදී ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.” යනුවෙන් ඊයේ (24) පැවැත්වුණු මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් 2025 ජනවාරි මාසයට සාපේක්ෂව 2026 ජනවාරියේදී ඇගලුම් සහ රෙදිපිළි අපනයන ආදායම ඩොලර් මිලියන 447.25ක් දක්වා සියයට 2.82 කින්ද, කුළු බඩු සහ සගන්ධ තෙල් අපනයන ආදායම ඩොලර් මිලියන 37.21ක් දක්වා සියයට 4.57කින්ද, දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ අපනයන ආදායම ඩොලර් මිලියන 33.58ක් දක්වා සියයට 10.96 කින්ද අඩු වී තිබේ.
“ජනවාරියේදී ඇගලුම් අපනයනයේ අඩුවීමක් සිදුව තිබෙනවා. මෙය පෙබරවාරියේදී ප්‍රගතියක් පෙන්නුම් කරාවි කියලා හිතනවා. සමස්තයක් විදියට ගත්තොත් 2025 දී ඇගලුම් හරහා ඩොලර් මිලියන 5,300ක් දක්වා වර්ධනය වුණා. මේ වසරේදී ඇඟලුම් හරහා ඩොලර් මිලියන 5,500 කට වැඩි ආදායමක් අපේක්ෂාවයි. කුළු බඩු ගත්තොත් නැව්ගත කිරීමේ යම් අඩුවක් වෙලා තිබෙනවා. එතැනදී දිට්වා සුළි කුණාටුවත් සමගින් අපනයනකරුවන්ට ඇති වූ බලපෑම හේතු වුණා. අපි කොහොමත් වසරේ මුල් මාස තුනේදී අපනයනයේ යම් අඩුවීමක් බලාපොරොත්තුව සිටියා.” සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර 2026 ජනවාරි මාසය සඳහා වන මුළු සේවා අපනයන ඉපැයීම් ඩොලර් මිලියන 367.55 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එය 2025 ජනවාරියේදී වාර්තා වූ ඩොලර් මිලියන 295.00 හා සැසඳීමේදී සියයට 24.59 ක වර්ධනයකි.
වසරේ ඉදිරි කාලසීමාව පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, 2026 වසර තුළදී අපනයන ආදායමේ සියයට 10ත් 12ත් අතර වර්ධනයක් වසර පුරාම පවත්වාගෙන යාමට සැලසුම් කර ඇතැයි සඳහන් කළේය.
“2025 දී සමස්ත අපනයන ආදායම බිලියන 17.3ක් ලෙස පෙර වසරට සාපේක්ෂව සියයට 6ක වර්ධනයක් පෙන්නුවා. 2026 දී එය මාසිකව සියයට 10ත් 12ත් අගයකින් අවුරුද්ද පුරාම පවත්වාගෙන යාමට අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා අපි වැඩසටහන් 140කට ආසන්න ප්‍රමාණයක් අපි මාස්පතා සැලසුම් කර තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලාංකික අපනයනකරුවන් 61 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ගල්ෆ්ෆුඩ්ස් එහි එක් අවස්ථාවක්. ඉන් 35 දෙනකුම සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්.”
මේ අතර පසුගිය ජනවාරි 01 වැනිදා සිට එක්සත් රාජධානිය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදී ඇති තීරු බදු ප්‍රතිපත්තිය යටතේ වැඩි වශයෙන් තීරු බද්දක් රහිතව ශ්‍රී ලාංකික අපනයන එරට වෙත යැවීමට අවස්ථාව උදා වී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
“ඇමෙරිකාව පැනවූ සියයට 20ක තීරු බද්ද එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් පසුව සියයට 10ක් දක්වා අඩු වී තිබෙනවා. මේ හරහා අපිට ඉතාමත් වාසිදායක අන්දමින් ඇමෙරිකානු වෙළෙඳපොළේ තරගකිරීමේ අවස්ථාව උදා වෙලා තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇමෙරිකාව වෙත අපනයනය කරන තේ, කුරුඳු සහ ඇතැම් පොල් නිෂ්පාදන වෙත මෙම තීරු බද්ද ඇතුළත් නොවීමේ හැකියාවක් තිබෙනවා.”
මේ අතර ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ලබන මාර්තු මාසයේදී එළිදැක්වීමට කටයුතු සැලසුම් කර ඇතැයි සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය. එහිදී 2030 වන විට මෙරට අපනයන ආර්ථිකය ඩොලර් බිලියන 36 ක් දක්වා වර්ධනය කරගැනීම සහ ඒක පුද්ගල අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් 1500 ක මට්ටමකට රැගෙන යාමත් අපේක්ෂාව බවත් පවසා සිටියේය.
“ශ්‍රී ලංකාව සහ ජපානය අතර පසුගියදා අත්සන් කෙරුණු ආර්ථික කොරිඩෝ එකඟතාවත් සමගින් ජපාන සමාගම්වලට ලංකාවේ නිෂ්පාදනය ආරම්භ කරලා ඒවා අපනයනය කිරීමේ අවස්ථාවෙන් වැඩි වාසියක් ලංකාවට හිමි වෙන්න පුළුවන්. මෙම එකඟතාව හරහා ඉන්දියාවට පමණක් නෙවෙයි අප්‍රිකාව, මැදපෙරදිග කලාපය සහ යුරෝපය වෙතත් භාණ්ඩ අපනයනය කිරිමට ඔවුන්ගේ සැලසුමක් තිබෙනවා.”
ඒ අනුව බාහිර බලපෑම් කොපමණ බලපෑවත් මෙම අපනයන විවිධාංගීකරණය සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය හරහා ලංකාවේ අපනයන ප්‍රගතිය අවුරුද්ද පුරාවටම සියයට 10ක අවම මට්ටමකින් පවත්වාගෙන යාමට උත්සාහ කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd