IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී ලින්ක් නැචුරල් විශිෂ්ට ඇගයීමකට

  • ඉදිරි ගමන ශක්තිමත් කිරීමට දිරි ගැන්වීමක්
  • ශ්‍රී ලාංකික ආයුර්වේද උරුමයත් හා යහපැවැත්මට කරන කැපකිරීම පිළිබිඹු කිරීමක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, නිෂ්පාදන අපනයනයේ ප්‍රමුයකු බව තවදුරටත් සනාථ කරමින්, ‘2023/24 වසරේ නැගී එන අපනයනකරු’ හා ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු’ සම්මානයන්ගෙන්ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම පිදුම් ලබයි. 
මූල්‍ය වර්ෂය තුළ සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මකබව, ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂාකාරීබව මත පදනම්ව මෙන්ම අපනයන පිරිවැටුම, අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම, ශුද්ධ විදේශ විනිමය ඉපැයීම්, වෙළෙඳ පොළ විවිධාංගීකරණය, නිෂ්පාදන විවිධාංගීකරණය, අගය එකතු කිරීම, නවෝත්පාදන සහ අපනයන වෙළෙඳ පොළේ තිරසාර උත්සාහය වැනි විවිධ පරාමිතීන් මත පදනම්ව ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම මෙසේ ඇගයීමට හා සම්මානයට පාත්‍ර විය.
ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම අද වන විටආයුර්වේද හා ශාකසාර නිෂ්පාදන මෙන්ම ස්ව සත්කාර නිෂ්පාදන රැසක් සමඟින් දේශීය හා විදේශීය වෙළෙඳ පොළේ ප්‍රමුඛතාවක් දරයි. සමාගම අපනයන ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනය සඳහා ජාත්‍යන්තරයේ සිය නිෂ්පාදනවලට ඇති අවස්ථා හඳුනා ගනිමින්, ඒ සඳහා ඇති ඉහළ ඉල්ලු‍ම සපුරාලීමට මනා කැපවීමෙන් කටයුතු කරයි. එසේම අපනයන නිෂ්පාදන සඳහා කඩිනමින් නියාමන අනුමැති ලබා ගැනීමට හැකි වීම තුළින් සිය අපනයන නිෂ්පාදනවල සුරක්ෂිත බවත්, ගුණාත්මක බවත් තවදුරටත් තහවුරු වී ඇත. අති නවීන පර්‌යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයකින් මෙන්ම එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විගණනයට අනුකූල නිෂ්පාදන පහසුකම්වලින් පරිපූර්ණ ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම, ශාකසාර නිෂ්පාදන කර්මාන්තයේ නව මං සලකුණු තැබීමට අඛණ්ඩව කටයුතු කරයි.
ලින්ක් නැචුරල් හි ප්‍රධාන විධායක නිලධාරි, අෂාන් රන්සිලිගේ මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘‘අපේ සෑම නිෂ්පාදනයකින්ම, ශ්‍රී ලාංකික ආයුර්වේදීය උරුමයත්, සෞඛ්‍ය හා යහපැවැත්ම වෙනුවෙන් සමාගම සිදු කරන කැපවීමත් පිළිබිඹු කරනවා. ඊට නොදෙවෙනි ලෙස නිෂ්පාදනවල ගුණාත්මක බවත්, අපගේ මෙහෙයුම්වල තිරසාර බවත් වෙනුවෙන් සමාගම විශාල කැපකිරීමක් සිදු කරනවා. මේ සියල්ල අපගේ සාර්ථකත්වයට හේතුවයි. අඛණ්ඩ නවෝත්පාදනය ඔස්සේ නිෂ්පාදන පුළුල් කිරීම හා මූලික වටිනාකම්වලට අනුකූලව වෙමින් යන අපගේ ගමන ශක්තිමත් කිරීම සඳහා මෙම සම්මානය සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම දිරි ගැන්වීමක් ද වනවා. මෙම ගමන්මගෙහි කොටස්කරුවන් වීම වෙනුවෙන් කැප වූ සෑම දෙනාටම මෙන්ම ලොව පුරා සිටින පාරිභෝගිකයන්ට ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාරීත්වය හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මේ සියලු‍ම පාර්ශ්ව හා එකට එක්ව සුබවාදී අනාගතයක් වෙත ගමන් කිරීමට අපි අපේක්ෂා කරනවා.
1982 දී, අපනයන වෙළෙඳපොළ සඳහා දේශීය කුළුබඩු ආශ්‍රිත සුගන්ධ තෙල් නිෂ්පාදනය සමඟ ආරම්භ කළ ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම, ආයුර්වේදය හා නවීන විද්‍යාවේ සංකලනයෙන් ක්‍රමයෙන් වැඩි දියුණු විය. ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය සඳහා වූ කැපවීම මත පදනම්ව දේශීයව නිෂ්පාදනය කරන විශ්වාසදායක ශාකසාර නිෂ්පාදන, ජාත්‍යන්තරය වෙත ගෙන යාම දක්වා මෙහි ගමන්මග වර්ධනය විය. කාලයට ගැළපෙන විශ්වාසනීය නිෂ්පාදන සඳහා නිවහන වන ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම, Link Samahan, Sudantha, Swastha Amurtha, Swastha Thriphala, Musclegard, SP Balm,  සහ Kesha යන නිෂ්පාදනජාත්‍යන්තරය වෙත ගෙන යයි. මෙම නිෂ්පාදන කාලාන්තරයක් පුරාවට පාරිභෝගිකයන්ට නිරෝගිකම හා සෞඛ්‍ය සම්පන්නබව ලබා දෙයි. මෙහි ප්‍රමුඛතම සන්නාමය වන  Link Samahan, අද වන විට ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව, චෙක් ජනරජය, කැනඩාව, මැද පෙරදිග හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 30කට අධික ගණනකට අපනයනය කරයි.
එය ජපානයේ Costco, මැදපෙරදිග  Lulu Hypermarkets  ඇතුළු ප්‍රධාන වෙළඳසැල්වලින් ලබා ගත හැකි අතර, ජාතික ගුවන් සේවය වනSri Lankan Airlines  ද මගීන් වෙත පිළිගන්වනු ලබයි. අමිතාබ් බච්චන් සහ නයෝමි කැම්බල් යන ලොව සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ප්‍රශංසාවට ලක් වූලින්ක් සමහන්, The Times of India සහ The Juggernaut  වැනි ජාත්‍යන්තර මාධ්‍යවල ද සඳහන් කර තිබේ.



අදහස් (0)

ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී ලින්ක් නැචුරල් විශිෂ්ට ඇගයීමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site