භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කීල්ස් ෆුඞ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජනෙක් වාස් ජයසේකර මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මැයි 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජයසේකර මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. වසර 25කට අධික කාලයක් පුරා කළමනාකරණ වෘත්තිකයකු සහ වරලත් ගණකාධිකාරවරයකු වන ඒ මහතා සතුව බැංකුකරණ, මූල්‍ය සේවා සහ නිෂ්පාදන, ප්‍රවාහන සහ සැපයුම් යනාදී ක්ෂේත්‍ර තුළ අත්දැකීම් සහිත බව පවසයි. ජයසේකර මහතා මීට පෙර අක්බාර් බ්‍රදර්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, රිචර්ඩ් පීරිස් සමූහය යනාදී සමාගම්හි ජ්‍යෙෂ්ට මූල්‍ය සහ මෙහෙයුම් භූමිකාවන්හි සේවය කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
528
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනෙක් ජයසේකර කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට