IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජෝන් ඩියර් පාරිභෝගිකයන්ට සිංගර් වෙතින් උපහාර

සිංගර් සමාගම, දශක ගණනක් පුරා ශ්‍රී ලාංකික හදගැස්ම හොඳින්ම හඳුනන සමාගමකි. පිට පිටම දශක දෙකකට ආසන්න කාලයක් ජනතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇති සිංගර්, ‘විශිෂ්ටත්වයේ විශ්වාසය’ උදෙසා දිය හැකි හොඳම නිදසුනක් ද වේ.
මෙරට කෘෂි ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ සිංගර් 2019 වසරේ දී ජෝන් ඩියර් ට්‍රැක්ටර් මෙරටට හඳුන්වා දීමට කටයුතු කළේය. ඇමරිකාවේ විශාලතම සමාගමක් වන ජෝන් ඩියර් ට්‍රැක්ටර් ලොව ඉහළම තාක්ෂණයෙන් හා ප්‍රමිතියෙන් යුතු මාදිලියක් ලෙස ලෝකය පුරා ප්‍රචලිත සන්නාමයකි. මෙරට කෘෂි ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරන්නට ජෝන් ඩියර් හඳුන්වා දීම හේතු වූ බව නිසැකය. උසස් තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා කල්පැවැත්ම, කාර්යක්ෂමතාව, රළු බිම්වල පහසුවෙන් වැඩ කිරීමේ හැකියාව ඇතුළු වාසි රැසක් මෙරට පාරිභෝගිකයන්ට ජෝන් ඩියර් සමඟ අත්විඳීමට අවස්ථාව හිමි විය. 
සිංගර් ශ්‍රී ලංකා සමාගම සිය පැරණිතම ජෝන් ඩියර් පාරිභෝගිකයන්ට උපහාර පිදීමේ උත්සවයක් පසුගිය දිනක දඹුල්ල සන්නස හෝටලයේදී පැවැත්විණි. මෙහිදී තෝරාගන්නා ලද පැරණිතම පාරිභෝගිකයන් 30 දෙනා සඳහා වූ මෙම හමුවේදී සිංගර් රූපවාහිනී යන්ත්‍ර ලබා දීම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා ඇතුළු සම්භාවනිය අමුත්තන් අතින් සිදු කෙරිණ. මෙයට අමතරව සෑම පාරිභෝගිකයකු සඳහාම මිලදී ගන්නා නව ජෝන් ඩියර් ට්‍රැක්ටරයක් සඳහා රු. 250,000ක වට්ටමක්ද හිමි විය. ට්‍රැක්ටර් පාරිභෝගිකයන්ට මෙවැනි උපහාර පිදීමේ උත්සවයක් පැවතියේ ලංකාවේ ප්‍රථම වතාවටය.
2019 වසරේ සිට සිංගර් ශ්‍රි ලංකා සමාගම ලංකාවේ ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා එකම අලෙවි නියෝජිතයා වශයෙන් කටයුතු කරයි. John  Deere 5047D, 5045D yd 5050D මාදිලි ට්‍රැක්ටර් වෙළෙඳපොළේ වර්තමානයේ පෙරළිකාර වෙනසක් සිදුකර ඇතිබව එහිදී පැමිණි පාරිභෝගිකයන් හා අලෙවි නියෝජිතවරුන් අදහස් දක්වමින් පැවසීය. 
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා අදහස් දක්වමින්, “සිංගර් සමාගම සහ ජෝන් ඩියර් විශ්වාස කරමින් අප සමගින් දිගු කාලයක් රැඳී සිටීම ගැන අප අපේ පාරිභෝගිකයක් වෙත ස්තූතිවන්ත වෙනවා. ලෝකයේ ඉහළම තාක්ෂණය සමගින් ඉදිරියටත් ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ උපාංග ඔබට ලබා දීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම කැපවී සිටිනවා.” යනුවෙන් පැවසීය.



අදහස් (0)

ජෝන් ඩියර් පාරිභෝගිකයන්ට සිංගර් වෙතින් උපහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site