
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසවන්ත හා විශාලතම ලැයිස්තුගත නිශ්චල දේපළ සංවර්ධකයා වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (JKP), ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS ශ්‍රී ලංකා 2026 හි නිල නිශ්චල දේපළ හවුල්කරු ලෙස සිය හවුල්කාරීත්වය නිවේදනය කළේය.
මෙම වසරේ තේමාව වන “කාලානුරූපී උරුමයන්” යන්න, ශිල්පීය හැකියාව, විශ්වාසය සහ ස්ථීරසාර උරුමයන් මත ගොඩනැගුණු ක්ෂේත්‍ර දෙකක ස්ථිරසාර වටිනාකම යන්න පිළිඹිබු කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ලෙස ගෝලීය වශයෙන් පිළිගෙන ඇති FACETS ශ්‍රී ලංකා ජාත්‍යන්තර ගැනුම්කරුවන්, එකතුකරන්නන් සහ රසඥයන් ආකර්ෂණය කර ගනී. මේ වසරේ, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයෙහි සහභාගීත්වය, කලාත්මක බව සහ ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම අලංකාරය සහ ආයෝජන වටිනාකම් එක් කරමින් මෙම උත්සවයට නව මානයක් හඳුන්වා දෙයි.
FACETS ශ්‍රී ලංකා 2025 ප්‍රදර්ශනය 2026 ජනවාරි 3 සිට 5 දක්වා, කොළඹ Cinnamon Life – City of Dreams හිදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ශිල්පීය හැකියාව, නවෝත්පාදනය සහ ගෝලීය ආකර්ෂණය මෙහිදී එක්රැස් කෙරේ.
2025 දෙසැම්බර් මස 04
507
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය FACETS ශ්‍රී ලංකා සමග අත්වැල් බැඳ ගනී