ජූනි මාසය අවසාන වනවිට සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව තුළින් සහ ඒකාබද්ධ ණය පහසුකම තුළින් ලද මුදල් හේතුවෙන් 2017 වසරේ ජූනි අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7 ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පෙන්වා දෙයි.
දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.1කට ප්‍රමාණවත් වූ අතර, මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 5.3කට ප්‍රමාණවත් වන පරිදි ඩොලර් බිලියන 9.1ක් වූ බව ද මහ බැංකුව පෙන්වාදෙයි.
ශ්‍රී ලංකා රුපියල් පසුගිය වසර අවසානයේ සිට මේ වසරේ අගෝස්තු මස 24 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.0 කින් මධ්‍යස්ථ ලෙස අවප්‍රමාණය වී තිබේ.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල, අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක වන යුරෝවලට සාපේක්ෂව සියයට 12.5කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 5.9කින් ද, ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 8.1කින් ද කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.8කින් ද ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 10.2කින් ද සහ ඉන්දියානු රුපියලයට සාපේක්ෂව සියයට 7.6කින් අවප්‍රමාණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉක්මනට බැලුව බැදුම්කර නිව්ස් එකක්ද කියලා. පස්සේ දැක්කේ මහා බැංකුවේ ෆොටෝ එකක් දාල තියෙන්නේ වෙන නිව්ස් එකකට කියලා. දැන් මහා බැංකුවේ ෆොටෝ එකක් දැක්ක ගමන් මතක් වෙන්නේ බැදුම්කර මගඩියනේ.
හැබැට අපේ රුපියල හැම රටටම සාපේක්ෂව හැමදාම අවප්‍රමාණය වෙනවා මිසක් මොකක් හරි රටකට සාපේක්ෂව අධිප්‍රමාණය වෙන්නේ නැද්ද ? එහෙම මොකක් හරි වෙන රටකට සාපේක්ෂව අපේ රුපියල දිනන මුදල් ඒකකයක් මේ ලෝකේ කොහේ හෝ තියෙනවා නම් මම ආසයි දැනගන්න ..හැබැට වෙන මොකුත්ම රටක් නැද්ද අපේ රුපියලට පරදින ?