IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජුනි අවසානයේ සංචිතය බිලියන 7 ක්

ජූනි මාසය අවසාන වනවිට සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 
 
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව තුළින් සහ ඒකාබද්ධ ණය පහසුකම තුළින් ලද මුදල් හේතුවෙන් 2017 වසරේ ජූනි  අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7 ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පෙන්වා දෙයි.
 
දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.1කට ප්‍රමාණවත් වූ අතර, මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 5.3කට ප්‍රමාණවත් වන පරිදි ඩොලර් බිලියන 9.1ක් වූ බව ද මහ බැංකුව පෙන්වාදෙයි. 
 
ශ්‍රී ලංකා රුපියල් පසුගිය වසර අවසානයේ සිට මේ වසරේ අගෝස්තු මස 24 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.0 කින් මධ්‍යස්ථ ලෙස අවප්‍රමාණය වී තිබේ. 
 
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල, අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක වන යුරෝවලට සාපේක්ෂව සියයට 12.5කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 5.9කින් ද, ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 8.1කින් ද කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.8කින් ද ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 10.2කින් ද සහ ඉන්දියානු රුපියලයට සාපේක්ෂව සියයට 7.6කින් අවප්‍රමාණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි. 



අදහස් (3)

ජුනි අවසානයේ සංචිතය බිලියන 7 ක්

sudes Thursday, 07 September 2017 08:45 AM

මම ඉක්මනට බැලුව බැදුම්කර නිව්ස් එකක්ද කියලා. පස්සේ දැක්කේ මහා බැංකුවේ ෆොටෝ එකක් දාල තියෙන්නේ වෙන නිව්ස් එකකට කියලා. දැන් මහා බැංකුවේ ෆොටෝ එකක් දැක්ක ගමන් මතක් වෙන්නේ බැදුම්කර මගඩියනේ.

:       166       541

samiraTuesday, 12 September 2017 07:59 AM

හොඳට කියවල බලන්න බැඳුම්කර වගේ මගඩි නිසා තමයි මේව සේරම වෙන්නේ...

:       9       1

Prasanna Friday, 08 September 2017 02:16 PM

හැබැට අපේ රුපියල හැම රටටම සාපේක්ෂව හැමදාම අවප්‍රමාණය වෙනවා මිසක් මොකක් හරි රටකට සාපේක්ෂව අධිප්‍රමාණය වෙන්නේ නැද්ද ? එහෙම මොකක් හරි වෙන රටකට සාපේක්ෂව අපේ රුපියල දිනන මුදල් ඒකකයක් මේ ලෝකේ කොහේ හෝ තියෙනවා නම් මම ආසයි දැනගන්න ..හැබැට වෙන මොකුත්ම රටක් නැද්ද අපේ රුපියලට පරදින ?

:       49       236

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site