IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජාතික තොරතුරු තාක්‍ෂණ සම්මන්ත්‍රණය 12-13

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පරිගණක සංගමය සංවිධානය කරන 40 වැනි ජාතික තොරතුරු තාක්‍ෂණ සම්මන්ත්‍රණය ‘ඩිජිටල්මය වශයෙන් ජීවිත එළිය කිරීම’ යන තේමාව යටතේ ෂැංග්‍රිලා හෝටලයේදී මේ මස 12 සහ 13 පැවැත්වේ.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ ඩිජිටල්කරණයෙන් නව ධනවත් ආර්ථිකයක් බිහිකිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට අඩිතාලම දැමීම මෙම ජාතික තොරතුරු තාක්‍ෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණක් වන අතර තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නව නිර්මාණකයන්ට සහ ව්‍යවසාකයන්ට එහි ඊළඟ පියවර දක්වා යෑමට සහාය දැක්වීම සහ ජාතික මට්ටමේ සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදුවේ.

මෙම සම්මන්ත්‍රණයේ දෙවැනි දිනය නැඟීඑන සහ පරිනථ තොරතුරු තාක්‍ෂණ ආයතනවලට ආයෝජකයන් සොයාදීමේ ආයෝජන අවස්ථාවක් ලෙස යොදාගන්නා බවත් දේශීය සහ විදේශීය ආයෝජකයන් සහ ආයතන විශාල සංඛ්‍යාවකට ආරාධනා කර ඇති බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා පැවසීය.

මෙම සම්මන්ත්‍රණයේදී තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥායන් 30 කට ආසන්න පිරිසක් දේශන පැවැත්වීමට නියමිත බව කී දමිත් හෙට්ටිහේවා මහතා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයකුට සම්මන්ත්‍රණයට සහභාගි විය හැකි බව ද සඳහන් කළේය.

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට වඩාත් සුදුසුම ක්ෂේත්‍රයක් බවත් තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයෙන් ඩොලර් බිලියනක ආයතනයක් නිර්මාණය කිරීමට හැකිවන්නේ නම් අර්බුදය අවසන් කළ හැකි බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ආචාර්ය අජන්ත අතුකෝරළ මහතා පැවසීය.

එම ඩොලර් බිලියනය තනි පුද්ගලයකු හෝ ආයතන කීපයක එකතුවක් ලෙස ලැබිය හැකි බව කී අතුකෝරළ මහතා ශ්‍රී ලංකාවේ අර්ථිකයට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය සියයට 15 ක් දක්වා ඉහළ නැංවිය යුතු බව ද සඳහන් කළේය.



අදහස් (0)

ජාතික තොරතුරු තාක්‍ෂණ සම්මන්ත්‍රණය 12-13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site