(මනෝජ් හර්ෂික)
ජාතික කිරි මණ්ඩලය (මිල්කෝ) මැයි මස අලෙවිය මිලියන 900 ඉක්මවා ඇති හෙයින් දෛනික යෝගට් නිෂ්පාදන වැඩිකරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව කිරි නිෂ්පාදන සිදුකිරීමට අවශ්‍ය කිරි එක්රැස් කිරීම වර්ධනය කරන ලෙසත් දින 15 න් 15ට කිරි ගොවීන්ට ලබා දුන් මුදල ද දින 10න් 10ට ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
රස කළ දියර කිරි නිෂ්පාදන, යෝගට් මුදවපු කිරි නිෂ්පාදනය මෙන්ම අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව මඟින් නිෂ්පාදනය කරනු ලබන කිරි පිටි ප්‍රමාණය ද ඉහළ දැමීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික සම්පත් වෙඩි දියුණු කරන්න...
මෙය ජාතික සම්පතකි
ඉතා විශාල ඉල්ලුමක් පැවතියත් අද කිසිම වෙළඳසැලකින් "හයිලන්ඞ්" පිටි පැකට් එකක් මිලදී ගැනීමට නොමැත. හයිලන්ඞ් නිෂ්පාදනය ඉහළ නංවන්නේ නැත්තේ පුද්ගලික කිරි සමාගම් ඇමතිවරුන්ට සලකන නිසාද? තර්ජනවලට බියෙන්ද?