භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම තීන්ත සහ ආලේපන නිෂ්පාදන සමාගමක් වන ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම විදේශීය සමාගමක් අත්පත් කරගැනීම සඳහා වන සාකච්ඡා මේවනවිට සිදු කරමින් සිටින බව පවසයි. පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ පිළිබඳව අනාවරණය කර තිබේ.
සිය මෙහෙයුම් ජාත්‍යන්තරය වෙත තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රමෝපායික දැක්ම යටතේ මෙම කටයුතු සිදු කෙරෙන බවත් සමාගම සඳහන් කරයි. එසේම මේ හරහා සිය වෙළෙඳපොළ ස්ථානය තවදුරටත් දියුණු කරගැනීමත් අරමුණකි.
ජැට් හෝල්ඩිංග්ස් සමාගම සිය ක්‍රමෝපායික මෙහෙයුම් පුළුල් කිරීම යටතේ මේ වනවිට නේපාලය, එක්සත් අරාබි එමීරය, වියට්නාමය, කාම්බෝජය, බංග්ලාදේශය, කෙන්යාව, ඉන්දියාව, මාලදිවයින, ඔස්ට්‍රේලියාව සහ සීෂෙල්ස් යන රාජ්‍ය වෙත සිය මෙහෙයුම් ව්‍යාප්ත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd