IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජැට් හෝල්ඩිංග්ස් විදුලි වාහන ආරෝපණ නිෂ්පාදන ව්‍යාපාරය සාර්ථක මට්ටමක

  • මේ දක්වා නව ආරෝපණ 2000කට ඇණවුම් හිමිවෙලා

භානුක අමරසිංහ

මෙරට තීන්ත සහ ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අලු‍තින් ආරම්භ කළ විදුලි මෝටර් රථ ආරෝපණ නිෂ්පාදන ව්‍යාපාරය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බව එම සමාගම පවසයි. 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා වන කාර්යසාධනය පිළිබඳව නිවේදනයක්  නිකුත් කරමින් සමාගම මේ බව සදහන් කරයි. 

ඒ අනුව මෙම කාලසීමාවේදී එම ව්‍යාපාර අංශය හරහා සමූහය රුපියල් මිලියන 192ක ආදායමක් හිමි කරගෙන ඇතැයි පවසයි. මෙය පළමු කාර්තුවේදී සමූහය රැස්කරගත් ආදායමෙන් සියයට 8ක ප්‍රතිශතයකි. සමාගමට අනුව අධිවේගී ආරෝපණ  (fast chargers)  ඇතුළුව නිවාස ආරෝපණ  (Home chargers) 2,000කට අධික සංඛ්‍යාවක් සඳහා වන ස්ථිර කෙරුණු ඇණවුම් දැනටමත් හිමිව තිබේ.

ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම නවෝත්පාදන ආදායම් මාර්ග සෙවීමේ අවස්ථාවක් ලෙස 2022 වසරේදී මෙම ව්‍යාපාරය වෙත පිවිසුණි. එහිදී එම සමාගම සෞදි අරාබියේ රියාද්හි පිහිටි විදුලි වාහන ආරෝපණ නිපදවන Volt Charge  නම් සමාගමේ සියයට 40ක කොටස් හිමිකාරීත්වයක් සඳහා ආයෝජනය කිරීම සිදු විය. 

සෞදියේ පිහිටි සෆාරි ගෘප්, QSS රොබොටික්ස් සහ ශ්‍රී ලංකාවේ පිහිටි Cyrus EV Charger පෞද්ගලික සමාගම මෙම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා එක්ව සිටියි. එහි නිෂ්පාදන පරිශ්‍රය සෞදි අරාබියේ පිහිටා ඇති අතර, නව පරම්පරාවේ විදුලි මෝටර් රථ ආරෝපණ නිපදවීමේ පර් යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය මෙරට පිහිටා තිබේ. මෙම ආරෝපණ අධික උෂ්ණත්වයට, ආර්ද්‍රතාවට සහ දූවිල්ලට ඔරොත්තු දෙන ලෙස නිපදවන බවත් පැවසෙයි. 

 

 



අදහස් (0)

ජැට් හෝල්ඩිංග්ස් විදුලි වාහන ආරෝපණ නිෂ්පාදන ව්‍යාපාරය සාර්ථක මට්ටමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site