IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


චාර්මස් ධාන්‍යාගාර ඉඩම ආයෝජකයන්ට

ඉඩමේ අයිතිය ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට 

මුළු භූමි ප්‍රමාණය අක්කර 09 රූඩ් 02 පර්චස් 31.75 ක්

දෙන්නේ 99 අවුරුදු බදු පදනමට

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට යොද‌ාගන්න පුළුවන්


නිමල කොඩිතුවක්කු


කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් චාර්මස් ධාන්‍යාගාරය නමැති ඉඩම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි චාර්මස් ධාන්‍යාගාරය නමැති අක්කර 09 රූඩ් 02 පර්චස් 31.75 (හෙක්ටයාර් 3.9248) ඉඩම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2022-2031 කාල පරිච්ඡේදයට අදාළව පිළියෙළ කර ඇති සංවර්ධන සැලැස්මේ සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ පිහිටා තිබේ.

නේවාසික, සෞඛ්‍ය, කාර්යාල  හා ආයතනික, වාණිජ, අධ්‍යාපනික, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, සංචාරක, විනෝදාත්මක හා වෙනත් ක්‍රියාකාරකම් ඇතුළු සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ අවසර ලත් භාවිතයන් අතුරින් මුල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් ඉහළ විභවතාවක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එකී ඉඩම බදු පදනම මත බැහැර කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ යාවත්කාලීන තක්සේරු වටිනාකම මත පදනම්ව අදාළ ඉඩම 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා, උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙතින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 



අදහස් (0)

චාර්මස් ධාන්‍යාගාර ඉඩම ආයෝජකයන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1880 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site