නිමල කොඩිතුවක්කු
කෘෂි නිශ්පාදන අපනයන වැඩසටහන යටතේ කෙසෙල් වර්ග චීනයට යැවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසීය.
ඒ අනුව ඇඹුල්, රත්කෙසෙල්, කෝලකුට්ටු වැනි කෙසෙල් වර්ග චීනයට යැවීමට පියවර ගන්නා බවද කෘෂිකර්ම ඇත්‍යවරයා සදහන් කළේය.
මෙයට අදාළ ගිවිසුමකටද චීනය සමග අත්සන් තබා ඇතැයි මහින්ද අමරවීර මහතා පැවසීය.
එළවළු, පළතුරු ඇතුළු කෘෂි නිශ්පාදන අපනයනය කිරීම සඳහා රජය මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
එම වැඩපිළිවෙළට සමගාමීව තරුණ පිරිස් ගොවිබිමට නැඹුරු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ බෙහෙත් ගහලා වස කෙහෙල් කවනවා. ඉස්පිරිතාලෙක ලෙඩෙක් බලන්නවත් අරන් යන්න සුදුසු අපේ දේශීය කෙසෙල් දැන් නැහැ. ඒ අතරේ චීන්නුන්ට අපේ හොඳම කෙසෙල් ටික යවනවා. ඉස්සෙල්ලම තමන්ගේ මිනිස්සුන්ට හොඳ දේ දීලා ඉන්න. මේ වගේ වැඩ කරන රටක් අප්‍රිකානු කලාපයේවත් ඇති නොසිතමි.
ආණ්ඩුවේ අවුරුදු 5 ඉවරවෙන්නත් දැන් කිට්ටුයි. බලමු මෙයා චීනෙට කෙසෙල් යවාවිද කියල . අඩුම තරමේ නිෂ්පාදකය සුරකින්න ක්‍රමයක් හදන්නේ නැහැනේ . අහිංසක ගොවියාගේ මහන්සිය වෙළෙන්දෝ හුරගෙන කනවා. අලින්ගෙන් වගාව බේරාගන්නේ මොනතරම් අමාරුවෙන්ද . එහෙම බේරාගත්තු කෙසෙල් කිලෝවට ලැබෙන්නේ රුපියල් 10 ක් 15ක් නම් කොහොමද ලාභයක් තියා වියදම පියවන්නේ . ඒ නගරේ කෙසෙල් කිලෝව රුපියල් කියක් වෙනවද. ඉක්මනින් විසදුම් ඕනේ මේවට . එහෙම නැත්නම් කෙසෙල් වගාව රටෙනුත් තුරන් වේවි , චීනෙට යැවීම කෙසේ වෙතත් .
ලෙල්ල නැතුවද ?
කෙසෙල් අමාත්‍යාංශයක් පිහිටුවමු... ඇමතිකමකුත් හදාගන්න හොඳ වෙලාව..
ලංකාවේ කෙසෙල් ගිනිගණන්... අපේ රටේ ක්‍රමවත් පලතුරු වගාවක් නැහැ. පලතුරු සැපයුම අපේ ඉල්ලුම සැපයීමට පවා ප්‍රමාණවත් නැහැ. ඉතින් අපි කොහොමද කෙසෙල් පිටරට යවන්නේ.. විකාර කතා නොකියා ඉන්න. පුලුවන්නම් අපේ රටේ ඉල්ලුම සපුරාලන්න. ඕවා කරනවා නම් අස්වනු ගබඩාකර තබාගන්න පුළුවන් මහාපරිමාණ ශීතාගාර සහිත ගබඩා වැනි පහසුකම් අවශ්‍ය වෙනවා. එහෙම ඒවා ගැන ඔබතුමා අහලා තිබෙනවද?
ඔබගේ යෝජනාව පංකාදුයි. එතකොට දැන් ලංකාවට ආනයනය කරන එළවළු ටිකත් ප්‍රතිඅපනයනය කරනවද?
චීනයට කෙසෙල් අපනයනය කරන්න ඉස්සෙල්ලා ලංකාවට කෙසෙල් තියනවද බලන්න. ලංකාවේ හරි හමන් කෙසෙල් ගෙඩියක් ගන්න තැනක් නැහැ.