IMG-LOGO

චීනයට කෙසෙල් අපනයනය කරන්න යයි


 
නිමල කොඩිතුවක්කු         
 
කෘෂි නිශ්පාදන අපනයන වැඩසටහන යටතේ කෙසෙල් වර්ග චීනයට යැවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම  අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසීය.
 
ඒ අනුව ඇඹුල්, රත්කෙසෙල්, කෝලකුට්ටු වැනි කෙසෙල් වර්ග චීනයට යැවීමට පියවර ගන්නා බවද කෘෂිකර්ම ඇත්‍යවරයා සදහන් කළේය.
 
මෙයට අදාළ ගිවිසුමකටද චීනය සමග අත්සන් තබා ඇතැයි   මහින්ද අමරවීර මහතා පැවසීය.
 
එළවළු, පළතුරු ඇතුළු කෘෂි නිශ්පාදන අපනයනය කිරීම සඳහා රජය මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
 
එම වැඩපිළිවෙළට සමගාමීව තරුණ පිරිස් ගොවිබිමට නැඹුරු කිරීම සඳහා  වැඩසටහන් ක්‍රියාත්මක බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (8)

චීනයට කෙසෙල් අපනයනය කරන්න යයි

රජින්ද Thursday, 02 August 2018 12:22 PM

අපේ රටේ බෙහෙත් ගහලා වස කෙහෙල් කවනවා. ඉස්පිරිතාලෙක ලෙඩෙක් බලන්නවත් අරන් යන්න සුදුසු අපේ දේශීය කෙසෙල් දැන් නැහැ. ඒ අතරේ චීන්නුන්ට අපේ හොඳම කෙසෙල් ටික යවනවා. ඉස්සෙල්ලම තමන්ගේ මිනිස්සුන්ට හොඳ දේ දීලා ඉන්න. මේ වගේ වැඩ කරන රටක් අප්‍රිකානු කලාපයේවත් ඇති නොසිතමි.

:       18       17

senarath Friday, 03 August 2018 05:09 AM

ආණ්ඩුවේ අවුරුදු 5 ඉවරවෙන්නත් දැන් කිට්ටුයි. බලමු මෙයා චීනෙට කෙසෙල් යවාවිද කියල . අඩුම තරමේ නිෂ්පාදකය සුරකින්න ක්‍රමයක් හදන්නේ නැහැනේ . අහිංසක ගොවියාගේ මහන්සිය වෙළෙන්දෝ හුරගෙන කනවා. අලින්ගෙන් වගාව බේරාගන්නේ මොනතරම් අමාරුවෙන්ද . එහෙම බේරාගත්තු කෙසෙල් කිලෝවට ලැබෙන්නේ රුපියල් 10 ක් 15ක් නම් කොහොමද ලාභයක් තියා වියදම පියවන්නේ . ඒ නගරේ කෙසෙල් කිලෝව රුපියල් කියක් වෙනවද. ඉක්මනින් විසදුම් ඕනේ මේවට . එහෙම නැත්නම් කෙසෙල් වගාව රටෙනුත් තුරන් වේවි , චීනෙට යැවීම කෙසේ වෙතත් .

:       63       230

smith Friday, 03 August 2018 08:04 AM

ලෙල්ල නැතුවද ?

:       29       62

BamunuarachchiFriday, 03 August 2018 10:52 PM

ඵල නෙලුවාට කමක් නැත... ලෙලි මේ පැත්තට දාන්න එපා කියන්න.

:       0       1

Bamunuarachchi Friday, 03 August 2018 04:14 PM

කෙසෙල් අමාත්‍යාංශයක් පිහිටුවමු... ඇමතිකමකුත් හදාගන්න හොඳ වෙලාව..

:       0       25

de silva Saturday, 04 August 2018 01:48 PM

ලංකාවේ කෙසෙල් ගිනිගණන්... අපේ රටේ ක්‍රමවත් පලතුරු වගාවක් නැහැ. පලතුරු සැපයුම අපේ ඉල්ලුම සැපයීමට පවා ප්‍රමාණවත් නැහැ. ඉතින් අපි කොහොමද කෙසෙල් පිටරට යවන්නේ.. විකාර කතා නොකියා ඉන්න. පුලුවන්නම් අපේ රටේ ඉල්ලුම සපුරාලන්න. ඕවා කරනවා නම් අස්වනු ගබඩාකර තබාගන්න පුළුවන් මහාපරිමාණ ශීතාගාර සහිත ගබඩා වැනි පහසුකම් අවශ්‍ය වෙනවා. එහෙම ඒවා ගැන ඔබතුමා අහලා තිබෙනවද?

:       0       3

Nasrudin Sunday, 05 August 2018 05:37 PM

ඔබගේ යෝජනාව පංකාදුයි. එතකොට දැන් ලංකාවට ආනයනය කරන එළවළු ටිකත් ප්‍රතිඅපනයනය කරනවද?

:       0       0

amila Monday, 06 August 2018 03:57 AM

චීනයට කෙසෙල් අපනයනය කරන්න ඉස්සෙල්ලා ලංකාවට කෙසෙල් තියනවද බලන්න. ලංකාවේ හරි හමන් කෙසෙල් ගෙඩියක් ගන්න තැනක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site