IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


චීනය ඇත්දළ වෙළඳාම තහනම් කරයි

බීජිංහිදීය (ඒ.එෆ්.පී)
 
නීති විරෝධී ඇත්දළ වෙළෙඳාම නවතා දැමීම සඳහා සැකසූ නීතිරීති අද (1) සිට ක්‍රියාත්මක වන බව චීනය පවසයි. 
 
අද (1) සිට නීතිය ක්‍රියාත්මක වුවද එය ඉරිදා (31) සිට බලාත්මක බව ද චීන බලධාරීහූ ප්‍රකාශ කළහ. මේ අනුව ඇත්දළ විකිණීම, ඇත් දළ මිලදී ගැනීම, ඇත් දළ ළඟ තබා ගැනීම ආදී සියල්ල චීන නීතියට පටහැනිය. ඇත්දළ නීතිය සම්බන්ධයෙන් චීනයේ වනජීවි අමාත්‍යාංශය සවිස්තර විස්තරයක් එරට ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලය වන වීබෝ ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබිණි.

එමෙන්ම රජයේ අනුමත ඇත් දළ ගනුදෙනුකරුවකු බව පවසමින් කිසිවකුටත් ඇත් දළ වෙළෙඳාමේ නිරත විය නොහැකි බව එම අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කර තිබේ.
 
නව නීති රීතිවලට අනුව අන්තර්ජාලය ඔස්සේ චීනයේ තුළ දී මෙන්ම විදේශයක සිට ඇත්දළ වෙළෙඳාම නිරත වීම නීති විරෝධීය. 
 
පසුගිය වසරේදී චීනය ඇත්දළ වෙළෙඳාම සම්බන්ධයෙන් අර්ධ වශයෙන් නීතිරීති ක්‍රියාත්මක කළ අතර එම කාලයේදී චීනය තුළට ගෙනා ඇත් දළ ප්‍රමාණය සියයට 80කින් පමණ අඩු වූ බව ෂිංහුවා පුවත් සේවය වාර්තා කර තිබේ. 
 
එම කාලයේදීම අමු ඇත්දළවල දේශීය මිල ගණන් සියයට 65කින් අඩු වී තිබේ. පසුගිය වසරේ මාර්තු මාසය චීනය තුළ ඇත්දළ වෙළඳාමේ නිරත වූ කර්මාන්තශාලා 67ක් වසා දැමූ අතර තවත් කර්මාන්තශාලා 105ක් දෙසැම්බර් (31) වැනි දා වසා දමා තිබේ.
 
ඇත්දළ වෙනුවෙන් වසරකට අලි ඇතුන් දහස් ගණනක් මරා දමන අතර වැඩිම මිලකට අලෙවි වන්නේ අප්‍රිකානු ඇත්දළය. පසුගිය දස වසරක කාලයේදී අප්‍රිකාවේ අලිගහනය 110,000 කින් 415,000ක් දක්වා පහත වැටී ඇතැයි සොබාදහම් සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි. චීනය ලොව විශාලතම නීතිවිරෝධී ඇත්දළ වෙළෙඳපොළ ලෙස සැලකෙයි.
 
 
 
(055)



අදහස් (3)

චීනය ඇත්දළ වෙළඳාම තහනම් කරයි

uduwage Tuesday, 02 January 2018 10:51 AM

ලංකාවේ ඇත්දළ පන්සල් වලට පූජා කරන උපාසක මෝඩයොත් ඒවා බාරගන්න අවිචාරවත් චීවරධාරියොත්, ඇත්දළ පූජා භාණ්ඩ ලෙස සලකා ගෞරව කරන ගොබ්බයොත් ලංකාවේ හිඟ නැහැ ! මේ වගේ නීතියක් ලංකාවෙනම් ගේන්නේ නැහැ අන්තිම දල ඇති - නැති සේරම අලි ඇතුන් ටික මරල දානකම් ...!

:       155       347

janahitha Wednesday, 10 January 2018 07:44 AM

මහත්ඵල මහානිසංස ලැබෙන ප්‍රකාශයක්... මතයට ගරු කරමි.

:       0       0

ගගන Wednesday, 03 January 2018 03:40 PM

බල්ලෝයි පූසොයි මරලා පුච්චලා කන මේ චීන රටේ මිනිස්සු ඇත් දල තහනම් කළා කියන එක පුදුම දෙයක්..

:       16       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 450 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site