සංචාරය සඳහා පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකාවේ සංචාරක නීති වලට අනුකූලවිය යුතු බව දන්වමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන ජාතිකයින්ට චීන රජය විශේෂ උපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන චීන ජාතිකයින් විවිධ කරදර සහ ප්‍රශ්න වලට මුහුණ දෙන බවට පසුගිය කාලයේ වාර්තා වී ඇති හෙයින් චීන රජය මෙම සංචාරක උපදේශන මාලාව නිකුත් කළ බව චීන ෂින්හුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.
ලංකාවේ සංචාරය කරන චීන ජාතිකයින් ලාංකීය සිරිත් විරිත් සහ ආහාර රටා පිළබඳව මෙන්ම නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේදී අවබෝධයෙන් පසුවන ලෙසය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් එම සංචාරක උපදේශනයේ සඳහන් වන්නේ මේවසරේ ගතවූ මාස 7ක කාලය තුළ චීන ජාතික සංචාරකයින් 46 දෙනකු මුහුණපෑ විවිධ සිද්ධී 46ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත්, ඒ අතරින් දියේ ගිලීමෙන් පුද්ගල මරණ දෙකක් වාර්තාවන බවය. ඒ අතරම සොරකම් කිරීමේ සිද්ධී 30ක්ද, එක් ස්ත්‍රී දූෂණ සිද්ධියක්ද , දුම්රිය අනතුරු වලට ගොදුරුවීමේ සිද්ධීන් 3ක්ද, ස්වර්ණාභරණ සොරනම් කිරීමේ සිද්ධියක්ද වාර්තාවන බවද එහි සඳහන් වේ.
මේ අතර නව සංචාරක දත්ත අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් අතුරෙන් වැඩිම පිරිසක් පැමිණෙන රටවල් කිහිපය අතුර චීනය ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද වැඩක් අනිකුත් රටවල් වලටත් එය ක්‍රිියාත්මක කිරිමට උපදෙස් දෙන වැඩපිළිවලක් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා කිරීමට බලදාරීන් උනන්දු විය යුතුයි (නදී)
ඉතාම හොඳ ප්‍රවෘත්තියක්. (නි)
මෙය අපේ රටේ උදවියටත් විශේෂයෙන් ආරම්භ කලයුතු දෙයක්.විශේෂයෙන් මැදපෙරදිග වගේ රටවල රැකියාවට යන උදවියට.(ම)
මම දන්නා කාරණයක් මේ. ලංකාවට එන චීන ජාතික සංචාරකයොත් එක්ක එන කණ්ඩායම් නායකයෝ, හොර වෙළදාම් වල යෙදෙන අවස්ථාත් තිබෙනවා. මම කැනඩාවේ හිටියට මගේ ව්‍යාපාර ලංකාවේ. මෙවැනි දේ අපි වැළැක්විය යුතුයි. අපි කොණ්ඩය බැඳපු චීන්නු වෙන්න ඕනෑ නැහැ (නි)
අනාදිමත් කාලෙක සිට චීන ජාතිකයෝ ලංකාවට ආවා. නමුත් අද වගේ කරදර වලට මුහුණ පෑවේ නැහැ. දැන් බලනකොට අපේ රටේ ඉන්නේ මිනිස්සුද කියලා හිතෙනවා. අපි ආගම් 3 ක් මහ සන්කෘතියක් හිමි රටක්ලු? ඒත් සංචාරකයෙකුට නිදහසේ යන්න ඉඩක් නැහැ. මේ රට අපි හදන්න ඕනෑ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ (නි)
මොන ක්‍රමය ආවත් අපේ අයියලත් නිකන් ඉදි.(හේ)
ප්‍රවෘත්තිය හොඳින් කියවා තේරුම් අරගෙන අදහස් එවනවා නම් තමයි වැඩිය හොඳ. (නි)
හරියට ප්‍රවෘත්තිය කියෙව්වද ? (නදී)
සමහර මහත්වරු හරියටම ප්‍රවෘතිය කියෙව්වද? (නදී)
ඒ වගේම ලංකාවේ තියෙන චීන නිර්මාණ ව්‍යාපෘතිවල ඉන්න චීනුන්ටත් ලංකාවේ නීති රීති ගැන විශේෂයෙන්ම කම්කරු නීති රීති ගැන කියල දුන්නොත් හොඳ වේවි. උන් ලංකාවේ නීති රීති සත පහකටවත් සලකන්නේ නැහැ (නදී)
මං හිතන්නෙ චීන ජාතිකයින් ලංකාවට ඇවිත් කරන ඒවා (ම)
මෙරට නිදැල්ලේ සහ කැලෑවල සිටින්නාවූ සතා සිව්පාවුන් මරා ආහාරයට නොගන්න යයිද සඳහන් වුවා නම් කොතරම් හොඳද ! (බ)
මෙරට නිදැල්ලේ සහ කැලෑවල සිටින්නාවූ සතා සිව්පාවුන් මරා ආහාරයට නොගන්න යයිද සඳහන් වුවා නම් කොතරම් හොඳද ! (අ)
කැනඩා දිසා ට අයත් ව්‍යාපාර ලංකාවේ ඇති බව දන ගන්නට ලැබුණා. ඒවා සාර්ථක වේවා ! (ම)
ඒකත් නරකම නැහැ (නි)
සමහරු ප්‍රවෘතිය හරියට කියවල නැහැ. කස්තුරිආරච්චි චීන ජාතිකයෝ අමාරුවේ වැටිලා තියෙන්න ජාති 3 වත් ආගම නිසාවත් නෙමෙයි. කියවල තේරුම් ගන්න අදහස් දක්වන්න කලින්. දැනට මාතර බන්ධනාගාරයේ ඉන්නවා රේල් පාර හදන්න ආපු චීන්නු හරක් බල්ලෝ පුසෝ හොරකම් කරලා මරාගෙන කාල. තව ලංකාවේ වගේම ලෝකේ රතු දත්ත පොතට ඇතුලත් කබල්ලාව කියන සතා මරාගෙන කාල. (බ)