ඩොලර් ලක්ෂ 2995 ක පිරිවැයකික් දරා නව ජල සැපැයුම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රකට චීන ඉදිකිරීම් සමාගමක් වන සී.එම්.ඊ.සී. සමාගම සැරසේ.
නව ව්‍යාපෘතිය ගම්පහ,අත්තනගල්ල හා මිනුවන්ගොඩ යන නගරයන් මුල් කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතය.ශ්‍රීලංකා ජලසම්පාදන හා ජලඅපවහන මණ්ඩලයද චීන සමාගම හා එක්ව කටයුතු කරනු ඇත.
ව්‍යාපෘතියේ සියලූ සැළැසුම් කිරීම්, ඉදිකිරීම් ආදී කටයුතු වල වගකීම භාරව කටයුතු කරනු ඇත්තේද මේ චීන සමාගමයි.ව්‍යාපෘතිය ආරම්භ කර මාස 36 කදී සියලූ වැඩකටයුතු නිම කිරීමට සැළැසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ කොමිස් එක කියද දන්නේ නැහැ. සුළු ගානක් ඈති?(නදී)
දුලිනි, චිනා ඔච්චර ආදරේ, ඔයා චීනා හදපු කොම්පියුටර් එකයි, දුරකතනයි පාවිච්චි කරන නිසා . (නි)
මෙහෙම නය අරගන්න ගියොත් ළඟදීම ජලය වෙනුවට ලංකාවට ඔක්සිජන් දෙන්න වෙයි.(නදී)
අන්න ජර්මනියෙන් කෑම දෙන හැටි කොළඹ නගරාධිපතියගේ ගෙදර උගන්වනවලු. ත්‍රිකුනාමලේ ඇමෙරිකන් කාරයෝ මාද්‍යය මද්‍යස්ථාන හදනවලු. අන්දරේ හිටිය නම් කියවී මලේ උඹේ කටෙත් වැලි මගේ කටෙත් වැලි කියලා.(නදී)
ගම්පහට මොකටද ජල ප්‍රවාහන? ගම්පහ සමන් කීවා වගේ රජ රටට දෙන්න. වතුර නැති පළාත් මොන තරම්ද? අත්තනගල්ල පැත්තේ කොතන හෑරුවත් වතුර ඇති. ජල බුබුළු පවා මතු උන පළාතක්. මහා පිස්සු වැඩක් කරන්නේ.(නදී)
අපේ සම්පත්,කළමනාකරුවන් සහ අනෙක් සියලුමදේ තිබෙනවා. ඉතින් චින්නුන්ව අල්ලාගෙන නටන නාඩගම මොකක්ද? චින්නුන්ගෙන් පරිස්සම් වන්න.(නදී)
චීනා ගම්පහටත් එනවද? එහෙනම් හොද වැඩ ටිකක් බලා ගන්න පුළුවන් (නි)
රජරට ගොවීන්ට බොන්න පිරිසිදු ජලය නැති නිසා මුළු රජරටම වේලී යනවා. (නි)
හර්බට්,ඔබට අපගේ ප්‍රණාමය. පාලකයිනි, ඇස් ඇර බලනු මැන. රට ජාතියට හිමි සම්පතක් විදේශ රටක වැයවෙන හැටි. (නි)
මාගලි, ඔයාගේ ළිද ළගමද වැසිකිලිය තියන්නේ? දන්නේ නැති නිසයි ඇසුවේ. (නි)
10% ගම්පහ කාටද? (නදී)
මෙම මුදලින් මුළු ලංකාවටම ජලය සැපීමට පුළුවන්.මම එම අබියෝගය අපේ දුප්පත් ජනතාව හා මගේ රට වෙනුවෙන් භාරගන්නවා.මෙය කියන්නේ ඉතාමත් වගකීමෙන්.මම දැනට ඉතාලියේ ජලය සපයන ආයතනයක අවුරුදු 24 සේවය කරනවා.මෙහෙම මහජන මුදල් නාස්ති කරලා අපේ අනාගතය විනාශ කරන්න එපා. (නි)
මෙච්චර කල් ගම්පහ අය මඩ වතුරද බිව්වෙ? (නි)
චීනේ ආසියාව වුණත් ඒ ගොල්ලෝ අපි හිතන විදියට හිතයිද? (නි)
සංවර්ධන යෝජනා ක්‍රමයක අගය තීරණය වෙන්නේ ලැබෙන ප්‍රතිලාභ අනුවයි. මෙවැනි ජල යෝජනා ක්‍රමයක උපරිම ප්‍රතිලාභ ලැබෙන්නේ ඒක අත්‍යවශ්‍ය අයට ලැබුණා නම් නේද? නිදසුනක් ලෙස රජරට අයට. ඒත් අපට දකින්න තියෙන වැඩි හරියක් යෝජනා ක්‍රම යම් යම් පුද්ගලයන්ගේ ප්‍රතිරූපය හෝ සාක්කුව පුම්බා ගැනීම සඳහා වැරදි ලෙස ස්ථානගත කරන ලද ඒවා. (නි)
ඔව් ගම්පහ ප්‍රදේශයේ තියෙන්නේ අසුචි මිශ්‍ර ජලය. ඒකයි අලුතෙන් දෙන්න හදන්නේ. නොදන්නා අය දැනගන්න.(නදී)
බොහොම හොඳ වැඩක්. නමුත් රජ රට පැත්තටත් දුන්නනම් තමයි අනර්ග.(නදී)
ඇයි අනේ චීනා මෙච්චර අපිට ආදරේ ? (නි)
මම ගම්පහ වැසියෙක්. මෙය ගම්පහට අවශ්‍ය නැත. කරුණාකර රජරට මිනිසුන් දුක්විදිනවා වතුර නැතිව. වකුගඩු රෝගය හැමතැනම මෙය තිබිය යුතු රජ රටයි.(නදී)
වානේ කම්හලක් තිබෙන ඉංජිනේරුවන් හා වෙල්ඩින් කරුවන් ඕනෑතරම් ඉන්න රටේ වානේ පාලම් වලට පවුම් ලක්ෂ 350 යි. වතුර ඕනෑතරම් තියෙන පළාතට ජල යෝජනා ක්‍රමයට ඩොලර් ලක්ෂ 3000 යි. මේ කජු ඇටද? කොස් ඇටද? අපි ආණ්ඩුවක් පත්කරන්නේ හිතුමතේ ණය ගන්නද? නැත්නම් අරපිරිමැස්මෙන් රට සංවර්ධනය කරන්නද? (නි)
ගම්පහට හෝ මිනුවන්ගොඩට ජල සැපයුම් අවශ්‍ය නැහැ. ඔය ප්‍රදේශයේ කොතනින් හෑරුවත් ජලය තියෙනවා. ඔය පලාතේ කිසිවෙක් ජලය ඉල්ලලා උද්ගෝෂන කර නැහැ. වැඩි ජනගහනයක් වෙසෙන පළාතකින් ආරම්භ කරන ඔය පියවර ලෝක බැංකුවේ ඉල්ලීම ඉස්ට කරන්නට හදන මුල් පියවර විය හැකියි. එනම් ජලයට බද්දක්. ඔයට වඩා හොදයි ජලය නැතුව මිනිසුන් දුක් විදින පළාත් වලට ජලය සැපයුවා නම්. (නි)
කොන්දක් නැති රටක මිනිස්සු එක එකාගෙන් හිගා කකා ජීවත් වෙනවා. තව ටික දවසකින් චීනෙන් කෑම ඉල්ලාවි. අහෝ පෙරදිග ධානයාගාරය.(නදී)
චීන සමාගමක් ගම්පහට වතුර දෙනවා කියන එක වරදක්. අපි චීනයෙන් ණයක් අරන් ඉන්පසු ඉදිකිරීම චීන සමාගමකටම පවරලා. ණය දීමෙන් පසු පොලිය සමග ණය අයකර ගැනීම තුලින් චීනය ලාබයක් ලබනවා සේම කොන්ත්‍රාත්තුව කරන සමගම එමගින්ද ලාබ ලබනවා. අපි අපේ සල්ලි තමා මේවට වියදම් කරන්නේ. (නි)
මොකද චීන්නු ගම්පහට විතරද වතුර දෙන්නේ ? කොහේ හෝ අවශ්‍ය තැනට දෙනවා නම් හොඳ තමා. චීනට අපේ තිබහ පෙනිලා. (නි)