IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චිත්‍රාල් සිල්වා SDB බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට

SDB බැංකුව සිය ආයතනික කළමනාකරණ මණ්ඩලය තව දුරටත් ශක්තිමත් කරමින් චිත්‍රාල් ද සිල්වා මහතා එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන ව්‍යාපාර නිලධාරී තනතුරට පත් කර ඇත. දශක හතරක් පුරා බැංකු ක්‍ෂේත්‍රයේ අත්දැකීම් සම්භාරයක් ලබා ඇති චිත්‍රාල් මහතා ආයතනික වශයෙන් පරිවර්තනීය වෙනසක් කිරීමේ ශක්‍යතාව ක්‍රියාවෙන් තහවුරු කළ නිලධාරියෙකි. 

Deutsche බැංකුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ චිත්‍රාල් මහතා එහිදී බැංකු මෙහෙයුම් පිළිබඳ සිය කුසලතා ඔප් නංවා ගත්තේය. පසුව සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නායකත්ව ධුරයක් හෙබවූ ඔහු සෙලාන් බැංකුවේ සාර්ථකත්වය උදෙසා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. එසේම ඔහු ශාඛා බැංකු මෙහෙයුම්, සංවර්ධන බැංකුකරණය, ප්‍රතිසාධනය, බැංකු ප්‍රේෂණ සහ ව්‍යාපාරික ඵලදායීතාව උදෙසා ක්‍රමෝපායික පිළිවෙත් සැකසීම යන බැංකුකරණ ක්‍ෂේත්‍රවල ඉහළ ප්‍රවීණත්වයක් හොබවයි. සම්ප්‍රදායයික බැංකුකරණයෙන් ඔබ්බට ගිය චිත්‍රාල් මහතා බැංකුකරණයේ ඩිජිටල් පරිවර්තනය සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ Silicon Valley ys Emojot Inc තොරතුරු තාක්‍ෂණ සමාගමේ ව්‍යාපාර සංවර්ධන උපදේශන කටයුතුවලට සම්බන්ධ වෙමින් සිය අනුවර්තන කුසලතා සහ නව්‍යකරණ සංකල්ප ප්‍රදර්ශනය කර ඇත. 



අදහස් (0)

චිත්‍රාල් සිල්වා SDB බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site