භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී (Gestetner of Ceylon PLC) සමාගමේ කොටස් 1,329,115ක් මිලදී ගැනීමට හොංකොංහි ස්ථාපිත වර්ල්ඩ් එලයිට් ලිමිටඩ් (World Elite Limited) නම් සමාගමක් කටයුතු යොදා ඇතැයි පවසයි. මෙය එම සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 50.01 ක ප්‍රතිශතයකි.
ඊයේ (13) දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබෙන බව ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ. ඒ අනුව මෙහිදී කොටසක් රුපියල් 239.75ක මුදලකට අලෙවි කෙරී ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 318.65ක් (318,655,321.25ක්) ලෙස සටහන්ව තිබේ. සමාගමට අනුව මෙම කොටස් අතරින් 1,263,195ක් එහි විශාලම කොටස් හිමිකරුවා වන ගෙස්ටෙට්නර් (ඊස්ටර්න්) ලිමිටඩ් සමාගමෙන් මිලදී ගෙන ඇති අතර, ඉතිරි කොටස් 65,920 වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෙස්ටෙට්නර්හි සියයට 50ක් හොංකොං සමාගමකට