මෙරට ලොතරැයි ඉතිහාසයේ විශාලතම ත්‍යාගය වූ ලොතරැයි මණ්ඩලයේ ‘ගොවිසෙත‘ ලොතරැයිය ලබාදුන් රුපියල් දහතුන් කෝටි දහතුන් ලක්ෂ හැටදහස් එකසිය තිස් හයයි ශත හතළිහක මුදල හිමිකරගත් ජයග්‍රහාගකයාට එම ත්‍යාගය පිරිනැමීමේ නිල උත්සවය අද (12) මුදල් ඇමැති රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්විණි.
තවත් සුපිරි ත්‍යාග දිනාගත් වාසනාවන්තයින් සය දෙනකුටද එහිදී තෑගි පිරිනැමිණි.
පදලංගල පදිංචි ඒ.එල්.කේ.කීර්ති කුමාර මහතාට ගොවිසෙත විශාලතම තෑගි මුදල හිමිවූ අතර ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරාගේ අදහස හරියටම හරි. අපේ රටේ එච්චර ලොකු මුදලක් එක් කෙනෙකුට දුන්නාට වැඩක් නැහැ (නි)
එදා වේලා හම්බකරගෙන කන අය පිස්සු වට්ටලා රුපියල් 200ක් දවසට ගන්න කෙනා රුපියල් 100 ක ටිකට් ගන්න පොළඹවලා අන්තිමේදී කුට්ටිය පිටින් එක් කෙනෙකුට දීලා දානවා, තව තව තණ්හාධික මනස් වල තිබෙන කෙළෙස් වැඩි කරන්න. මිනිහෙකුට හැදෙන්න ලක්ෂ 25 ක් හොඳටම ඇති. මේ කෝටි 13 ලක්ෂ විසිපහ ගානේ පනහකට තෑගි පනහක් හැටියට දුන්නා නම් මීටවඩා ලොතරැයියත් ජනප්‍රිය වෙනවා. 50 දෙනෙක් ගොඩ යනවා. (නි)
සුබ පැතුම්! (නි)
බන්දුල පෙරේරා, ආයෙත් ආවද ගම කන්න? ඉස්සර වගේමයි. ඔබ තවමත් අනුන්ට ඊර්ෂ්‍යා කරන කෙනෙක්. දැන්වත් හැදෙන්න බලන්න. (නි)
ඔබට උණුසුම් සුබ පැතුම් (බ)
ඔබට උණුසුම් සුබ පැතුම් , මුදල් හරි විදියට ආයෝජනය කරන්න , වෙන අය කියන දේවල් අහන්ට එපා, සල්ලි වියදම් කරන්ට කලින් 10 පාරක් කල්පනා කරලා තීරණයක් ගන්ට , ඉස්සර නොහිටපු යාලුවෝ නෑදෑයෝ දැන් ලංවෙයි , ගනන්ගන්ට එපා , ඒවගේම දුකේදී හිටපු අය , උදව්කරපු අය අමතක කරන්ට එපා, දුප්පත් මිනිස්සුන්ට , ලෙඩ්ඩුන්ට උදව් කරන්ට , ඔබට සුබ අනාගතයක් ......හැකි තරම් පින් කරන්ට , බුදුසරණයි (බ)
පවුල රැකගෙන හොදින් ජීවත් වන්න....මුදල් ලැබුන කියල තමන්ගේ බිරිද දරුවෝ අමතක කරල වැඩ කරන්න යන්න එපා....ඔබට සුබ අනාගතයක්....(බ)
පවුල රැකගෙන හොඳින් ජීවත් වන්න. මුදල් ලැබුනා කියලා තමන්ගේ බිරිද දරුවෝ අමතක කරලා වැඩ කරන්න යන්න එපා. ඔබට සුබ අනාගතයක්! (නි)
පවුල රැකගෙන හොදින් ජීවත් වන්න. මුදල් ලැබුනා කියලා තමන්ගේ බිරිද දරුවෝ අමතක කරලා වැඩ කරන්න යන්න එපා. ඔබට සුබ අනා ගතයක්. (ර)
දනුක මල්ලිට තේරෙන තරම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
දනුක මල්ලිට තේරෙන තරම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.එකාට ගොඩගහල දෙන එකද 50 කට ගොඩ එන්න බෙදල දෙන එකද වඩා සුදුසු කියන එක මොන්ටිසෝරි බබාලටත් තේරෙන යථාර්ථයක්..අවවාදයට ස්තුතියි..එත් කෙනෙකුට පිළිගන්න පුළුවන් විදියට හිතල මාතල හදවතින්ම කෙනෙකුට අවවාදයක් දෙන්න තාම ඔයා ලාබාල වැඩයි බබෝ..(බ)
ලංකාවෙත් එහෙම තමයි ජයග්‍රාහකයින්ගේ කැමැත්ත නැතුව ප්‍රසිද්ද කරන්නේ නෑ.. මෙයා කැමති වෙන්න ඇති. (ර)
බන්දුල පෙරේරාගේ අදහස හරියටම හරි. අපේ රටේ එච්චර ලොකු මුදලක් එක කෙනෙකුට දුන්නට වැඩක් නැහැ, මෙමෙ මුදල ලක්ෂ දහය ගන්නේ දුන්නනම් කීප දෙනෙකුට සෙතක් සෙලසෙනවා.(අ)
බන්දුල පෙරේරාගේ අදහස හරියටම හරි. අපේ රටේ එච්චර ලොකු මුදලක් එක කෙනෙකුට දුන්නට වැඩක් නැහැ, මෙමෙ මුදල ලක්ස දහය ගන්නේ දුන්නනම් කීප දෙනෙකුට සෙතක් සෙලසෙනවා.(අ)
බන්දුල පෙරේරා, ලොතරැයියක පළමුවෙනි තෑග්ග හැමවිටම අනෙකුත් තෑගි වලට වැඩිය විශාල එකක්. කවුරු කවුරුත් උත්සාහ කරන්නේ මුල් දිනුම ලබාගන්නයි. ලෝකයේ කොහෙත් එහෙමයි. (නි)
ලංකාවේ කෝටි දෙකක් වූ ජනගහණයෙන් හරි අඩක් මට රුපියල් දහය බැගින් දුන්නොත්, ඒ කිසි කෙනෙක් දුප්පත් වෙන්නෙත් නැහැ. හාමතේ ඉන්නෙත් නැහැ. ඒත් මගේ අතට කෝටි ගණනක් එනවා. එයින් මගේ ජීවිතයෙත්, මා අවට අයගේ ජීවිත වලත් ලොකු වෙනසක් ඇතිවෙනවා. ඒ මුදල් වඩු කාර්මිකයන් අතට, මේසන් කාර්මිකයන් අතට ගලාගෙන ගොස් ඔවුන් පොහොසත් වෙනවා. එහෙමත් නැත්නම් නාස්ති කිරීමෙන් නැවතත් මුදල් තිබුණු තැන්වලටම විසිරී යනවා. (නි)
ජය වේවා..(ම)
එක පුද්ගලයකුට ස්වීප් එකක් අදුනොත් ඔයා මොකද කරන්නේ කියලා යාලුවෙක් අහල තියනවා, තුනෙන්, එකක් පන්සලටත් ,පාසැලටත්, ඉතිරි කොටස නැති බැරි අයට බෙදා දෙනවා, එතකොට ඔයාට සතයක් වත් ඉතුරු වෙන්නේ නැහැනේද? යහළුවා ඇසූ විට ඔහු පවසා ඇත්තේ මම රුපියල් දහයක් කාගෙන් හරි නයට අරන් තව ස්වීප් එකක් ගන්නා බවයි. (ර)
එක පුද්ගලයකුට ස්වීප් එකක් අදුනොත් උඹ මොකද කරන්නේ කියල යාලුවෙක් අහල තියනවා,තුනෙන්,එකක් පන්සලටත් ,පාසැලටත්, ඉතිරි කොටස නැති බැරි අයට බෙදා දෙනවා,එත කොට උඹට සතයක් වත් ඉතුරු වෙන්නේ නැහැනේද?යහළුවා ඇසූ විට ඔහු පවසා ඇත්තේ මම රුපියල් දහයක් කාගෙන් හරි ණයට අරන් තව ස්වීප් එකක් ගන්න බවයි. (බ)
ඇමෙරිකාවේ වුණත් සමහර ප්‍රාන්තවල පදිංචි අයට කැමති නම් ලොතරැයි දිනුම් අප්‍රසිද්ධියේ ගන්න පුළුවන්. (නි)
මම දන්න විදිහට මේ මුදලින් සියයට 10 රජ බදු වශයෙන් ගන්නවා. මේ මුදල ජයග්‍රාහකයන් 10 දෙනෙකු අතරේවත් බෙදිලා ගියා නම් තමයි හොඳ. එතකොට 10 දෙනෙක් කෝටිපතියො වෙනවා. මින් ඉදිරියටවත් ඒ ගැන ලොතරැයි මණ්ඩලයේ අවධානය යොමු වියයුතුයි. කොහොම වුණත් මල්ලියෙ මේ මුදල පරිස්සම් කරගන්න. නැති නෑදෑයො. යාළු මිත්‍රයො, අර සංවිධාන, මේ සංවිධාන හොයාගෙන එයි. ගමේ රෝහලට, අසාධ්‍ය දුප්පත් රෝගියෙකුට දෙන්නෙකුට උදව් කළාට කමක් නැහැ. අම්මා තත්තා ඉන්නවා නම් උන්දැලාට ජීවිත කාලයටම සැපෙන් සතුටින තියන්න අවශ්‍ය පසුබිම සකසන්න. හැබැයි නරක ගමන් බිමන් යන්න එපා. කොහේ හිටියත් මුල අමතක කරන්න එපා. හිතන්න ඔයාට මේ තෑගි මුදල දෙන්න මේ රටේ කීදෙනෙක් රුපියල් 20 ගානෙ දීලා ඇද්ද කියලා. ඔබ හොඳින් හිටියොත් ඒ අයටත් නම්බුවක්. (නි)
හොද දෙයක්. (ර)
සුබ පැතුම්. (කෞ)
විජිත්, ඔය බටහිර කොයි රටේද දන්නෙ නැහැ නේද? ඇමරිකාවේ නම් ළඟදි බිලියන 1.5ක් වුණ තෑග්ග පවා දුන්නේ ප්‍රසිද්ධියේ. ඇමරිකාවේ ත්‍යාග මුදල අනිවාර්යයෙන්ම ලබා දෙනවා විනිවිදභාවය තියාගන්න (නි)
සැබෑම වාසනාවන්තයෙක් (නි)
ඔබට සුබ පැතුම්! නිදුක් නිරෝගී ජිවිතයක් ගෙවන්න සියලු දෙවියන්ගේ පිහිටයි (නි)
සන්තෝෂයි .. ඕනවට වඩා ආධාර දෙන්න යන්න එපා .. එකම බැංකුවක මුළු මුදලම දමන්නත් එපා .. ඕනවට වඩා ඉඩම් ගෙවල් දොරවල්, වාහන ගන්න එපා .. නොදන්නා දේවල් වලට ආයෝජනය කරන්නත් එපා .. ලෝකේ වටේ රවුම් ගියාට කමක් නැ ..නමුත් ලොකු ලොකු හෝටල් වල නවතින්න යන්නත් එපා ..(බ)
හොඳ වැඩකට ආයෝජනය කරන්න. (ර)
මුදල් යහපත් විදියට යොදවන්න එවිට ඔබට වරදින්නේ නැහැ ඔය වගේ ලොකු මුදල් ලැබුණු අය පිස්සු නටලා අන්තිමට හිටියට වඩා අසරණ වෙච්ච අවස්ථා ඒමට තියනවා. නිහතමානිව ආයෝජනය කර අනාගතය සකසා ගන්න. (ර)
අපගේ උණුසුම් සුබ පැතුම්! සුබ අනාගතයක්! (නි)
මෙය ඔබේ දිවියට අත්වැලක් වේවි. (ර)
සමහර බටහිර රටවල ලොතරැයි ජයග්‍රාහකයින්ගෙන් පළමුව විමසනවා, ඒ අය ප්‍රසිද්ධියේ ත්‍යාගය ගන්නවාද නැතිනම් අප්‍රසිද්ධියේම ත්‍යාගය බැංකුවට යවන්නද කියලා.ඒ වෙන කිසිවක් නිසා නොව, ජයග්‍රාහකයාගේ ආරක්ෂාව සඳහායි.(කෞ)
උණුසුම් සුබ පැතුම්.! (ර)
විජිත් හරි, ඇමෙරිකාවේ එහෙම නොවුනාට එංගලන්තයේ නම් ලොතරැයි ජයග්‍රාහකයන්ට අප්‍රසිද්දියේ මුදල් තෑග්ග ගන්න පුළුවන්. එහෙම තමයි සිදුවිය යුත්තේ. (ර)
ඔබට මාගේ සුබ පැතුම්.! (ර)
ඔබ වාසනාවන්තයෙක්. ගුරුවරයෙක් විදියට දිගටම ඉන්න. (ර)
සුබ පැතුම්! (නි)
අනන්‍යතාව හෙළිකිරීම වැරදි දෙයක්. අතීතයේ ජයග්‍රාහකයෝ වෙලා ජීවිතයෙන් වන්දි ගෙවපු පුද්ගලයෝ සිටියා (ම)
එංගලන්තේ වගේ ලංකාවේ ඕක අප්‍රසිද්දියේ දුන්නනම් ඉස්සෙල්ලම අමතයංශ ලොක්කෝ ටික තමා අරගන්නේ.(කෞ)
මේ මුදල් සම්මාදම් මුදල්. හැකි තරම් පින් කරන්න .එවිට ඔබ ආරක්ෂා වේවි, (බ)
මෙතරම් අතිවිශාල මුදල් තෑග්ගක් දිනු ඔබට මගේ සුබ පැතුම්. මා පදිංචි මෙරටේ ලොතරැයි ජයග්‍රාහකයින්ගේ පින්තූරයක් තියා නමක්වත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ, ඔහුගේ ආරක්ෂාව සඳහා. කොහොම වුණත් මාෆියා කල්ලි වලින් ඔබේත්, ඔබ පවුලේ අයගේ ආරක්ෂාවත් සඳහා සූදානම් වෙන්න (නි)