IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ගොවිසෙත සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයා තෑගි ලබයි

මෙරට ලොතරැයි ඉතිහාසයේ විශාලතම ත්‍යාගය වූ ලොතරැයි මණ්ඩලයේ ‘ගොවිසෙත‘ ලොතරැයිය ලබාදුන් රුපියල් දහතුන් කෝටි දහතුන් ලක්ෂ හැටදහස් එකසිය තිස් හයයි ශත හතළිහක මුදල හිමිකරගත් ජයග්‍රහාගකයාට එම ත්‍යාගය පිරිනැමීමේ නිල උත්සවය අද (12) මුදල් ඇමැති රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්විණි.

තවත් සුපිරි ත්‍යාග දිනාගත් වාසනාවන්තයින් සය දෙනකුටද එහිදී තෑගි පිරිනැමිණි.

පදලංගල පදිංචි ඒ.එල්.කේ.කීර්ති කුමාර මහතාට ගොවිසෙත විශාලතම තෑගි මුදල හිමිවූ අතර ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි.

govisetha_20162124 govisetha_20162124-2 govisetha_20162124-3



අදහස් (0)

ගොවිසෙත සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයා තෑගි ලබයි

බන්දුල පෙරේරා Thursday, 18 February 2016 01:06 AM

එදා වේලා හම්බකරගෙන කන අය පිස්සු වට්ටලා රුපියල් 200ක් දවසට ගන්න කෙනා රුපියල් 100 ක ටිකට් ගන්න පොළඹවලා අන්තිමේදී කුට්ටිය පිටින් එක් කෙනෙකුට දීලා දානවා, තව තව තණ්හාධික මනස් වල තිබෙන කෙළෙස් වැඩි කරන්න. මිනිහෙකුට හැදෙන්න ලක්ෂ 25 ක් හොඳටම ඇති. මේ කෝටි 13 ලක්ෂ විසිපහ ගානේ පනහකට තෑගි පනහක් හැටියට දුන්නා නම් මීටවඩා ලොතරැයියත් ජනප්‍රිය වෙනවා. 50 දෙනෙක් ගොඩ යනවා. (නි)

:       0       0

ආරියසේන Thursday, 18 February 2016 06:39 AM

පවුල රැකගෙන හොදින් ජීවත් වන්න. මුදල් ලැබුනා කියලා තමන්ගේ බිරිද දරුවෝ අමතක කරලා වැඩ කරන්න යන්න එපා. ඔබට සුබ අනා ගතයක්. (ර)

:       0       0

චමල්කා Thursday, 18 February 2016 01:46 AM

සුබ පැතුම්! (නි)

:       0       0

දනුක Thursday, 18 February 2016 01:47 AM

බන්දුල පෙරේරා, ආයෙත් ආවද ගම කන්න? ඉස්සර වගේමයි. ඔබ තවමත් අනුන්ට ඊර්ෂ්‍යා කරන කෙනෙක්. දැන්වත් හැදෙන්න බලන්න. (නි)

:       0       0

ඉන්දික Monday, 15 February 2016 09:08 AM

එංගලන්තේ වගේ ලංකාවේ ඕක අප්‍රසිද්දියේ දුන්නනම් ඉස්සෙල්ලම අමතයංශ ලොක්කෝ ටික තමා අරගන්නේ.(කෞ)

:       0       0

ලලිත් Saturday, 13 February 2016 01:17 AM

සැබෑම වාසනාවන්තයෙක් (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 13 February 2016 01:24 AM

ඔබට සුබ පැතුම්! නිදුක් නිරෝගී ජිවිතයක් ගෙවන්න සියලු දෙවියන්ගේ පිහිටයි (නි)

:       0       0

ජෝසප් පෙරේරා Friday, 19 February 2016 01:11 AM

ලංකාවේ කෝටි දෙකක් වූ ජනගහණයෙන් හරි අඩක් මට රුපියල් දහය බැගින් දුන්නොත්, ඒ කිසි කෙනෙක් දුප්පත් වෙන්නෙත් නැහැ. හාමතේ ඉන්නෙත් නැහැ. ඒත් මගේ අතට කෝටි ගණනක් එනවා. එයින් මගේ ජීවිතයෙත්, මා අවට අයගේ ජීවිත වලත් ලොකු වෙනසක් ඇතිවෙනවා. ඒ මුදල් වඩු කාර්මිකයන් අතට, මේසන් කාර්මිකයන් අතට ගලාගෙන ගොස් ඔවුන් පොහොසත් වෙනවා. එහෙමත් නැත්නම් නාස්ති කිරීමෙන් නැවතත් මුදල් තිබුණු තැන්වලටම විසිරී යනවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 18 February 2016 04:11 PM

දනුක මල්ලිට තේරෙන තරම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

අමල් Sunday, 14 February 2016 06:59 AM

ඔබට මාගේ සුබ පැතුම්.! (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 14 February 2016 06:59 AM

ඔබ වාසනාවන්තයෙක්. ගුරුවරයෙක් විදියට දිගටම ඉන්න. (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 16 February 2016 01:57 AM

මෙතරම් අතිවිශාල මුදල් තෑග්ගක් දිනු ඔබට මගේ සුබ පැතුම්. මා පදිංචි මෙරටේ ලොතරැයි ජයග්‍රාහකයින්ගේ පින්තූරයක් තියා නමක්වත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ, ඔහුගේ ආරක්ෂාව සඳහා. කොහොම වුණත් මාෆියා කල්ලි වලින් ඔබේත්, ඔබ පවුලේ අයගේ ආරක්ෂාවත් සඳහා සූදානම් වෙන්න (නි)

:       0       0

ඉෂාන් Saturday, 13 February 2016 03:48 PM

අපගේ උණුසුම් සුබ පැතුම්! සුබ අනාගතයක්! (නි)

:       0       0

මහින්ද සෞදි Friday, 19 February 2016 10:16 AM

එක පුද්ගලයකුට ස්වීප් එකක් අදුනොත් ඔයා මොකද කරන්නේ කියලා යාලුවෙක් අහල තියනවා, තුනෙන්, එකක් පන්සලටත් ,පාසැලටත්, ඉතිරි කොටස නැති බැරි අයට බෙදා දෙනවා, එතකොට ඔයාට සතයක් වත් ඉතුරු වෙන්නේ නැහැනේද? යහළුවා ඇසූ විට ඔහු පවසා ඇත්තේ මම රුපියල් දහයක් කාගෙන් හරි නයට අරන් තව ස්වීප් එකක් ගන්නා බවයි. (ර)

:       0       0

සුනිල් Monday, 15 February 2016 05:33 AM

සුබ පැතුම්! (නි)

:       0       0

චන්න බුවනක Monday, 15 February 2016 02:21 PM

මේ මුදල් සම්මාදම් මුදල්. හැකි තරම් පින් කරන්න .එවිට ඔබ ආරක්ෂා වේවි, (බ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 18 February 2016 04:04 PM

දනුක මල්ලිට තේරෙන තරම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.එකාට ගොඩගහල දෙන එකද 50 කට ගොඩ එන්න බෙදල දෙන එකද වඩා සුදුසු කියන එක මොන්ටිසෝරි බබාලටත් තේරෙන යථාර්ථයක්..අවවාදයට ස්තුතියි..එත් කෙනෙකුට පිළිගන්න පුළුවන් විදියට හිතල මාතල හදවතින්ම කෙනෙකුට අවවාදයක් දෙන්න තාම ඔයා ලාබාල වැඩයි බබෝ..(බ)

:       0       0

විජිත් Friday, 12 February 2016 04:22 PM

සමහර බටහිර රටවල ලොතරැයි ජයග්‍රාහකයින්ගෙන් පළමුව විමසනවා, ඒ අය ප්‍රසිද්ධියේ ත්‍යාගය ගන්නවාද නැතිනම් අප්‍රසිද්ධියේම ත්‍යාගය බැංකුවට යවන්නද කියලා.ඒ වෙන කිසිවක් නිසා නොව, ජයග්‍රාහකයාගේ ආරක්ෂාව සඳහායි.(කෞ)

:       0       0

විජිත් Friday, 12 February 2016 04:26 PM

සුබ පැතුම්. (කෞ)

:       0       0

මහින්ද සෞදි Friday, 19 February 2016 10:21 AM

එක පුද්ගලයකුට ස්වීප් එකක් අදුනොත් උඹ මොකද කරන්නේ කියල යාලුවෙක් අහල තියනවා,තුනෙන්,එකක් පන්සලටත් ,පාසැලටත්, ඉතිරි කොටස නැති බැරි අයට බෙදා දෙනවා,එත කොට උඹට සතයක් වත් ඉතුරු වෙන්නේ නැහැනේද?යහළුවා ඇසූ විට ඔහු පවසා ඇත්තේ මම රුපියල් දහයක් කාගෙන් හරි ණයට අරන් තව ස්වීප් එකක් ගන්න බවයි. (බ)

:       0       0

ඒකනායක Thursday, 18 February 2016 04:23 PM

බන්දුල පෙරේරාගේ අදහස හරියටම හරි. අපේ රටේ එච්චර ලොකු මුදලක් එක් කෙනෙකුට දුන්නාට වැඩක් නැහැ (නි)

:       0       0

ඒකනායක Thursday, 18 February 2016 04:32 PM

බන්දුල පෙරේරාගේ අදහස හරියටම හරි. අපේ රටේ එච්චර ලොකු මුදලක් එක කෙනෙකුට දුන්නට වැඩක් නැහැ, මෙමෙ මුදල ලක්ෂ දහය ගන්නේ දුන්නනම් කීප දෙනෙකුට සෙතක් සෙලසෙනවා.(අ)

:       0       0

ජයවික්‍රම Sunday, 21 February 2016 11:06 PM

මම දන්න විදිහට මේ මුදලින් සියයට 10 රජ බදු වශයෙන් ගන්නවා. මේ මුදල ජයග්‍රාහකයන් 10 දෙනෙකු අතරේවත් බෙදිලා ගියා නම් තමයි හොඳ. එතකොට 10 දෙනෙක් කෝටිපතියො වෙනවා. මින් ඉදිරියටවත් ඒ ගැන ලොතරැයි මණ්ඩලයේ අවධානය යොමු වියයුතුයි. කොහොම වුණත් මල්ලියෙ මේ මුදල පරිස්සම් කරගන්න. නැති නෑදෑයො. යාළු මිත්‍රයො, අර සංවිධාන, මේ සංවිධාන හොයාගෙන එයි. ගමේ රෝහලට, අසාධ්‍ය දුප්පත් රෝගියෙකුට දෙන්නෙකුට උදව් කළාට කමක් නැහැ. අම්මා තත්තා ඉන්නවා නම් උන්දැලාට ජීවිත කාලයටම සැපෙන් සතුටින තියන්න අවශ්‍ය පසුබිම සකසන්න. හැබැයි නරක ගමන් බිමන් යන්න එපා. කොහේ හිටියත් මුල අමතක කරන්න එපා. හිතන්න ඔයාට මේ තෑගි මුදල දෙන්න මේ රටේ කීදෙනෙක් රුපියල් 20 ගානෙ දීලා ඇද්ද කියලා. ඔබ හොඳින් හිටියොත් ඒ අයටත් නම්බුවක්. (නි)

:       0       0

ඒකනායක Thursday, 18 February 2016 04:33 PM

බන්දුල පෙරේරාගේ අදහස හරියටම හරි. අපේ රටේ එච්චර ලොකු මුදලක් එක කෙනෙකුට දුන්නට වැඩක් නැහැ, මෙමෙ මුදල ලක්ස දහය ගන්නේ දුන්නනම් කීප දෙනෙකුට සෙතක් සෙලසෙනවා.(අ)

:       0       0

දීප්ති Friday, 19 February 2016 08:40 PM

ඇමෙරිකාවේ වුණත් සමහර ප්‍රාන්තවල පදිංචි අයට කැමති නම් ලොතරැයි දිනුම් අප්‍රසිද්ධියේ ගන්න පුළුවන්. (නි)

:       0       0

ශාමිණි ද සිල්වා - වත්තල Thursday, 18 February 2016 05:34 PM

බන්දුල පෙරේරා, ලොතරැයියක පළමුවෙනි තෑග්ග හැමවිටම අනෙකුත් තෑගි වලට වැඩිය විශාල එකක්. කවුරු කවුරුත් උත්සාහ කරන්නේ මුල් දිනුම ලබාගන්නයි. ලෝකයේ කොහෙත් එහෙමයි. (නි)

:       0       0

බෙනට් Saturday, 13 February 2016 05:30 AM

සන්තෝෂයි .. ඕනවට වඩා ආධාර දෙන්න යන්න එපා .. එකම බැංකුවක මුළු මුදලම දමන්නත් එපා .. ඕනවට වඩා ඉඩම් ගෙවල් දොරවල්, වාහන ගන්න එපා .. නොදන්නා දේවල් වලට ආයෝජනය කරන්නත් එපා .. ලෝකේ වටේ රවුම් ගියාට කමක් නැ ..නමුත් ලොකු ලොකු හෝටල් වල නවතින්න යන්නත් එපා ..(බ)

:       0       0

සමරසේකර Friday, 12 February 2016 08:28 PM

විජිත්, ඔය බටහිර කොයි රටේද දන්නෙ නැහැ නේද? ඇමරිකාවේ නම් ළඟදි බිලියන 1.5ක් වුණ තෑග්ග පවා දුන්නේ ප්‍රසිද්ධියේ. ඇමරිකාවේ ත්‍යාග මුදල අනිවාර්යයෙන්ම ලබා දෙනවා විනිවිදභාවය තියාගන්න (නි)

:       0       0

චන්දිකා Friday, 19 February 2016 08:30 AM

ජය වේවා..(ම)

:       0       0

අමල් Sunday, 14 February 2016 02:29 AM

මෙය ඔබේ දිවියට අත්වැලක් වේවි. (ර)

:       0       0

දාස Sunday, 14 February 2016 02:36 AM

හොද දෙයක්. (ර)

:       0       0

නිලන්ත Sunday, 14 February 2016 02:37 AM

උණුසුම් සුබ පැතුම්.! (ර)

:       0       0

සුරන් Monday, 15 February 2016 08:30 AM

අනන්‍යතාව හෙළිකිරීම වැරදි දෙයක්. අතීතයේ ජයග්‍රාහකයෝ වෙලා ජීවිතයෙන් වන්දි ගෙවපු පුද්ගලයෝ සිටියා (ම)

:       0       0

ගිහාන් සේනාරත්න Sunday, 14 February 2016 02:38 AM

විජිත් හරි, ඇමෙරිකාවේ එහෙම නොවුනාට එංගලන්තයේ නම් ලොතරැයි ජයග්‍රාහකයන්ට අප්‍රසිද්දියේ මුදල් තෑග්ග ගන්න පුළුවන්. එහෙම තමයි සිදුවිය යුත්තේ. (ර)

:       0       0

චමින්ද Thursday, 18 February 2016 06:30 AM

ඔබට උණුසුම් සුබ පැතුම් (බ)

:       0       0

දුමින්ද Thursday, 18 February 2016 06:30 AM

ඔබට උණුසුම් සුබ පැතුම් , මුදල් හරි විදියට ආයෝජනය කරන්න , වෙන අය කියන දේවල් අහන්ට එපා, සල්ලි වියදම් කරන්ට කලින් 10 පාරක් කල්පනා කරලා තීරණයක් ගන්ට , ඉස්සර නොහිටපු යාලුවෝ නෑදෑයෝ දැන් ලංවෙයි , ගනන්ගන්ට එපා , ඒවගේම දුකේදී හිටපු අය , උදව්කරපු අය අමතක කරන්ට එපා, දුප්පත් මිනිස්සුන්ට , ලෙඩ්ඩුන්ට උදව් කරන්ට , ඔබට සුබ අනාගතයක් ......හැකි තරම් පින් කරන්ට , බුදුසරණයි (බ)

:       0       0

නිෂා Tuesday, 16 February 2016 05:38 AM

ලංකාවෙත් එහෙම තමයි ජයග්‍රාහකයින්ගේ කැමැත්ත නැතුව ප්‍රසිද්ද කරන්නේ නෑ.. මෙයා කැමති වෙන්න ඇති. (ර)

:       0       0

ආරියසේන Thursday, 18 February 2016 06:38 AM

පවුල රැකගෙන හොදින් ජීවත් වන්න....මුදල් ලැබුන කියල තමන්ගේ බිරිද දරුවෝ අමතක කරල වැඩ කරන්න යන්න එපා....ඔබට සුබ අනාගතයක්....(බ)

:       0       0

අකීල් Saturday, 13 February 2016 06:46 AM

හොඳ වැඩකට ආයෝජනය කරන්න. (ර)

:       0       0

සමන් Saturday, 13 February 2016 06:53 AM

මුදල් යහපත් විදියට යොදවන්න එවිට ඔබට වරදින්නේ නැහැ ඔය වගේ ලොකු මුදල් ලැබුණු අය පිස්සු නටලා අන්තිමට හිටියට වඩා අසරණ වෙච්ච අවස්ථා ඒමට තියනවා. නිහතමානිව ආයෝජනය කර අනාගතය සකසා ගන්න. (ර)

:       0       0

ආරියසේන Thursday, 18 February 2016 06:39 AM

පවුල රැකගෙන හොඳින් ජීවත් වන්න. මුදල් ලැබුනා කියලා තමන්ගේ බිරිද දරුවෝ අමතක කරලා වැඩ කරන්න යන්න එපා. ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 22 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 43 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 55 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 13 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 20 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 18 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 749 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 192 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1234 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site