IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ගුවන්තොටේ ලොතරැයි කාරය ඉන්දියාවට

ගුවන්තොටුපළ හා ගුවන් සේවා  (ශ්‍රී ලංකා) සමාගම වාර්ෂිකව පවත්වනු ලබන නත්තල් වෙළද සැණකෙළියේ   ප‍්‍රථම ත්‍යාගය වු  අයිඩියල් චෙරි ඔටෝ මොබයිල්  නව චෙරි ජේ3 මෝටර් රථය  මෙවර හිමිකරගැනීමට ඉන්දියන් ජාතිකයෙකු වු දීපේෂ් ප‍්‍රදාන් මහතා සමත් විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සේද මාවතේදී  අද  පැවැති  නත්තල්  වෙළද සැණකෙළියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති ආනන්ද විමලසේන මහතා විසින් ජයග‍්‍රාහී මෝටර් රථයේ යතුර  දිනේෂ් ප‍්‍රදාන් මහතාට බාර දුන්නේය.

ගුවන්තොපොළෙහි පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්තයන්හි තීරු බදු රහිත අලවිසැල් සමග ඇතිකරගත් සහයෝගීතාවයෙන් මෙම ප‍්‍රවර්ධණ වැඩසටහන පැවැත්වුණි.

මෙවර මෙම සැනකෙළියේ සජීවී අත්දැකීම් ලබා ගැනීමට මෙරටට ඇතුළුවන ප‍්‍රධාන දොරටුව වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා මෙරටට පැමිණෙන හා මෙරටින් පිටවන මගීන් හට මෙන්ම  දෙවන ජාත්‍යන්තර  ගුවන්තොටුපල වන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිතා කරන මගීන් සඳහාද ලබා දීමට කටයුතු යොදා තිබුණි.

ගුවන්තොටුපලවල් දෙකෙහිම ඇතුල්වීමේ හා පිටවීමේ පර්යන්තයන්හි තීරුබදු රහිත අලෙවි සැලකින් ඇමරිකානු ඩොලර් 10 ක් හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් මිලදී ගැනීමක් කරනු ලැබූ සෑම ගුවන් මගියෙක්ම මෙම විශේෂ දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබු අතර එයින් වාසනාවන්තයින් නව දෙනෙකු තෝරාගන්නා ලදී.

මෙහි ප‍්‍රථම ත්‍යාගය ලෙස අයඩියල් චෙරි ඔටෝ මෝබයිල් පුද්ගලික සමාගම විසින් පිරිනැමුන නවතම චෙරි ජේ3 මෝටර් රථය ඉන්දියන් ජාතිකයෙකු වන දිනේෂ් ප‍්‍රදාන් මහතාට හිමිවුණි.

කැනඩාවේ පදිංචි ශ‍්‍රී ලාංකිකයෙකු වන කේ.ජී ලහිරු ඉෂාන් සමරනායක රුපියල් ලක්ෂ පහක ත්‍යාගයක්ද,  ඕස්ටෙ‍්‍රිලියාවේ පදිංචි ශ‍්‍රී ලාංකිකයෙකු වන බර්නඞීන් ද සිල්වා රුපියල් දෙලක්ෂ පනස් දහසක්ද, කැළණියේ ජී.එමි.ඒ.ඒ.අයි පෙරේරා රුපියල් එක් ලක්ෂ පනස් දහසක්ද ඉන්දියන් ජාතිකයෙකු වන සංජීව කුමාර් අගර්වාල් රුපියල් ලක්ෂයක්ද හිමිකරගත්තේය.

මීට අමතරව බත්තරමුල්ලේ සුනිල් ජයවර්ධන 40‘‘ සැම්සුන්ග් රූපවාහිණී යන්ත‍්‍රයද, කඩුවෙල ජී.කේ.එල් විජේතිලක එල්.ජී දොර දෙකේ ශීතකරනයක්ද, කොළඹ 03 නිශාන්ති රත්වත්ත සිංගර් ලැප්ටොප් යන්ත‍්‍රයක්ද, දුම්මලසුරිය කේ.පී.ජී පෙරේරා අරිස්ටන් ලිප් පහේ උඳුනක්ද හිමිකරගත්තාය.

මෙම අවස්ථාව වර්ණවත් කිරීම සඳහා අයිඩියල් චෙරි ඔටෝ මෝබයිල් සමාගම, නේෂන් ට‍්‍රස්ට් බැංකුව සහ ඩයලොග් සමාගම අනුග‍්‍රාහකත්වය දැරීය.

මෙම  වෙළඳ සැණකෙළියට සමාගාමීව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම තීරුබදු රහිත අලෙවිසැල් සමගින් එක්ව  ආබාධිත දරුවන් දස දෙනෙකුට විශේෂ රෝද පුටු සහා රුපියල් 135,000 ක මුදල් පරිත්‍යාගයක්ද මෙහිදී සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට ගුවන්තොටුපල සහ ගුවන් සේවා ශ‍්‍රී ලංකා සමාගමේ සභාපති ආනන්ද විමලසේන, උප සභාපති සංජීව විජේරත්න සමග අයිඩියල් චෙරි ඔටෝ මොබයිල් සමාගමේ උප සභාපති අරවින්ද ද සිල්වා මහතා ඇතුලූ අනුග්‍රාහකයෝ රැසක් එක් වුහ.  

18
 

1 3 4-1 6 7 8 9 10 11 12 13 14 15-1



අදහස් (0)

ගුවන්තොටේ ලොතරැයි කාරය ඉන්දියාවට

ඉඳුනිල් Saturday, 02 May 2015 06:18 AM

අවුරුදු තෑග්ග අසල්වැසියාට! (නි)

:       0       0

තිළිණ Saturday, 02 May 2015 12:48 AM

මෙදා අවුරුද්ද සරුයි එහෙනම් (නි)

:       0       0

කැළුම් Saturday, 02 May 2015 12:48 AM

සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16951 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site