නිමල කොඩිතුවක්කු
ගුවන් සේවා නිරුපද්රිතාව සඳහා වන ජාතික වනජීවී උපද්රව කළමනා කරණ කමිටුව ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ජාත්යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියෙහි (චිකාගෝ සම්මුතිය) ගිවිසුම්ගත රාජ්යයක් වශයෙන් ශ්රී ලංකාව විසින් එම සම්මුතියේ විධිවිධාන පරිදි ගුවන් යානා සහ වනජීවී ගැටීම් උපද්රව අවම කර ගැනීම සඳහා අදාළ ප්රමිති සහ නිර්දේශිත පරිචයන් ක්රියාත්මක කරනු ලැබිය යුතු වේ. විශේෂයෙන්ම ජාත්යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතියේ 14 වන ඇමුණුමෙහි පළමු වන වෙළුමේ 9.4 ඡේදයට අනුව ජාතික ක්රියාපටිපාටියක් භාවිතයෙන් ගුවන් යානා සහ වනජීවී ගැටීම් සටහන් කර ගැනීම හා වාර්තා කිරීම, උවදුරු ඇති කළ හැකි වනජිවීන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සහ නිසි සුදුසුකම් ඇති අය විසින් කෙරෙන අඛණ්ඩ ඇගයීමෙන් ගගන යාත්රාංගනයක හෝ ඒ ආසන්න ප්රදේශයක සිදුවන වනජීවී ගැටීම් උපද්රව තක්සේරු කළ යුතු වේ.
ජාත්යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතියේ ආසියා සහ ශාන්තිකර කලාපය සඳහා වන මාර්ගෝපදේශ මගින් මෙම කරුණට අදාළව ජාතික මට්ටමේ ක්රියාමාර්ග ගැනීමට පහසුකම් සැලසීම සඳහා වනජිවී උපද්රව කළමනාකරණ කමිටුවක් හෝ සංසදයක් පිහිටුවීමට හැකි වන පරිදි විධි විධාන සලසා තිබේ.
සිවිල් ගුවන් සේවා කටයුතුවලට අදාළව වනජීවී උපද්රව කළමනාකරණය සඳහා ජාතික සම්බන්ධීකරණ යාන්ත්රණය වශයෙන් අදාළ සියලු පාර්ශ්වකාර ආයතන නියෝජනය වන පරිදි ගුවන් සේවා නිරුපද්රිතතාව සඳහා වන ජාතික වනජීවී උපද්රව කළමනාකරණ කමිටුව ස්ථාපනය කිරීමට කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd