ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ‍්‍රී ලංකා සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළඳ සැනකෙලි ලොතරැයි දිනුම් ඇදීමෙන් මෙවර ජයග‍්‍රාහකයා වෙමින් මයික්‍රෝ පැන්ඩා මෝටර් රථයක් හිමිකරගත්තේ ගම්පහ අනුර විජේරත්න මහතා විසිනි.
සෙසු ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් වූයේ ඉන්දීවරී රත්නායක(කඩවත), පී.එස්.එල් අමරසිංහ(ගාල්ල), දිලිප් රත්නායක(කුරුණෑගල), එම්.ඞී.ඒ පෙරේරා(නුගේගොඩ), සමිත් ඉෂාර(මීගමුව), එම්.එම් රිෆාන්ස්(උකුවෙල) , ආර්.එම් ශ‍්‍රියාලතා(අනුරාධපුර), කේ.ඞී චන්දන(කඩවත), සරත්(මහරගම), පී.කේ ඉන්දික(ජා ඇල) මහත්ම මහත්මීන්ය.
මෙම ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සඳහා අගල් 40 එල්.සී.ඞී රූපවාහිණී යන්ත‍්‍ර, රෙදි සෝදන යන්ත‍්‍ර, ශීතකරන සහ ලැප් ටොප් පරිගනක ප‍්‍රදානය කිරීමද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ‍්‍රයේදී සිදුකෙරිණි.
.මෙම අවස්ථාවට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ‍්‍රී ලංකා සමාගමේ සභාපති ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, මයිකෝ හෝල්ඩින්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී ශ‍්‍රී ලාල් අමරසිංහ, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී උදේනි ආරියරත්න යන මහත්වරුන් ඇතුළු තීරු බදු රහිත සාප්පු හිමියන් ගුවන්තොටුපොළ ප‍්‍රධානීන්හු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා, ඔය වාහනයට සුපර් පැට්‍රොල් ගහනකොට ඔයා කොට උඩ. ලීටරයක් රුපියල් 170/=.විකුණලා ඩීසල් වාහනයක් ගන්න (නි)
ඉස්සර හැම අවුරුද්දේම දුන්නේ BMW කාර් එකක් ඔය ටිකට් එකට, දැන් මයික්‍රෝ.හපොයි!! මීට වඩා හොදයි සල්ලි දුන්නනම්. (ස)
ලීලසේනට පිස්සුද මන්ද? තව ටිකක් වැහුනානම් ඔය නැටුමේ මොනවා බලන්නද? (නදී)
නටන නන්ගිලාගෙ ඇග තව ටිකක් වැහුනා නම් හොදයි. (නි)
අපෙනුත් සුභ පැතුම්.. ! .(ස)
කාර් එක ඇදුනේ ගාල්ලේ කෙනාට කියල මුලින් එස්.එම්.එස් එකක් එවලා පස්සේ ගම්පහට ගියේ කොහොමද කියලා කව්ද දන්නේ?(නදී)
සුභපැතුම්
නියමයිනේ (නි)
අර "යුනියන් ජැක්" එංගලන්තේ ටි ෂට් එකක් ඇදන් ඉන්න අක්කට මොකද්ද ඇදිලා තියන තෑග්ග.(නදී)
අපේ රටේ වාහනයක හොද නාරක බලන එකම මිම්ම "තෙල් වැඩ කරන ප්‍රමාණය. මේකට කියන්නේ හිගන නියාය. මොකෝ වෙන රටවල් බලන්නේ ආරක්ෂාව,කරියක්ෂමතාවේ. තෙල් කියන්නේ අන්තිමට බලන මිම්ම. මේ හිගන කමට අපේ කාර් එකට බනින්න එපා.(නදී)
සුද්දෝ දියුණු වෙන්නේ උත්සාහයෙන්. කාටවත් වැරදුනාම උන් අපේ අය වගේ හිනා වෙන්නේ නැහැ. අපේ වාහනේ ඔය මෝඩයෝ කියන තරම් සවුත්තු නෑ. මන් කියන්නේ නෑ එක ඉස්තරම්ම කියල. නමුත් ඉන්දියාවේ වාහන වලට වැඩ නම් හොදයි.(නදී)
අපේ වාහනේ අල්ලපු රටේ වාහන වලට වැඩ සැප පහසුයි, ලස්සනයි. (නදී)
අයි මිනිසුනේ අපේ වාහනේට ගරහන්නේ. කෑලි ගෙනත් හයි කලත් මේක අපේ නමකින් පාරේ දුවන්නේ. මන් නම් කියන්නේ කෑලිත් අපි හදමු කියලා. මේ වාහනේ ප්‍රශ්න තිබුනත් මට නම් හොදට විස්වාසයි අල්ලපු රටේ කසි කබල් වලට වැඩිය නම් හොදයි කියල.(නදී)
කාර් එක කෙසේවෙතත් අනිත් විදුලි බඩු ගෙනිච්චම දැන් තියන විදුලි බිලත් එක්ක විදුලි සැර වද්දගන්න තමයි වෙන්නේ (නි)
ඔය කාර් දැන් විකුණගන්න අමාරුයි. (නි)
අනේ අපේ තීරු බදු රහිත සාප්පු වල ගණන් අර එළියේ තියෙන කඩවල වගේ ඉංගිරීසි අකුරු දාලනේ පෙන්නන්නේ. එයාලගේ ගාන ගන්නවා මිනිස්සුන්ගෙන්.ඕවා බලන්න අපේ රටේ ඉන්න ලොකු අයගේ අස් පෙනෙන්නේ නැහැනේ. (නි)
අනුර මහත්මයා, ඔබතුමා රේගුවේද රැකියාව කරන්නේ? අනේ අපොයි කියන්න බැහැ අපේ කට්ටිය දන්නේ අනුන්ට ගරහන්න විතරයි. (නි)
මම හිතන්නේ තෑගි ටික පරිත්‍යාග කරලා තියෙන්නේ මේ තීරු බදු රහිත සාප්පු හිමියන් වෙන්න ඕනෑ.මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ලස්සන කාර් එක. සිරිලක දේ සිරිසැප දේ.... (නි)
නියම කාර් එක. (නි)
අපේ මිනිස්සු හැමදාමත් අපේ දේවල් වලට ගැරහුවා මිසක් අගය කළේ කී දෙනාද? (නි)
අනේ අර නටන නංගිලාට ඇදුනා නම් ඔක්කොටම වඩා වටිනවා. (නි)
නිකන් ලැබිච්ච අශ්වයගේත් දත් බලනවලු! කියන්නේ ඕවට තමා. (නි)
අනේ බී.එම්.ඩබ්ලිව් නොවේද?(නදී)
පෙරේරා කියන්නේ වාහනය මුදල් කරගන්න අමාරු කම මිසක් වෙන එක්කක් නෙමෙයි.(නදී)
ඔය වාහන හැමදාම කොට උඩ.(නදී)
පෙරේරා, ඕකට තමයි කියන්නේ කඩන්න බැරි වුණහම මිදි ඇඹුල් කියලා (නි)
පෙරේරා, ත්‍යාගයක් ලැබුණහම ඒකේ අඩුපාඩු සොයන්න එපා. තමන්ට ලැබුනා නම් එපා කියන්නේ නැහැනේ. (නි)