IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ගල්ෆ් එයාර් - ජසීරා ගුවන් සේවා යළිත් කොළඹට

(ටී.කේ.ජී. කපිල)

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝගී තත්වය නිසා බහරේනය සහ ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර අතහැර දමා තිබූ ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ගුවන් ගමන් යළිත් ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබේ.

ඒ අනුව මෙම ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ගුවන් යානා සතියකට දෙවරක් බහරේනය සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ධාවනය වීම සිදු වේ.

එම නිසා බහරේනයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන්වල නිරත වීමට පහසුකම් හිමි වේ.

එසේම මැදපෙරදිග නව ගුවන් සේවාවක් වන ජසීරා ගුවන් සේවයද ශ්‍රී ලංකාව සමග පළමු වරට ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කරමින් කුවේට් සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් මේ මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

ඒ අනුව කුවේට් සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර සතියකට දින දෙකක්, එනම් සෑම සතියකම සදුදා සහ බදාදා දින වල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වීමට නියමිතය.



අදහස් (2)

ගල්ෆ් එයාර් - ජසීරා ගුවන් සේවා යළිත් කොළඹට

de silva Wednesday, 17 February 2021 07:56 PM

අපේ පුරවැසියන්ට එන්න ක්‍රමවේදයක් නැතිනම්, ඔය ගුවන් යානා කුමටද? යුද්ධයට නැති කඩුව කොස්කොටන්නද? විදේශගත ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්න බැරි ආණ්ඩුව කුමටද?

:       1       15

NIHAL Thursday, 18 February 2021 02:38 PM

පින්තූර දාලා ජනතාව රවට්ටපු යුගයේ ඉතිහාසයයි.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 622 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1032 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site