IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ගාල්ල කොටුව සංචාරක කළාපයක් කිරීමට සැරසෙයි

විනීතා එම් ගමගේ
 
ගාල්ල කොටුව හා ගාලූ වරාය සම්බන්ධ කරගෙන සංචාරක කළාපයක් නිර්මාණය කිරීමට වරාය අමාත්‍යංශය පියවර ගෙන ඇත. 
 

සංචාරක ආකර්ෂණය දිනා ඇති රුවල් නැව් විශාල ප‍්‍ර‍්‍රමාණයක් ගාලූ වරායට පැමිණෙන බැවින් ඒවා සංචාරක කර්මාන්තය උදෙසා යොදා ගැනීමට පියවර ගන්නා බව වරාය අමාත්‍යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
 
කොළඹ පසුකරගෙන යන සංචාරක නැව් කොළඹ වරායටත් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් පිළිබඳව ද අවධානය යොමුවී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.   සංචාරක නැව් 200 කට ආසන්න ප‍්‍රමාණයක් වාර්ෂීකව කොළඹ වරාය පසුකර ගෙන යන නමුත් වරායට නොඑන්නේ යැයි ද ඔහු සඳහන් කළේය. 
 
එම සංචාරක නැව් කොළඹ වරායට නොඑන්නේ ඔවුන් පිළිගන්න, බඩු මිලදී ගන්න විනෝද පහසුකම් සලසන්න සංචාරක ව්‍යාපාර සමඟ සබඳතා නැති බැවින් යැයි කී එම  නිලධාරියා එවැනි සබඳතා ඇති කිරීමට කටයුතු කරන බව ද පැවැසීය. 
 
වරායේ සිදුවන මෙහෙයුම්වලින් ලබන ආදායම නංවා ගැනීමට බලාපොරොත්තු වන බවත් මෙම වැඩ පිළිවෙල මේ වසර තුළ කි‍්‍රියාත්මක කරන බවත් එම නිලදාරියා වැඩි  දුරටත් ප‍්‍රකාශ කළේය. 



අදහස් (5)

ගාල්ල කොටුව සංචාරක කළාපයක් කිරීමට සැරසෙයි

Muhan Friday, 02 March 2018 04:16 AM

ඔක්කොම "සැරසෙන්" විතරනේ කවදද "යා"වෙන්නේ

:       52       93

Saminda Friday, 02 March 2018 07:25 AM

ගාල්ල.. දකුණු ආසියාවේ හොඳම සංචාරක නගරය කරනවා කියලත් කිව්වා. අඩුම තරමේ ෂොපිං මල්ලක්වත් නැහැ. ස්වාභාවික පිහිටීම පමණි. රජයන් විසින් නිසි සංවර්ධනයක් කරන්නේ නැහැ.

:       41       61

SamindaFriday, 02 March 2018 02:52 PM

ෂොපින් මල්ල ගැන නෙමෙයි, මැජෙස්ටික් සිටි, කැන්ඩි සිටි සෙන්ටර් වගේ ෂොපින් හෝල් එකක්...

:       1       27

lalith Friday, 02 March 2018 09:54 PM

ඔහෙලා ඔහොම සැරසිලා හිරි ඇරලා ලැහැස්ති වෙනකොට අරහේ පැරදිලා...

:       1       128

priyanthaMonday, 12 March 2018 04:03 AM

මැච් එකද ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17682 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site