විනීතා එම් ගමගේ
ගාල්ල කොටුව හා ගාලූ වරාය සම්බන්ධ කරගෙන සංචාරක කළාපයක් නිර්මාණය කිරීමට වරාය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
සංචාරක ආකර්ෂණය දිනා ඇති රුවල් නැව් විශාල ප‍්‍ර‍්‍රමාණයක් ගාලූ වරායට පැමිණෙන බැවින් ඒවා සංචාරක කර්මාන්තය උදෙසා යොදා ගැනීමට පියවර ගන්නා බව වරාය අමාත්‍යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කොළඹ පසුකරගෙන යන සංචාරක නැව් කොළඹ වරායටත් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් පිළිබඳව ද අවධානය යොමුවී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. සංචාරක නැව් 200 කට ආසන්න ප‍්‍රමාණයක් වාර්ෂීකව කොළඹ වරාය පසුකර ගෙන යන නමුත් වරායට නොඑන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.
එම සංචාරක නැව් කොළඹ වරායට නොඑන්නේ ඔවුන් පිළිගන්න, බඩු මිලදී ගන්න විනෝද පහසුකම් සලසන්න සංචාරක ව්‍යාපාර සමඟ සබඳතා නැති බැවින් යැයි කී එම නිලධාරියා එවැනි සබඳතා ඇති කිරීමට කටයුතු කරන බව ද පැවැසීය.
වරායේ සිදුවන මෙහෙයුම්වලින් ලබන ආදායම නංවා ගැනීමට බලාපොරොත්තු වන බවත් මෙම වැඩ පිළිවෙල මේ වසර තුළ කි‍්‍රියාත්මක කරන බවත් එම නිලදාරියා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම "සැරසෙන්" විතරනේ කවදද "යා"වෙන්නේ
ගාල්ල.. දකුණු ආසියාවේ හොඳම සංචාරක නගරය කරනවා කියලත් කිව්වා. අඩුම තරමේ ෂොපිං මල්ලක්වත් නැහැ. ස්වාභාවික පිහිටීම පමණි. රජයන් විසින් නිසි සංවර්ධනයක් කරන්නේ නැහැ.
ඔහෙලා ඔහොම සැරසිලා හිරි ඇරලා ලැහැස්ති වෙනකොට අරහේ පැරදිලා...