IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


’ගෝලීය ආර්ථිකයේ වර්ධනයට කොරෝනා විශාල බලපෑමක්’

කොරෝනා වයිරසය මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය අද (2) අනතුරු ඇඟවීය.

ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය හරි අඩකින්  2.4%ක් දක්වා අඩු වනු ඇතැයි ද එම සංවිධානය පුරෝකථනය කළේය. එය 2008-09 වසරවල ඇති වූ මූල්‍ය අර්බුදයෙන් පසු වාර්තා වූ අඩුම අනුපාතයයි.

එම තත්ත්වය පුරෝකථනය කර ඇත්තේ මේ වසරේදී වයිරසයේ බලපෑම අඩු වනු ඇතැයි යන අපේක්ෂාව යටතේ ය. එහෙත් මේ වසරේදී වයිරසය ව්‍යාප්ත වෙමින් සිදුවන බලපෑම ඉහළ නැංවුවහොත් ආර්ථිකයට සිදුවන බලපෑම තවත් ඉහළ යනු ඇතැයි ද එම සංවිධානය සඳහන් කළේය.

මේ වනවිටත් මේ වසරේ පළමු කාර්තාවේදී ගෝලීය ආර්ථිකය තරමක අවදානම් තත්ත්වයක පත්ව ඇතැයි ලෝකයේ ප්‍රධාන ආර්ථිකවලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනයක් කරමින් එම සංවිධානය සඳහන් කළේය.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. දෙසැම්බර් මාසයේදී කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන මෙම වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනිණි. ඒ වනවිට චීනයේ ආර්ථිකය සියයට 4.9කින් වර්ධනය වන ඇතැයි අපේක්ෂා කර තිබුණු අතර එහෙත් නොවැම්බර් මාසයේදී නිවේදනය කළ අගයට වඩා‍ 0.8%කින් චීනයේ ආර්ථික වර්ධන වේගය පහත දැමීමට ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට සිදුවිය.

‘‘චීනයේ නිපැයුම සීමාවෙලා. එය ලෝකයේ අනෙකුත් රටවලටත් බලපාවි’’ යැයි එම සංවිධානය සඳහන් කළේය.

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය සාමාජික රටවල් 36කින් සමන්විත අන්තර්රාජ්‍ය සංවිධානයකි. ලෝක වෙළෙඳාම සහ ආර්ථික ප්‍රගතිය ඉහළ නැංවීමේ අරමුණින් 1961 වසරේදී මෙම සංවිධානය ස්ථාපනය කරන ලදි.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

’ගෝලීය ආර්ථිකයේ වර්ධනයට කොරෝනා විශාල බලපෑමක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site