ජපන් ආධාර යටතේ නව ගල්අගුරු බලාගාරයක් ඉදිකිරීමට ශී‍්‍ර ලංකා විදුලි බල මණ්ඩලය සැළැසුම් කර ඇත.
මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුතු වනු ඇති මේ බලාගාරය ඉදිකිරීමට වැයකිරීමට අපේක්ෂිත මුදල ඩොලර් කෝටි 50ක් රුපිල් හෙවත් කෝටි 6400කි.
බලාගාරය ඉදිකෙරෙන ප‍්‍රදේශය මෙතෙක් තීරණය කර නොමැති අතර එය බොහෝ විට දකුණු පළාතේ වනු ඇතැයි පැවැසේ.බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අගභාගයේදී ආරම්භ කෙරෙනු ඇති අතර වසර එකහමාරක් වැනි කාලයක් ඇතුළත නිම කිරීමට සැළැසුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසුන් මහත්තයෝ සුර්ය බලශක්තිය ගත්තොත් අපිව විකුණලා තමයි විදුලි බිල ගෙවන්න වෙන්නේ. ඒවාට හොඳ සල්ලියක් යනවා මහත්තයෝ. ඒවා ලංකාවට උචිත නැහැ (නි)
ජපානෙන් හදන නිසා බයවෙන දෙයක් නෑ.ජපන්නුගේ ගාන සැර උනාට වැඩ තත්ත්වයෙන් ඉතා උසස්.නොරෝචෝලෙන් ඉගනගත්ත පාඩම් වලින් මේක සාර්ථක කර ගන්න හැකි වේවා.(ස)
මේක දකුණේ හැදුවට අනෙක් පළාත්වල අය බය වෙන්න ඕන නැහැ. විදුලිය කම්බි දිගේ ගොඩක් දුර ගෙනියන්න පුලුවන්. වික්ටෝරියා බලාගාරය උඩරට තිබුනට එකේ උපදවන විදුලිය රටටම දෙන්න ඕනා. (නදී)
අපේ රටට ගැලපෙන්නෙම සූර්යශක්ති බලාගාරයක් තමා. මුලික වියදම වැඩි වුණත් එය වටිනවා. ජර්මන් තාක්ෂණය ලබාගන්න පුළුවන් නම් වඩා යහපත්.ඔවුන් මුහුදු රළ සහ සුලං බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්නත් දක්ෂයෝ (නි)
දකුණට කිරි කොළඹට කැකිරි නෙමෙයි ඇමතිට කිරි අපට කැකිරි.(නදී)
ගල් අඟුරු බලාගාර යල්පැන ගිය ක්‍රමයක්.අලුත්ම පිරිසුදු ක්‍රමය ස්වභාවික ගෑස්. (නි)
දකුණ තියන්නේ ලංකාවේ නෙමේ , ලංකාව තියන්නේ දකුණේ...චීනය හදනවා නම් ඕක එපා. තවත් නොරෝච්චෝලයක් වේවි.... (නි)
අනිත් රටවලින් ඉවත් කල යල් පැන ගිය තාක්ෂනය අපිට නයට විකුනනවා.(නදී)
ජපානෙන් හදනවනම් ඉතින් වැඩේ සුවර්. හැබැයි 500 මෙගා වොට්ස් නම් මදියි 2000 මෙගා වොට්ස් වත් ඕනා.(නදී)
වැඩේ හොදයි නරකම නැහැ (දී)
ගල් අගුරු භාවිතයෙන් අඩු මිලට විදුලිය නිපදවිය හැකිය දරන මතය වැරදියි. වසරක් පාසා වැඩිවන මිල එලබෙන වසර වලදී කොපමණ වේද? අවශ්‍ය වන්නේ දේශීය බල ශක්ති මාර්ග උපයෝගී කරගැනීමය. උච්ච හෝරාවලදී විදුලි ඉල්ලුම පාලනය කරගන්නේ නම් තවත් බලාගාර වසර කීපයකට උවද අවශ්‍ය නොවේ. මේ සඳහා සුර්ය බලශක්තිය පැය තුනකට සෑහෙන ගබඩා පහසුව සමග සැම නිවසකම ස්ථාපනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නම් සාම්පුර් බලාගාරය උවද අවශ්‍ය නොවේ. ඒ අතර ඉතිරි ජය විදුලි ධාරිතාව සහ ජීව බලශක්ති උත්පාදනය දිරි ගැන්වීමෙන් අනාගතයේදී තවත් ෆොසිල ඉන්දන බාවිතයෙන් වැලකි සිටිය හැකිය.(නදී)
දකුණින් යන්න වමෙන් නොයා.(නදී)
ගල් අඟුරු තරම් පරිසර දුෂකයෙක් තවත් නැහැ. ඉන්දියාව සහ චීනය විතරයි ලෝකේ නව ගලන්ගුරු බලාගාර හදන්නේ. අනිත් රටවල් තමන්ගේ තියෙන ඒවා වහන්ට, සුර්ය සහ සුලන් බලය යොදනවා. (අ)
දැන් ගල් අගුරු කාලෙ ඉවරයි. ලෝකයේ දියුණු රටවල දැන් ක්‍රමානුකූලව එම තාප බලාගාර ඉවත් කරනවා . දැන් හිරු එළියෙන් විදුලිය නිපදවන්නට පටන් අරගෙන. විශේෂයෙන් යුරෝපේ රටවල් 2025 දී 40% විදුලිය ලබා ගන්නේ සුර්ය රශ්මියෙන්. වර්ෂයේ 2050 දී ඒක 80% දක්වා වැඩි කරනවා. අපි ජපනාට හරි චීනාට හරි මේ බව කියන්න ඕනෑ. අන්තිමේදී අපිට මත්තලට යන්න වෙන්නේ මුකවාඩම් බැදගෙන. අපිව විකුණලා තවත් කොමිස් ගහන්නයි හදන්නේ. (නි)
සජිත්, ඔබනම් අපේ පාර්ලිමේන්තුවට ඉහලම සුදුසුමක් ඇත්තෙකි. (නි)
අර කබල් නොරොච්චෝලේ ගලෝලා දාලා මේක හයිකරන්න එතන. ඒක තිබ්බත් වැඩක් නැහැනේ. වෙන තැන් වල අමුතුවෙන් ඉදිකිරීම් කරන්න ඕනෑත් නැහැනේ. ජපන් එකක් නිසා ටිකක් විශ්වාසේ තියෙනවා හොද ඇති කියලා. ඒත් අපේ අය ෂුවර් නැහැ (නි)
අනිත් රටවල් ගල් අඟුරු බලාගාර ඉවත් කරනවා පරිසර දුෂණය සහ ගල් අගුරු මිල ඉහළ යන නිසා. අපේ අය ඒවා අපේ රටට ගේනවා. (නි)
සීල ,100ට 100ක් ඔයා හරි. (නි)
මේකනම් හොද වැඩක්. අපේ ජනාදිපතිතුමා ඡන්දෙ ලබාගෙන නිකන් ඉන්නේ නැහැ.මේ රට දියුණු කරන්න කොතරම් මහන්සි වෙනවද? එතුමාට අපි ස්තුති කල යුතුයි. (නි)
මේ තියෙන විදුලි අර්බුදයට මේ බලාගාරය ඉතා හොද විසදුමක්.රට තවත් සංවර්ධනය වෙනවා.ජනාදිපතිතුමා කවදත් මහජනතාව ගැන හිතනවා. (නි)
මේ තියෙන විදුලි අර්බුදයට මේ බලාගාරය ඉතා හොද විසදුමක්. රට තවත් සංවර්දනය වෙනවා. ජනාදිපතිතුමා කවදත් මහජනතාව ගැන හිතනවා.(නදී)
නිරෝෂා, අපි කතාකළේ ගල් අඟුරු බලාගාර හැදීමේ අනුවණකම ගැන පමණයි (නි)
මෙච්චර වහිනවා. අපි හදමුකෝ ජල විදුලි බලාගාරයක්... (නි)
ගල් අගුරු බලා ගාර නැතුව සුලන් බලාගාර හදන්න බැරිද
දකුණටම තමයි සේරම නේද? (නි)
අපේ රටට ගැලපෙන්නේ ජල විදුලි බලාගාර. ඕස්ට්‍රේලියාව තමන්ගේ විදුලි බල අවශ්‍යතාවයෙන් 100% ම සපුරා ගන්නේ ජල විදුලි බලයෙන්. අපි කොහොම හරි ඉදිරි වසර 10 ඇතුලත අඩුම තරමේ වික්ටෝරියා ව්‍යාපෘතිය තරම්වත් විශාල ජල විදුලි බලාගාරයක් හදන්න උත්සහ කරන්න ඕනෑ. නැත්නම් පොසිල ඉන්ධන මතම යැපෙන්න ගියොත් විදුලි බල වියදම දෙගුන වේවි. (නි)
අවුරුද්දේ දවස් කිහිපයක් පමණක් අවුව වැටෙන එංගලන්තේ විදුලියෙන් 20% නිපදවන්නේ හිරු එළියෙන්. හැමදාම අවුව වැටෙන අපට බැරි වුණා තාම. හැබැයි කතාව කොහොමද? (නි)
ඉස්සෙල්ලා නොරොච්චෝලේ හදපු සල්ලි කව්ද ගෙවන්නේ? අනික ලංකාව කියන්නේ දකුණට විතරද? (නි)
පසුගිය දවස්වල හදපු එක හරියට මාස කීයද ලෙඩ නැතිව තිබුනෙ. මේකත් ඒක වගෙ වේවිද දන්නෙ නැහැ. ඒවගේ එකක් නම් අපට එපා.මේකෙන් කී දෙනෙකුට කොමිස් තියනවද දන්නෙ නැහැ. අන්තිමට සේරම බර පැන අපට තමා (නි)
එහෙනම් විදුලිබිල තවත් වැඩිවෙයි (නි)
මේ බලාගාරයත් ආශ්චර්යටම ගැලපෙන තවත් නොරොච්චෝලයක් වේවිද දන්නේ නැහැ, අපිව තවත් ණය ගොඩක හිර කරලා (නි)
සිල්වා මහත්මයාණනි, ඔබ ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් දක්වා ඇත්තේ වැරදී කරුණකි. (නි)
බොහොම පිං ලංකාවට මෙවන් ආයෝජන මාර්ග එකතු කරනවාට (දී)
අන්න හොද වැඩක් (දී)
උතුරට දාන්න බැරිද
මේවා ආධාරද නැත්නම් ණයද ? ජපනා ලංකාවේ බලශක්ති වෙළඳපොල ආක්‍රමණය කරන බවට අනතුරු ඇඟවීම අප කළිනුත් කළා. වැඩකට නැති නිලධාරීන් කණ්ඩායමකට ජපානයේ ශිෂ්‍යත්ව දීල ඒවෙනුවට අපේ බලශක්ති වෙළඳපොල හූරගෙන කන්න ඉඩදෙන්න බැහැ. ඒකට මුලික අඩිතාලම දැනටමත් දාල ඉවරයි මිනිසුන්ට දරාගත නොහැකි ලෙස විදුලිබිල වැඩිකරලා ජනතාවගේ ආණ්ඩුවම.(නදී)
ඔන්න තවත් නාස්තිකාර වියදමක්. අපේ රටේ සුර්ය බල ශක්තිය, සුලං බලය වැනි ශක්ති ප්‍රබවයන් තිබියදී කාටවත් ණයවෙලා මොන එහෙකටද පොසිල ඉන්ධන මතම යැපෙන්න හදන්නේ. සුර්ය බල ශක්තිය හම්බන්තොට, කතරගම වැනි ප්‍රදේශ වලට ඉතා උචිත ශක්ති ප්‍රබවයක්. (නි)
දකුණට හරි කොහාට හරි වැඩේ නම් හොදයි (දී)
ඔය චීන බැංකුවේ සල්ලි නැතුව ඇති දැන් ලංකාවට දීලම. (නි)
දකුණට කිරි කොළඹට කැකිරි (නි)
අන්න වැඩ නියමයි
මේක හරියට ගෙයි තිබෙන පොල්බෑය බළලා අරගෙන යනකොට අතේ තියෙන එකෙන් දමලා ගහනවා වාගේ වැඩක්. (නි)
නරකමත් නැහැ, රටේ මැද උඩ දෙපැත්තේ වගේ තැනක හදන්න බැරිද ඕක (දී)
ලංකාවට ජාල විදුලිය මත පමණක් යැපෙන්න පුළුවන් කමක් නැහැ. ද සිල්වා මහත්මයා ඕස්ට්‍රේලියාව ගැන කියපු දේ වැරදියි. ඒ ගොල්ලන්ගේ ලොකුම බලශක්ති මාර්ගය ගල්අගුරු දහනය. මේක කාලීන අවශ්‍යතාවයක්. හැබැයි අපේ අය ඕක කොහොම කොහේ හදියිද දන්නේ නැහැ. (නි)
හලෝ දයා, දකුණේ හදන විදුලිය ජාතික පද්ධතියට එකතු කරනවා .... (නි)
මේක හොද දෙයක්. නමුත් බාල චීන බඩු දාන්න එපා. ජපන් බඩු දාන්න කලක් පවතින්න. (නි)