IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ගල් අඟුරු බලාගාරයක් දකුණට

ජපන් ආධාර යටතේ නව ගල්අගුරු බලාගාරයක් ඉදිකිරීමට ශී‍්‍ර ලංකා විදුලි බල මණ්ඩලය සැළැසුම් කර ඇත.

මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුතු වනු ඇති මේ බලාගාරය ඉදිකිරීමට වැයකිරීමට අපේක්ෂිත මුදල ඩොලර්  කෝටි 50ක් රුපිල් හෙවත් කෝටි 6400කි.

බලාගාරය ඉදිකෙරෙන ප‍්‍රදේශය මෙතෙක් තීරණය කර නොමැති අතර එය බොහෝ විට දකුණු පළාතේ වනු ඇතැයි පැවැසේ.බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අගභාගයේදී ආරම්භ කෙරෙනු ඇති අතර වසර එකහමාරක් වැනි කාලයක් ඇතුළත නිම කිරීමට සැළැසුම් කර තිබේ.



අදහස් (0)

ගල් අඟුරු බලාගාරයක් දකුණට

නිර්මලා Wednesday, 29 May 2013 11:21 PM

නරකමත් නැහැ, රටේ මැද උඩ දෙපැත්තේ වගේ තැනක හදන්න බැරිද ඕක (දී)

:       0       0

කැනඩා දිසා Tuesday, 04 June 2013 03:31 AM

සීල ,100ට 100ක් ඔයා හරි. (නි)

:       0       0

සමන් Sunday, 09 June 2013 10:45 AM

මෙච්චර වහිනවා. අපි හදමුකෝ ජල විදුලි බලාගාරයක්... (නි)

:       0       0

ගාමිණී Wednesday, 29 May 2013 10:59 AM

උතුරට දාන්න බැරිද

:       0       0

අමිල Wednesday, 29 May 2013 11:00 AM

ගල් අගුරු බලා ගාර නැතුව සුලන් බලාගාර හදන්න බැරිද

:       0       0

ලලිත් Sunday, 02 June 2013 04:30 PM

වැඩේ හොදයි නරකම නැහැ (දී)

:       0       0

නිමාලි Wednesday, 05 June 2013 09:40 AM

මේකනම් හොද වැඩක්. අපේ ජනාදිපතිතුමා ඡන්දෙ ලබාගෙන නිකන් ඉන්නේ නැහැ.මේ රට දියුණු කරන්න කොතරම් මහන්සි වෙනවද? එතුමාට අපි ස්තුති කල යුතුයි. (නි)

:       0       0

ජයරත්න Thursday, 30 May 2013 01:35 AM

ලංකාවට ජාල විදුලිය මත පමණක් යැපෙන්න පුළුවන් කමක් නැහැ. ද සිල්වා මහත්මයා ඕස්ට්‍රේලියාව ගැන කියපු දේ වැරදියි. ඒ ගොල්ලන්ගේ ලොකුම බලශක්ති මාර්ගය ගල්අගුරු දහනය. මේක කාලීන අවශ්‍යතාවයක්. හැබැයි අපේ අය ඕක කොහොම කොහේ හදියිද දන්නේ නැහැ. (නි)

:       0       0

අපොන්සු Saturday, 08 June 2013 09:00 AM

නිරෝෂා, අපි කතාකළේ ගල් අඟුරු බලාගාර හැදීමේ අනුවණකම ගැන පමණයි (නි)

:       0       0

බණ්ඩා Thursday, 30 May 2013 03:17 AM

හලෝ දයා, දකුණේ හදන විදුලිය ජාතික පද්ධතියට එකතු කරනවා .... (නි)

:       0       0

නීල්-රානා Tuesday, 28 May 2013 03:28 PM

මේවා ආධාරද නැත්නම් ණයද ? ජපනා ලංකාවේ බලශක්ති වෙළඳපොල ආක්‍රමණය කරන බවට අනතුරු ඇඟවීම අප කළිනුත් කළා. වැඩකට නැති නිලධාරීන් කණ්ඩායමකට ජපානයේ ශිෂ්‍යත්ව දීල ඒවෙනුවට අපේ බලශක්ති වෙළඳපොල හූරගෙන කන්න ඉඩදෙන්න බැහැ. ඒකට මුලික අඩිතාලම දැනටමත් දාල ඉවරයි මිනිසුන්ට දරාගත නොහැකි ලෙස විදුලිබිල වැඩිකරලා ජනතාවගේ ආණ්ඩුවම.(නදී)

:       0       0

සිල්වා Wednesday, 29 May 2013 02:32 PM

අන්න වැඩ නියමයි

:       0       0

නිරෝෂ Wednesday, 05 June 2013 10:02 AM

මේ තියෙන විදුලි අර්බුදයට මේ බලාගාරය ඉතා හොද විසදුමක්.රට තවත් සංවර්ධනය වෙනවා.ජනාදිපතිතුමා කවදත් මහජනතාව ගැන හිතනවා. (නි)

:       0       0

නිරෝෂා Wednesday, 05 June 2013 10:02 AM

මේ තියෙන විදුලි අර්බුදයට මේ බලාගාරය ඉතා හොද විසදුමක්. රට තවත් සංවර්දනය වෙනවා. ජනාදිපතිතුමා කවදත් මහජනතාව ගැන හිතනවා.(නදී)

:       0       0

දම්මි Wednesday, 29 May 2013 07:17 AM

එහෙනම් විදුලිබිල තවත් වැඩිවෙයි (නි)

:       0       0

උපුල් Thursday, 30 May 2013 09:28 PM

මේක දකුණේ හැදුවට අනෙක් පළාත්වල අය බය වෙන්න ඕන නැහැ. විදුලිය කම්බි දිගේ ගොඩක් දුර ගෙනියන්න පුලුවන්. වික්ටෝරියා බලාගාරය උඩරට තිබුනට එකේ උපදවන විදුලිය රටටම දෙන්න ඕනා. (නදී)

:       0       0

නන්දලාල් Friday, 31 May 2013 12:19 PM

අපේ රටට ගැලපෙන්නෙම සූර්යශක්ති බලාගාරයක් තමා. මුලික වියදම වැඩි වුණත් එය වටිනවා. ජර්මන් තාක්ෂණය ලබාගන්න පුළුවන් නම් වඩා යහපත්.ඔවුන් මුහුදු රළ සහ සුලං බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්නත් දක්ෂයෝ (නි)

:       0       0

පාල Monday, 03 June 2013 08:02 AM

සජිත්, ඔබනම් අපේ පාර්ලිමේන්තුවට ඉහලම සුදුසුමක් ඇත්තෙකි. (නි)

:       0       0

පරාක්‍රම ජයසිංහ Sunday, 02 June 2013 05:54 PM

ගල් අගුරු භාවිතයෙන් අඩු මිලට විදුලිය නිපදවිය හැකිය දරන මතය වැරදියි. වසරක් පාසා වැඩිවන මිල එලබෙන වසර වලදී කොපමණ වේද? අවශ්‍ය වන්නේ දේශීය බල ශක්ති මාර්ග උපයෝගී කරගැනීමය. උච්ච හෝරාවලදී විදුලි ඉල්ලුම පාලනය කරගන්නේ නම් තවත් බලාගාර වසර කීපයකට උවද අවශ්‍ය නොවේ. මේ සඳහා සුර්ය බලශක්තිය පැය තුනකට සෑහෙන ගබඩා පහසුව සමග සැම නිවසකම ස්ථාපනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නම් සාම්පුර් බලාගාරය උවද අවශ්‍ය නොවේ. ඒ අතර ඉතිරි ජය විදුලි ධාරිතාව සහ ජීව බලශක්ති උත්පාදනය දිරි ගැන්වීමෙන් අනාගතයේදී තවත් ෆොසිල ඉන්දන බාවිතයෙන් වැලකි සිටිය හැකිය.(නදී)

:       0       0

පාල Tuesday, 28 May 2013 08:24 PM

අවුරුද්දේ දවස් කිහිපයක් පමණක් අවුව වැටෙන එංගලන්තේ විදුලියෙන් 20% නිපදවන්නේ හිරු එළියෙන්. හැමදාම අවුව වැටෙන අපට බැරි වුණා තාම. හැබැයි කතාව කොහොමද? (නි)

:       0       0

කමල් Thursday, 30 May 2013 05:25 AM

මේක හොද දෙයක්. නමුත් බාල චීන බඩු දාන්න එපා. ජපන් බඩු දාන්න කලක් පවතින්න. (නි)

:       0       0

සරත් ඩු Tuesday, 28 May 2013 08:39 PM

ඉස්සෙල්ලා නොරොච්චෝලේ හදපු සල්ලි කව්ද ගෙවන්නේ? අනික ලංකාව කියන්නේ දකුණට විතරද? (නි)

:       0       0

වරුණ Wednesday, 29 May 2013 08:01 AM

මේ බලාගාරයත් ආශ්චර්යටම ගැලපෙන තවත් නොරොච්චෝලයක් වේවිද දන්නේ නැහැ, අපිව තවත් ණය ගොඩක හිර කරලා (නි)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 29 May 2013 11:55 AM

ඔන්න තවත් නාස්තිකාර වියදමක්. අපේ රටේ සුර්ය බල ශක්තිය, සුලං බලය වැනි ශක්ති ප්‍රබවයන් තිබියදී කාටවත් ණයවෙලා මොන එහෙකටද පොසිල ඉන්ධන මතම යැපෙන්න හදන්නේ. සුර්ය බල ශක්තිය හම්බන්තොට, කතරගම වැනි ප්‍රදේශ වලට ඉතා උචිත ශක්ති ප්‍රබවයක්. (නි)

:       0       0

මංජු Sunday, 02 June 2013 07:02 PM

දකුණින් යන්න වමෙන් නොයා.(නදී)

:       0       0

රත්නායක Thursday, 30 May 2013 03:49 PM

ජපානෙන් හදන නිසා බයවෙන දෙයක් නෑ.ජපන්නුගේ ගාන සැර උනාට වැඩ තත්ත්වයෙන් ඉතා උසස්.නොරෝචෝලෙන් ඉගනගත්ත පාඩම් වලින් මේක සාර්ථක කර ගන්න හැකි වේවා.(ස)

:       0       0

සජිත් Sunday, 02 June 2013 07:28 PM

කසුන් මහත්තයෝ සුර්ය බලශක්තිය ගත්තොත් අපිව විකුණලා තමයි විදුලි බිල ගෙවන්න වෙන්නේ. ඒවාට හොඳ සල්ලියක් යනවා මහත්තයෝ. ඒවා ලංකාවට උචිත නැහැ (නි)

:       0       0

සංජිව Monday, 03 June 2013 08:18 PM

අනිත් රටවල් ගල් අඟුරු බලාගාර ඉවත් කරනවා පරිසර දුෂණය සහ ගල් අගුරු මිල ඉහළ යන නිසා. අපේ අය ඒවා අපේ රටට ගේනවා. (නි)

:       0       0

කපිල Wednesday, 29 May 2013 12:13 PM

දකුණට හරි කොහාට හරි වැඩේ නම් හොදයි (දී)

:       0       0

සුජීව Wednesday, 29 May 2013 08:25 AM

සිල්වා මහත්මයාණනි, ඔබ ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් දක්වා ඇත්තේ වැරදී කරුණකි. (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 28 May 2013 04:59 PM

දකුණටම තමයි සේරම නේද? (නි)

:       0       0

අජිත් Sunday, 02 June 2013 12:41 PM

අනිත් රටවලින් ඉවත් කල යල් පැන ගිය තාක්ෂනය අපිට නයට විකුනනවා.(නදී)

:       0       0

බන්දුල Saturday, 01 June 2013 10:54 AM

ගල් අඟුරු බලාගාර යල්පැන ගිය ක්‍රමයක්.අලුත්ම පිරිසුදු ක්‍රමය ස්වභාවික ගෑස්. (නි)

:       0       0

අසාද් Friday, 31 May 2013 07:48 PM

දකුණට කිරි කොළඹට කැකිරි නෙමෙයි ඇමතිට කිරි අපට කැකිරි.(නදී)

:       0       0

නාලක Wednesday, 29 May 2013 12:41 PM

ඔය චීන බැංකුවේ සල්ලි නැතුව ඇති දැන් ලංකාවට දීලම. (නි)

:       0       0

විරාජ් කාලිංග Monday, 03 June 2013 03:49 PM

අර කබල් නොරොච්චෝලේ ගලෝලා දාලා මේක හයිකරන්න එතන. ඒක තිබ්බත් වැඩක් නැහැනේ. වෙන තැන් වල අමුතුවෙන් ඉදිකිරීම් කරන්න ඕනෑත් නැහැනේ. ජපන් එකක් නිසා ටිකක් විශ්වාසේ තියෙනවා හොද ඇති කියලා. ඒත් අපේ අය ෂුවර් නැහැ (නි)

:       0       0

ප්‍රීති Tuesday, 28 May 2013 10:24 PM

පසුගිය දවස්වල හදපු එක හරියට මාස කීයද ලෙඩ නැතිව තිබුනෙ. මේකත් ඒක වගෙ වේවිද දන්නෙ නැහැ. ඒවගේ එකක් නම් අපට එපා.මේකෙන් කී දෙනෙකුට කොමිස් තියනවද දන්නෙ නැහැ. අන්තිමට සේරම බර පැන අපට තමා (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 29 May 2013 09:24 AM

බොහොම පිං ලංකාවට මෙවන් ආයෝජන මාර්ග එකතු කරනවාට (දී)

:       0       0

විහග Sunday, 02 June 2013 01:43 PM

ජපානෙන් හදනවනම් ඉතින් වැඩේ සුවර්. හැබැයි 500 මෙගා වොට්ස් නම් මදියි 2000 මෙගා වොට්ස් වත් ඕනා.(නදී)

:       0       0

සංජු Saturday, 01 June 2013 11:29 AM

දකුණ තියන්නේ ලංකාවේ නෙමේ , ලංකාව තියන්නේ දකුණේ...චීනය හදනවා නම් ඕක එපා. තවත් නොරෝච්චෝලයක් වේවි.... (නි)

:       0       0

අමල් Wednesday, 29 May 2013 09:32 AM

අන්න හොද වැඩක් (දී)

:       0       0

අපොන්සු Thursday, 30 May 2013 01:14 PM

ගල් අඟුරු තරම් පරිසර දුෂකයෙක් තවත් නැහැ. ඉන්දියාව සහ චීනය විතරයි ලෝකේ නව ගලන්ගුරු බලාගාර හදන්නේ. අනිත් රටවල් තමන්ගේ තියෙන ඒවා වහන්ට, සුර්ය සහ සුලන් බලය යොදනවා. (අ)

:       0       0

ද සිල්වා Tuesday, 28 May 2013 06:19 PM

අපේ රටට ගැලපෙන්නේ ජල විදුලි බලාගාර. ඕස්ට්‍රේලියාව තමන්ගේ විදුලි බල අවශ්‍යතාවයෙන් 100% ම සපුරා ගන්නේ ජල විදුලි බලයෙන්. අපි කොහොම හරි ඉදිරි වසර 10 ඇතුලත අඩුම තරමේ වික්ටෝරියා ව්‍යාපෘතිය තරම්වත් විශාල ජල විදුලි බලාගාරයක් හදන්න උත්සහ කරන්න ඕනෑ. නැත්නම් පොසිල ඉන්ධන මතම යැපෙන්න ගියොත් විදුලි බල වියදම දෙගුන වේවි. (නි)

:       0       0

රංජනී Wednesday, 29 May 2013 01:11 PM

දකුණට කිරි කොළඹට කැකිරි (නි)

:       0       0

වසන්ත Wednesday, 29 May 2013 10:44 PM

මේක හරියට ගෙයි තිබෙන පොල්බෑය බළලා අරගෙන යනකොට අතේ තියෙන එකෙන් දමලා ගහනවා වාගේ වැඩක්. (නි)

:       0       0

සීල Monday, 03 June 2013 12:03 AM

දැන් ගල් අගුරු කාලෙ ඉවරයි. ලෝකයේ දියුණු රටවල දැන් ක්‍රමානුකූලව එම තාප බලාගාර ඉවත් කරනවා . දැන් හිරු එළියෙන් විදුලිය නිපදවන්නට පටන් අරගෙන. විශේෂයෙන් යුරෝපේ රටවල් 2025 දී 40% විදුලිය ලබා ගන්නේ සුර්ය රශ්මියෙන්. වර්ෂයේ 2050 දී ඒක 80% දක්වා වැඩි කරනවා. අපි ජපනාට හරි චීනාට හරි මේ බව කියන්න ඕනෑ. අන්තිමේදී අපිට මත්තලට යන්න වෙන්නේ මුකවාඩම් බැදගෙන. අපිව විකුණලා තවත් කොමිස් ගහන්නයි හදන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 119 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 163 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 126 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 361 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1758 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1589 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site