රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නොමිලේ රැකියා ලබාදිමේ අරමුණින් මොහාන් ලාල් ග්‍රේරු පදනම ක්‍රියාත්මක කළ රැකියා බැංකු නව ගොඩනැගිල්ල විවෘත කිරීම අධ්‍යාපන නියෝජ්‍යය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ, රේමන්ඩ් පාරේ අංක 32/7, දරන ස්ථානයේදී අද (03) විවෘත විය.
කොළඹ දිස්ත්‍රික්කයේ පෞද්ගලික අංශයේ ජාත්‍යන්තර පාසල්, බැංකු හා මූල්‍ය සමාගම්, නිෂ්පාදන කර්මාන්ත ශාලා, රෝහල්, ආරක්ෂක සේවා, සන්නිවේදන ආයතන, ඉදිකිරීම්, වෙළද ආයතන, සංචාරක හා විවිධ සේවා ආයතනයන්හී පවතින පුරප්පාඩු සදහා රැකියා විරහිත තරුණ තරුණියන් යොමු කිරීම මෙහි අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන් උපාලි , මමත් ග්‍රේරෝ සර් ගෙන් ඉගෙන ගෙන සරසවි ගිය ඉංජිනේරුවෙක් . 1983 වසරේදී ග්‍රේරෝ සර් පෞද්ගලික ප්‍රශ්නයක් නිසා අන්තිම මාස 3 ෆ්‍රී කාඩ් දුන්න මතකද ? අද ඉන්න දේශපාලකයෝ එක්ක බලන කොට ග්‍රේරෝ සර් ගොඩක් ඉහලයි. අනෙක මම හිතනවා අපි ඡන්දෙදි පක්ෂ බේදයකින් තොරව තෝරා ගත යුත්තේ මෙවැනි යහ පාලනයක් ඇති පුද්ගලයන්ව නේද ? එතකොට වංචා හා දුෂණ මුළු මනින් නැති උනත් අවම වේවි. ඒ වගේම නිතිය අතට ගැනීම වැනි සමාජ විරෝධී වැඩ අවම වේවි. (නදී)
ඔබට පමණයි ජාත්‍යන්තර පාසල් වලින් එලියට එන ළමයිට ජොබ් දෙන්න හිතුනේ. ඔබට දෙවි පිහිටයි (නදී)
හරිම සතුටුයි මෙවැනි වැඩසටහන් ඇරඹීම ගැන. සුභ පැතුම්! (ස)
නුගේගොඩ රේල්වේ පන්තියේ රෙජිනෝල්ඩ්, ග්‍රේරෝ සහ වැල්ලවත්තේ චැපල් ලේන් එකේ රාජා අල්විස් සර් උගන්වපු විදිය වගේම නොමිලේ "ෆ්‍රී කාර්ඩ්" දුන් හැටි දැන් ඉන්න සර්ලා ආදර්ශයට ගත්තා නම් තමයි රට දියුණු වෙන්නේ. (නි)
බොහොම හොඳ වැඩක්. ඔබ තුමන්ට බොහොමත්ම පින්. (නදී)
ඹබ අති විශිෂ්ටයි ! (නදී)
හරිම සුන්දර හිතක් ඇති දේශපාලකයෙක් (නි)
අපිත් ග්‍රේරුගේ පන්තියට තමයි ගියේ. නමුත් අවාසනාවකට වගේ ඔහුව අගයන කවුරුවත් මට හමුවෙලා නැහැ. (නි)
මහානාම , පහන් , උපාලි පුළුවනි නම් එම අතීතය අලුත් කර ගන්න කතා කරන්න 0772 720 710 අපිටත් පුළුවන් විදිහට රටට සේවයක් කරමු. (නදී)
ග්‍රේරු සර්, මට ඔබව මැවී පෙනෙනවා ගම්පහ පන්තියේ උගන්වපු හැටි. ඔබට සමකාලීනව හිටපු සේනාරත්න සර්, ජිතේන්ද්‍ර පතිරාජ, දෙවුරුවන් අල්විස් , සුනිල් ජයකොඩි,වාණිජ අංශයේ ගුරුවරු වැනි අයවත් සම්බන්ධ කරගෙන රටට වැඩක් කරන්න. (නි)
මෙවැනි මහත්මා ගති වලින් පරිපුර්ණ වූ ඔබ වැනි අය රටකට වාසනාවන්. (නදී)
අද වගේ මතකයි ස්තිති විද්යුතය පාඩම තිබුනේ මාව පන්තියෙන් එලෙව්වා. තරහ නෑ සර්. ඊලග දවසේ සර් ට මතකත් නැහැ. (නදී)
ඉතා ගුණගරුක, රටට වැඩක් කරන, මුදල් පසුපස හඹා නොයන, දේශපාලකයන් අතර මම දුටු එකම යහපත් මිනිසා වන ඔබට සහ ඔබේ පවුලටම නීරෝගී සුවය සහ දීර්ගායුෂ පතමි! (නි)
මේ රටේ ඉන්න අනික් මන්ත්‍රී වරු 224 ත් මෙහෙම වැඩ කරනවා නම් රටේ තරුණ ප්‍රශ්ණ විසදිලා. ඔබ අවවාදයට වඩා ආදර්ශමත් ජන නායකයෙක්. ඔබේ මේ උත්සාහයට තරුණ අපේ ප්‍රණාමය. (නදී)
ඔබට දීර්ඝායුෂ පතමි (නි)
ළමුන්ට නොමිලයේ උගන්වපු ගුරුවරයෙක්. (නි)
ඔබ සැමදා විශිෂ්ටයි (නි)