IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගෞරි රොටරි ජාත්‍යාන්තර සමුළුවට යයි

ලොවපුරා රොටරි සාමජිකයන් ගෝලීය වශයෙන් අධ්‍යයනයට එකට මුනගැසෙන සුවිශේෂී අවස්ථාවක් වන්නේ රොටරි ජාත්‍යන්තර සමුළුවයි.

මෙවර 2024 සමුළුව ලොව පුරා විසි පන්දහසකට අධික රොටරි සාමාජිකයන් සිංගප්පූරුවේ සුන්දර නගරයට ආකර්ෂණය කර ගනු ඇත. ලෝකය අත්විඳින අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ගෝලීය නායකයන් එක්වන සංස්කෘතික විවිධත්වය සඳහා ජාත්‍යන්තර විෂය පථය සහ කැපවීම ලබා දී ඇති කුඩා එක්සත් ජාතීන්ගේ සංවිධානයක් ලෙස ඇතැමුන් මෙම උත්සවය විග‍්‍රහ කරයි.

ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප‍්‍රථම කාන්තා රොටරි ආණ්ඩුකාරවරිය, රොටරි පදනමේ වාර්ෂික සම්මේලනයේ දී පැවැත්වෙන පරිත්‍යාගශීලීන්ගේ සමුළුවේ කථිකයකු ලෙස තෝරාගෙන ඇත. ජාත්‍යන්තර රොටරි සංවිධානයේ සභාපති ගෝර්ඩන් මැකිනලි මෙම වසර තේමා කර ඇත්තේ ‘‘ලෝකයේ බලාපොරොත්තුවක් ඇති කරන්න’’ ලෙසයි.

සම්මානලාභී ව්‍යාපාරික වෘත්තිකයකු වන ගෞරි රාජන් මහත්මිය මහනුවර කුණ්ඩසාලේ හි පිහිටි සන් මැච් සමාගමේ අධ්‍යක්ෂවරිය වන අතර ඇය ආරක්‍ෂිත ඉටි ගිනිකූරු වෙළඳපලෙහි ප‍්‍රමුඛයා වන අතර අද විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි.

සමුළුව මැයි 25 සිට 29 දක්වා මරීනා බේ සෑන්ඞ්ස් එක්ස්පෝ සහ සම්මේලන මධ්‍යස්ථානයේ ජාතික ක‍්‍රීඩාංගනයේදී පොදු සැසිවාර පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ සංස්කරණයේ සුවිශේෂී ලෝක මට්ටමේ කථිකයන්, අද්විතීය සියුම් භෝජන අත්දැකීම් සහ සංස්කෘතික ආකර්ෂණ විශේෂාංග ඇතුළත්, ලෝකයේ අති නවීන මානුෂීය ගැටළු පිළිබඳ අවධානය යොමුවන සමූහ සාකච්ඡාවන් මෙහි න්‍යාය පත‍්‍රයේ සැලසුම් කර ඇත.

 



අදහස් (0)

ගෞරි රොටරි ජාත්‍යාන්තර සමුළුවට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site