IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගිය වසරට සාපේක්ෂව මේ වසරේ බිස්නස් හොඳයි

බත්තරමුල්ල කල්දේරා ලී බඩු වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික නාලක කල්දේරා


මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට බත්තරමුල්ල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ ලී භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ වෙළෙඳසැලක් වන කල්දේරා ලී බඩු වෙළෙඳ ආයතනයටයි. එහිදී ව්‍යාපාරික නාලක කල්දේරා මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

මේ දවස්වල බිස්නස් කොහොමද?
මේ දිනවල බිස්නස් සාමාන්‍ය මට්ටමක තියෙන්නේ. ගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ වසරේ බිස්නස්වල සාධනීය මට්ටමක් තියෙනවා. භාණ්ඩවල මිල නොවෙනස්ව තිබෙන නිසා ඒ මිලට භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයෝ හුරුවෙලා කියලා හිතෙනවා.


බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
ලී බඩු ව්‍යාපාරිකයන්ගෙන් සහ විවිධ සන්නාම යටතේ නිපදවන ලද ගෘහ භාණ්ඩ අප වෙළෙඳ ආයතනයේ තියෙනවා. ඊට අමතර අප ආයතනය තුළම සේවකයන් යොදවලා ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. වෙළෙඳ සහයකයන් හතර දෙනෙක් අප වෙළෙඳ ආයතනයේ සේවය කරනවා.
ගෘහ භාණ්ඩ සඳහා යොදා ගන්න තීන්ත ආලේපනවල මිල අඩුවෙලා නැහැ. ඒ සඳහා වැයවන මුදලත් සමග තමයි භාණ්ඩවල මිල නියම කරන්න වෙලා තියෙන්නේ. මේ වෙද්දී ගෘහ භාණ්ඩවල මිලේ අඩුවීමක් වෙලා නැහැ. ඒ මිලට අද වෙද්දී භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයෝ හුරුවෙලා තියෙන්නේ. 
භාණ්ඩයක් ගන්න පාරිභෝගිකයෙක් ආවොත් තමයි අපිට බිස්නස් එකක් තියෙන්නේ. පවතින ආර්ථික මට්ටමත් එක්ක පාරිභෝගිකයන්ට මූලික අවශ්‍යතාවලට අමතරව තවත් දෙයක් මිලදී ගන්න හැකියාවක් නෑ. මාසෙට රුපියල් පනස්දාහක පඩියක් ගන්න කෙනෙක් මාසික ආහාර අවශ්‍යතාව, ජල බිල්, විදුලි බිල් ගෙව්වම අතේ මුදලක් ඉතිරි වෙන්නේ නැහැ. එහෙම තත්වයක් තියෙද්දී කොහොමද පාරිභෝගිකයෙක් ඇවිත් අමතර මුදලක් යොදවලා ගෘහ භාණ්ඩයක් මිලදී ගෙන යන්නේ. තවත් සමහරුන් දවසකට එක වේලක් හරි කන්නේ හරිම අමාරුවෙන්. මිනිස්සු අතේ සල්ලි නැතිකම තමයි බිස්නස් කඩාවැටෙන්න මූලිකම හේතුව.
මුදල් හිඟකමත් එක්ක අද වෙද්දී මිනිස්සු අලු‍තෙන් දෙයක් ගන්නවට වඩා තියෙන දෙය කුමන හෝ විදිහකින් අලු‍ත්වැඩියා කරලා නැවත පරිහරණය කරන්න උත්සාහ කරන්නේ. අද වෙද්දී මිනිස්සු මුදලක් වියදම් කරන්න කලින් දහ දොළොස්වතාවක් හිතලා අත්‍යවශ්‍යම නම් විතරයි භාණ්ඩයක් මිලදී ගන්න එන්නේ.
ඒ වගේම පාරිභෝගිකයෝ සෑම විටම උත්සහ කරන්නේ අඩුම මිලට තියෙන තැනින් භාණ්ඩයක් ගන්න. එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් සැලකිලිමත්වීමක් කරන්නේ නැහැ. ඒ වගේම කලින් තනි වෙළෙඳසලක් වටා ඒකරාශී වූ මුදල දැන් බොහෝ පිරිසක් අතර බෙදීයාමත් බිස්නස් අඩුවෙන්න බලපා තිබෙනවා.


මනීෂා වීරසිංහ
ඡායාරූප : සුමුදු හේවාපතිරණ



අදහස් (0)

ගිය වසරට සාපේක්ෂව මේ වසරේ බිස්නස් හොඳයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 725 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 560 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site