IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගිය වසරට සාපේක්ෂව මේ වසරේ බිස්නස් හොඳයි.


කොට්ටාව මයික්‍රෝ ටෙක් ඩිජිටල් සෝන්හි අලෙවිකරු අදිත්‍ය ලක්ෂාන්

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කොට්ටාව දුරකතන අලෙවිසැලක් වූ මයික්‍රෝ ටෙක් ඩිජිටල් සෝන් (Microtech digital Zone) වෙතය. එහි අලෙවිකරුවකු වූ අදිත්‍ය ලක්ෂාන් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.


මේ දිනවල බිස්නස් කොහොමද?
මේ බිස්නස් එක පටන් අරන් මේ වෙද්දි අවුරුදු 5ක් වෙනවා. අපි අලෙවි කරන්නේ ජංගම දුරකතන සහ ජංගම දුරකතන උපාංග. මේ දිනවල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් හොඳයි වරදක් නෑ. බිස්නස්වල යම් වැඩිවීමක් තියනවා. ගිය වසර සමග සාපේක්ෂව ගත්විට මේ වසරේ බිස්නස් හොඳයි.


බිස්නස් හොඳවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් වැඩි වීමට බලපාන ප්‍රධානම හේතුවක් තමයි ජංගම දුරකතන පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට හැකියාව තිබීම. අපේ වෙළෙඳසලෙන් ඇන්ඩ්‍රොයිට් ජංගම දුරකතන ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්න පුළුවන්. ඇපල් ජංගම දුරකතන නම් ගෙවීමේ ක්‍රමයට ලබාදෙන්නේ නෑ. ඇන්ඩ්‍රොයිට් ජංගම දුරකතනයක් ඉතාම අඩු මුදලකට මිලදී ගැනීමේ හැකියාව නෑ. මිල ගණන් වැඩියි. 
වර්තමානයේ පවතින ආර්ථික රටාව අනුව විශාල මුදලක් එකවර ලබා දී දුරකතනයක් මිලදී ගැනීමේ හැකියාවක් බොහෝ පාරිභෝගිකයන්ට නෑ. ඒ නිසා මුලින් කුඩා මුදලක් ගෙවීම් කරලා දුරකතනයක් මිලදී ගන්න පුළුවන් පහසුකම තියනවා. ඉතිරි මුදල පහසු ගෙවීමේ ක්‍රමයට මාසිකව ගෙවාගෙන යන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම හේතුව වුණේ මේ දිනවල බිස්නස් ඉහළ යාමට. 

ශෂිකා අබේරත්න



අදහස් (0)

ගිය වසරට සාපේක්ෂව මේ වසරේ බිස්නස් හොඳයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site