IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගනුදෙනු හතළිස් හය දහසක් වාර්තා වූ දිනයක්

මෙම වසර තුළ ප්‍රාථමික කොටස් නිකුත් කිරීමේ අවස්ථා විස්සක් ප්‍රකාශයට පත් විය හැකි අතර එයින් හරි අඩක මුලික කටයුතු සඳහා දැනටමත් මූලික විධිවිධාන යොදා ඇතැයි කොටස් වෙළෙඳ පොළ සභාපතිවරයා ඩේලි මිරර් පුවත් පතට ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් වෙළෙඳ පොළ ප්‍රාථමික කොටස් නිකුතු ඉතිහාසය අනුව 2011 හා 2013 වසරවල එක වසරකට මූලික කොටස් නිකුත් කිරීම් තිහ බැගින් අලුත් සමාගම් හැටක් ප්‍රාග්ධනය තරකරගැනීම අරමුණු කරගෙන කටයුතු කර ඇති බව දැක්වේ. 

2021 වසරේ පවා මූලික කොටස් නිකුත් කිරීම් විසි අටක් වාර්තා වී ඇති අතර දැනට පවතින ප්‍රබෝධය පදනම් කරගෙන වඩාත් ආකර්ශණීය තත්වයක් නිර්මාණය කරගැනීමට සමාගම්වලට අවස්ථාව තිබේ. කෙසේ වෙතත් දැනට පවතින ගනුදෙනු ගිණුම් ගණන ද වේගයෙන් ඉහළ යා යුතුව ඇති අතර ඒ සඳහා ප්‍රවර්ධනය ඉතාම වැදගත් අංශයක් බව සඳහන් කිරීම අවශ්‍යය.

ඊයේ මධ්‍යහ්නය වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,000 ඉක්මවූ අතර ගනුදෙනු කරන ලද දින හතරක් තුළ මෙම වාර්තාගත ස්ථානය සනිටුහන් කිරීම විශේෂත්වයකි. කොටස් මිලදී ගැනීමට යුහුසුළුවන ස්වභාවයක් ඊයේ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතර මුල් භාගයේ දී පැහැදිලිව සනිටුහන්විය. කෙසේ වෙතත් විකිණීමට දක්වන උනන්දුවක් ද පසු භාගයේ පැවැතිණ. සියලු කොටස් මිල දර්ශකය 17,037.84 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 208.67 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,189.48 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 41.48 ක ඉහළ යාමක් සේ දැක්විය හැකිය. 

එල්.බී. ෆිනෑන්ස් සමාගම සිය මුල්‍ය වාර්තාව විනිමය හා සුරුකුම් කොමිසමට ඉදිරිපත් කරන ලද අතර ඒවා ගනුදෙනුකරුවන් සඳහා ප්‍රසිද්ධ කොට තිබේ. සමාගමේ කොටසක මිල රු. 93.70 තෙක් ශත අනුවකින් පහත වැටීම මෙදින ගනුදෙනුවල දී සිදුවිය. මේ අතර සන්ෂයින් හෝලිඩිං සමාගම සිය කොටස වෙන්කරන තීරණයක් ගෙන තිබේ. එක කොටසක් කොටස් හතරකට වෙන් කරන අතර මෙම තීරණය වෙනුවෙන් ලබන පෙබරවාරි 11 දා සිට ගනුදෙනු අත් හිටුවනු ඇත. අලුත් කොටස් ගණන සමග ගනුදෙනු පෙබරවාරි 19 දා ආරම්භ කරන්නට නියමිතය.

බැංකු ආශ්‍රිත සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ උනන්දුව තවදුරටත් පැවැතිණ. දිනයේ පිරිවැටුම රු. බිලියන 9.78 වූ අතර දිනය අවසානයේ දී ගනුදෙනු 46,289 ක් සිදුවී තිබේ. ලැයිස්තුගත සමාගම් 152 ක් ක කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 94 ක කොටස් මිල පහත වැටිණි. 

නේෂන් ලංකා, ඇම්බියන්ස් හෝලිඩිං, අඅම්බියන්ස කැපිටල්, ටීස් ඇග්‍රෝ, සෙංකඩගල ෆිනෑන්ස්, ෆේස්කැපිටල්, වැනි ආයතනවල කොටස් වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගියේය. ලංකා වෙන්චර්ස්, බ්‍රවුන්ස් බීච්, ලයි ට්හවුස් හොටෙල්, කීල්ස් ෆුඩ්, බේරැවල රිසෝට් වැනි ආයතනවල ප්‍රතිශතයක් වශයෙන් කොටස් මිල පහත වැටුණු සමාගම් අතර ඉදිරියෙන් තිබුණි. 

හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 687 ක්, ඇම්බියන්ස් හෝලිඩිං, රු. මිලියන 513 ක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 478 න් හා ඩිප් ප්‍රඩක්ට් රු මිලියව 349 ක් වශයෙන් කොටස් හුවමාරු පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය. 

නිරීක්ෂක
 



අදහස් (0)

ගනුදෙනු හතළිස් හය දහසක් වාර්තා වූ දිනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site