දේශීය සුළු ආයෝජන අංශවල අපේක්ෂා දුර්වල කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක ඊයේ දිනයේ දී ද නැවත වතාවක් පහත වැටිණ. සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත්වන අතරවාරයේ වසර අවසානයේ පියැවිය යුතු ණය සම්බන්ධයෙන් සුළු ආයෝජන අංශ සැලකිල්ලක් යොදවා ඇති බව දැක්වේ. මිල දී ගැනීම් සඳහා දක්වන උන්නදුව අඩුවීම කැපී පෙනිණ. කෙසේ වෙතත් පසුගිය සතියේ සිට පහලට ගමන් කරන කොටස් මිල ගණන් සමග අලුත් අවකාශයක් ද නිර්මාණය වෙමින් පවතී. මධ්‍ය හා දීර්ඝ කාලීන ආයෝජන අවස්ථා වශයෙන් සලකා කොටස් මිල දී ගැනීම සුදුසු බව ආයෝජන උපදේශකයන්ගේ නිර්දේශය වී තිබේ.
2022 වසරට පසු පළමු වරට ඩොලර් මිලියන පනහක දේශීය බැඳුම්කර මිල දී ගැනීම ප්‍රකාශයට පත්ව ඇති අතර සමාගම් ගණනාවක් ණයකර ප්‍රකාශයට පත් කර තිබේ. පොලී අනුපාත හා විනිමය අනුපාත ගැන ආයෝජන අංශ අවධානයක පසුවේ. මෙම අවස්ථා සමග කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් ඉවත්ව අලුත් අවස්ථා සොයන පිරිසක් ද නිර්මාණය වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනය හා එහි ස්ථාවරය ගැන කලාපීය හා අන්තර් ජාතික වශයෙන් අවධානයක් යොමු වී ඇත. ඉදිරි කාලය තුළ විදේශ මිල දී ගැනීම් බහුලවීමට ඉඩ තිබේ.
මේ අතර තවමත් විදේශ ආයෝජන අංශ විකිණීම්වලට නැඹුරුය. දිනයේ ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රු. මිලියන 16.2 ක් වන අතර විකිණීම් රු. මිලියන 119.7 කි. විදේශ විකිණීම් හෙයින් රු. මිලියන 103 ක ශුද්ධ වටිනාකමක් රටින් බැහැර වී තිබේ.
මෙදින ගනුදෙනු අවසානයේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 22,374.09 ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 182.14 ක පිරිහීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,268.45 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 42.85 ක පහළ වැටීමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 2.3 කි. ගනුදෙනු 30,302 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 71.54 ක් විය. සමාගම් 78 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 172 කි.
නිරීක්ෂක
2025 නොවැම්බර් මස 21
180
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගනුදෙනු පිරිවැටුම අවම ස්වභාවයකට පත් දිනයක්