IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගනුදෙනු අවසානයේ රු . මිලියන 230 ක විදේශ වත්කම් රටින් ඉවතට


ඊයේ දිනය අවසානයේ දී කොළඹ  කොටස් වෙළඳ පොළ ගනුදෙනු සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කළේය. මිල දී ගැනීමේ ප්‍රවණතාව තරමක් දියුණු වූ අතර තව දුරටත් වර්ධනය විය හැකි බව සනිටුහන් කරන බව නිරීක්ෂණය කළ හැකි විය.

ෂියලු කොටස් මිල දර්ශකය 15,954.01 ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 99.37 ක පිබිදීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,824.13 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 2.37 ක වර්ධනයකි’.

පිරිවැටුම රු. බිලියන 5.23 කට සීමා වී තිබුණි. කලින් දිනයට සාපේක්ෂව වර්ධනය වූ පිරිවැටුමක් නමුත්  මෑත සති කිහිපය තුළ පැවැති අඩු  පිරිවැටුම සහගත අවස්ථා අතරින් එකකි. එච්.ඩී.එෆ්.සී., ආර්. අයි, එල්. ප්‍රොපටි,  ආගරපතන වැවිලි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සහ කොටගල වැවිලි යන සමාගම්වල කොටස් වලට වැඩිම ඉල්ලුමක් තිබුණි. දිනයේ පිරිවැටුම සදහා  දායක වූ ප්‍රධාන ගනුදෙනු අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රු. මිලියන 17.3 ක කොටස් ජෝන් කීල්ස් රු. මිලියන 12.3 ක කොටස්,  ආර්. අයි, එල්. ප්‍රොපටි රු. මිලියන 12.2 ක කොටස් සහ ආගරපතන වැවිලි සමාගමේ රු. මිලියන 10.3 ක කොටස්  විය. 

මෙදින ගනුදෙනු 29,803 ක් සිදුවී තිබේ. කලින් දිනයේ ගනුදෙනුවල මිලට සාපේක්ෂව සමාගම් 62 ක කොටස් මිල පහත වැටිණි. සමාගම් 184 ක කොටස් මිල ඉහළ ගියේය. නේෂන් ලංකා, සී. එම්. හෝල්ඩිං, යූ. බී. ෆිනෑන්ස්, එල්. බී ෆිනෑන්ස්, සහ හොටෙල් සීගිරිය වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය සමාගම් අතර විය. එස්.එම්.බී. ලීසිං, එච්.ඩී.එෆ්.සී., ඇම්බියන්ස් හොල්ඩිං, කලම්බු සිටි සහ  සිලෝන් බෙවරෙජස් වැඩිම ප්‍රතිශතයකින් මිල පහත වැටුණු සමාගම් අතර ඉහළින්ම දැකිය හැකිවිය. විදේශ ආයෝජකයන් ගේ ගනුදෙනු ප්‍රමාණය 566 කි. රු. මිලියන 125 ක කොටස් මිල දී ගත් අතර විකිණීම් රු. මිලියන 355 ක බව දැක්වේ.  කොටස් වෙළඳ පොල ගනුදෙනු අවසානයේ දී මෙදින තුළ මිලියන 230 ක මුදලක් මෙරටින් බැහැර වී ඇත.  

ලාභාශ ප්‍රකාශයට පත් කරන ලද ෆස්ට් කැපිටල් සමාගමේ කොටසක මිල ඊයේ දිනයේ දී රු. 27.80 තෙක් ඉහළ නැගීම විශේෂත්වයක් විය. මේ අතර මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ආයතනය ද සිය කොටස් හිමියන්ට එක කොටසක් සඳහා රු. විසි පහක ලාභාංශ ප්‍රකාශයට පත් කරන අතර පසුගිය දින දෙක තුළ කොටස් හිමියන් සිය කොටස් විකිණීමට ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි. 

පසුගිය දින කිහිපය තුළ සුළු ආයෝජකයන් ලාභ අරමුණු කොටගෙන කොටස් විකිණීම සඳහා නැඹුරුවක පසුවිය. කෙසේ වෙතත් පවතින ආර්ථික ස්වභාවය ඉදිරියේ කොටස් විකිණීම සඳහා ද තියුණු උනන්දුවක් තිබුණේ නැත. බැංකු හා රක්ෂණ, වැවිලි සමාගම් කෙරෙහි ආයෝජන අංශය තවමත් මිල දී ගැනීමට උන්නදුවක් දක්වන බව පෙනේ. 


නිරීක්ෂක


 



අදහස් (0)

ගනුදෙනු අවසානයේ රු . මිලියන 230 ක විදේශ වත්කම් රටින් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site