
රට තුළ කෙමෙන් වර්ධනය වන අංශ ලෙස හැඳින්විය හැකි ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ හා නිෂ්පාදන කටයුතුවලට විද්‍යාත්මක නිරවද්‍යතාව, ජාත්‍යන්තර ප්‍රමිති හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු මෙන්ම එකම ප්ලාස්ටික් පර්‌යේෂණ ආයතනය වශයෙන් GP Labs දියත් කරන බව එහි මූලිකත්වය ගත් GP Certified ආයතනය නිවේදනය කරයි.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය හා තිරසරභාවය පිළිබඳ ගෝලීය වශයෙන් අවධානයට ලක්ව ඇති මේ යුගයේදී, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් සඳහා විද්‍යාත්මක වලංගුභාවයක් නොමැතිකමින් අප රටේ ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්‍රයට අදාළ අංශ විශාල අභියෝගවලට මුහුණ දී සිටී.
GP Labs විසින් ඍජුවම මෙම ගැටලුවට විසඳුම් ලබාදෙමින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද මෙන්ම Virgin ප්ලාස්ටික් යන දෙවර්ගයම සඳහා පුළුල් පර්‌යේෂණ පහසුකම් සපයනු ලබයි. ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්‍රයේ නියැලෙන්නන්, ප්ලාස්ටික් නිෂ්පාදකයන් සහ වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) සන්නාමවලට මෙමඟින් සේවා රැසක් සැලසේ. ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක බව, සුරක්ෂිත බව හා පාරිසරික වශයෙන් හිතකාමී බව පිළිබඳ ඉහළම ප්‍රමිති GP Labs විසින් සහතික කෙරේ.
කොළඹ පිහිටා ඇති GP Labs වෙතින් සාමාන්‍ය, යාන්ත්‍රික මෙන්ම තාප හා රසායනික පර්‌යේෂණ ආදී පුළුල් පරාසයක සේවා සම්පාදනය කරනු ලබයි. ඒ සඳහා tensile strength (ASTM D638), melt flow rate (ASTM D1238), ash content, color analysis සහ oxidation induction time වැනි පරීක්ෂණ ද ඇතුලත් වේ. මෙහිදී pellets හෝ flakes මෙන්ම නිමි භාණ්ඩ ආකාරයෙන් ඇති PET, HDPE, LDPE, PP, PVCසහ PS වැනි ප්ලාස්ටික් වර්ග පරීක්ෂණයට ලක්කිරීම සඳහා අංගසම්පූර්ණ පහසුකම් මෙහිදී ලබාගත හැකිය.
ප්ලාස්ටික් සම්බන්ධ පරීක්ෂණවලට අමතරව GP Labs විසින් ගෘහස්ථ වායු පරික්ෂාවන්, නිෂ්පාදන කටයුතු සඳහා ජල පරික්ෂා ඇතුළු පාරිසරික අධීක්ෂණ සේවා සපයනු ලබයි. ආරක්ෂාකාරී හා තිරසර නිෂ්පාදන මෙහෙයුම් පවත්වාගෙන යන ආයතන සඳහා එය වැදගත් සේවාවකි.
වේගවත් සේවා පිරිනැමීම, ක්ෂණික ඩිජිටල් වාර්තා සැකසීම මෙන්ම ලාබදායී පැකේජ හඳුන්වාදීමෙන් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් නිෂ්පාදන සැකසුම් ක්‍රියාවලියේ ප්‍රමිතිය ඉහළ නැංවීම GP Labs හි අරමුණයි. ඒ තුළින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සමස්ත කර්මාන්තයේම වර්ධනයට ඉඩ සැලසෙනු ඇත. GP Labs ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණ සහ නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව සඳහා විශාල ඉදිරි පියවරක් බව GP Certified හි ප්‍රධාන තාක්ෂණික නිලධාරී යුගන්ත පෙරේරා මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
350
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුණාත්මක - තිරසර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකට ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් පර්‌යේෂණ ආයතනය ඇරඹේ