IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


කොළඹ වරායේ බහාලු‍ම් හැසිරවීමේ සියයට 6.7ක වර්ධනයක්

 මුල් මාස 09යේදී අඩි 20 බහාලු‍ම් ඒකක මිලියන 6.2ක් හැසිරවීමට සමත්වෙලා 


මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස 09 ක කාලය තුළදී කොළඹ වරාය මගින් අඩි 20 බහාලු‍ම් ඒකක මිලියන 6.2ක් හැසිරවීමට සමත්ව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ බහාලු‍ම් ඒකක මිලියන 5.8 හා සැසඳීමේදී සියයට 6.7 ක වර්ධනයකි.
මෙහිදී සැප්තැම්බර් මාසයේ දී සිදුකළ බහාලු‍ම් මෙහෙයුම් සංඛ්‍යාව ඒකක 742,116ක් ලෙස සටහන්ව ඇත. එය පසුගිය වසරේ සැප්තැම්බරයේ දී මෙහෙයවූ බහාලු‍ම් ඒකක 648,647 හා සැසඳීමේදී සියයට 14.4 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබෙන බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සටහන්ව තිබේ.
මේ අතර කොළඹ වරාය මගින් සිදුකළ ප්‍රතිනැව්ගත කිරීම් ද මෙම කාලසීමාවේදී බහාලු‍ම් ඒකක මිලියන 4.94ක් දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 4.8 ක වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අතරින් සැප්තැම්බර් මාසයේ දී එම ප්‍රතිනැව්ගත කිරීම් ඒකක 584,863ක් ලෙස සටහන්ව තිබේ. එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී සියයට 13.1 ක වර්ධනයක් වුවත්, මේ වසරේ අගෝස්තු මාසයේ බහාලු‍ම් ඒකක 592,413 හා සැසඳීමේදී සියයට සියයට 1.27 ක අඩුවීමකි.
මීට අමතරව මුල් මාස නවයේ දී කොළඹ වරාය තුළ සිදුකළ බහාලු‍ම් ප්‍රතිගබඩා කිරීමේ මෙහෙයුම් කැපී පෙනෙන වර්ධනයක් සටහන් කරමින් බහාලු‍ම් ඒකක 267,231ක් ලෙස සටහන්ව ඇත. එය පසුගිය වසරේ සිදුකළ එම මෙහෙයුම් ප්‍රමාණය හා සැසඳීමේදී සියයට 20ක වර්ධනයකි.

 



අදහස් (0)

කොළඹ වරායේ බහාලු‍ම් හැසිරවීමේ සියයට 6.7ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site