IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොළඹ වරායේ බහාලු‍ම් හැසිරවීම් ධාරිතාව සියයට 5.7කින් ඉහළට


මේ වසරේ මුල් මාස අටක කාලය තුළදී කොළඹ වරායේ බහාලු‍ම් හැසිරවීමේ ධාරිතාව අඩි 20ක විශාලත්වයක් සහිත බහාලු‍ම් මිලියන 5.43ක් බව වාර්තා වෙයි. 

මෙය පසුගිය වසරේ එම කාලසීමාව තුළදී හැසිරවුණු බහාලු‍ම් මිලියන 5.14 හා සැසඳීමේදී සියයට 5.7 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. වසරේ මුල් මාස අට තුළ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තාවක් තුළ මේ බව සඳහන්ව තිබේ. 

ඒ අනුව මෙම වසරේ එම කාලසීමාව තුළදී කොළඹ වරාය මගින් සිදු කළ බහාලු‍ම් නැව්ගත කිරීම් සංඛ්‍යාව මිලියන 4.35ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසරේ එම කාලසීමාවේ සිදුකළ බහාලු‍ම් මිලියන 4.19 හා සැසඳීමේදී සියයට 3.8 ක වර්ධනයකි. එසේම අභ්‍යන්තර බහාලු‍ම් හැසිරවීම්ද 2024 වසරේ සිදුකළ 754,834 හා සැසඳීමේදී මේ වසරේ එම කාලසීමාවේදී බහාලු‍ම් 858,324ක් දක්වා සියයට 13.7 කින් වර්ධනය වී තිබේ.



අදහස් (0)

කොළඹ වරායේ බහාලු‍ම් හැසිරවීම් ධාරිතාව සියයට 5.7කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site